Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අස්සනින් යුතුව තමන් වෙත ලැබී ඇති චෝදනා පත්‍රය සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඊයේ (28) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමාට එල්ලවී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවය. මහජන උපයෝගිතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා, “විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් අවුරුද්දක් තිස්සේ කියනවා මාව ඉවත් කිරීම සඳහා චෝදනා පත්‍රයක් එවනවා කියලා. මේ ඒ චෝදනා පත්‍රය පසුගිය සතියේ බදාදා ලැබුණා. මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයාගේ අස්සනින්. මේ චෝදනා පත්‍රයට පිළිතුරු දීමට සතියක කාලයක් ලබා දීලා තියෙනවා. ඒ කාලය හෙටින් අවසන් වෙනවා.…
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර අද (29) සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ සවස්වරුවේ එම බෙදාහැරීම් කටයුතු ආරම්භ කරන බවය. ආනයනය කරන ලද බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් බෙදා හැරීමට මීට පෙර තීරණය කෙරුණි. ඒ අනුව එම බිත්තර බේකරි නිෂ්පාදකයින් සඳහා රුපියල් 35ක මුදලකට අලෙවි කරනු ඇති. මේ අතර වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ මෙලෙස ආනයනය කරන ලද බිත්තරයක් ශීතකරණයේ දින 90ක කාලයක් කල්තබා ගත හැකි බවටය.
එළඹෙන ජුලි මාසය වනවිට සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සූර්ය බලයෙන් විදුලිය ලබාදීම සඳහා අවශ්‍ය මූලික අදියරේ වැඩකටයුතු ආරම්භ කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (28) පැවති සමස්ත ලංකා සිල් මාතා ජාතික මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ලියාපදිංචි ආගමික ස්ථානවලින් ඉල්ලා සිටියේ එතෙක් විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකිව බරපතළ ලෙස ප්‍රශ්න පවතී නම් තමා වෙත දන්වන ලෙසයි.
බස්නාහිර, සබරගමුව, ඌව, දකුණු සහ වයඹ පළාත්වලත් අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
පලෙයි, පොලිස් වසමේ ඒ – 9 මාර්ගයේ ඉන්ද්‍රාපුරම් ප්‍රදේශයේදී හිතාමතා කැබ් රථයකට යටකර ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (28) සවස් කාලයේදී එම සිද්ධිය වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. පෙර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් මරණකරු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු ඊයේ (28) සවස් කාලයේ අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරුගේ නිවසට ගොස් ඔහුට කඩුවකින් පහරදී තුවාල සිදුකර පළා ගොස් ඇත. එම පහරදීමෙන් තුවාල ලබූ කැබ් රථ රියදුරු පලෙයි පොලිස් ස්ථානයට පැමිණිලි කිරීම සඳහා කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහුට පහරදීම සිදුකළ පුද්ගලයින් මාර්ගයේ ගමන් කරනු දැක තිබේ. කැබ් රථයේ රියදුරු විසින් ඔවුන්ව කැබ් රථයෙන් යටකර නොනවත්වා පොලිස්…
බස්නාහිර පළාත තුළ සිදුකළ අහඹු වාහාන පරීක්ෂාවකින් පසු දුම් පරීක්ෂාව අසමත් වූ වාහන රැසක් හඳුනාගැනීමට හැකි වූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි වාහන වායු දත්ත වැඩසටහනේ අධ්‍යක්ෂ දසුන් ජනක මහතා පවසන්නේ, නියමිත කාලසීමාව තුළ කළු දුම පිටවීම නිවරදි කර නොගන්නා වාහන අසාදු ලේඛන ගත කරන බවය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “2023 පෙබරවාරි 1 වනදා ඉඳලා හෝමාගම, කොට්ටාව, බණ්ඩාරගම, අලුත්ගම, මතුගම, බේරුවල, ගුණසිංහපුර සහ බැස්ටියන් මාවතේ හැම මාසේම අන්තිමට කරා. ඒ වගේම කිරුළපන, ජාඇළ, නිට්ටඹුව ආදි වශයෙන් සමස්ත බස්නාහිර පළාතම ආවරණය වෙන විදියට වැඩසටහන කරලා වාහන 1,127ක් පරීක්ෂාවට ලක්කරා. ඩීසල් සහ පෙට්‍රල් වශයෙන්. එතැනින් සමත් වාහන 704ක් හඳුනාගත්තා.…
රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට ලද පැමිණිල්ලක් මත එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුනක් වයස අවුරුදු 33 හා 45 වයස්වල පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. එම සැකකරුන් ඊයේ (28) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැර තිබේ. පුත්තලම කොට්ඨස ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
රට තුළ ඉන්ධන බෙදාහැරීම සහ සැපයුම සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් එම සේවාවන් අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින් සහ එයට සහාය දුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණය කර ඇත. තවද ඔවුන්ට ඊයේ සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාපයක් වනු ඇත. අනෙක් සියලුම නිලධාරීන් සේවයට වාර්තාකර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ද…
හරිත ආර්ථිකයට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස මෙරටට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්ම හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ද ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගි වීමට මෙරටට පැමිණි ආයෝජකයින් සමග ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මෙරට ප්‍රධාන ගැටලු දෙකක් පවතින අතර ඉන් එකක් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ය. අනෙක් ප්‍රධාන ගැටලුව හරිත…
වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශගතවීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවය.
