Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණය විභාගය මාර්තු 25 වන දින පැවැත්වීමට නියමිතය. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එය සැලසුම් කර දීපව්‍යාප්ත මධ්‍යස්ථාන 341කදී පැවැත්වෙන බවය. එම පරීක්ෂණයේ විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශ පත්‍ර යැවීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු මේ වනවිට යොදා ඇත. පරීක්ෂණයේ ප්‍රතිඵල මත ජාතික සහ පළාත් පාසල්වල හිඟ ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය උපාධිධාරීන් ගණනය කර එම පුරප්පාඩු මත බඳවාගැනීම් සිදුකරනු ලැබේ. ඉන්පසු ඇති වන පුරප්පාඩු සඳහා පළාත් සභා මගින් වාර්ෂිකව උපාධිධාරීන් පළාත් පදනමින් බඳවා ගන්නා ක්‍රමවේදය අනුව බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජන බලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ යන අය විසින් පෙත්සම ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු තිස් පස්දෙනෙකු නම් කර තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු කාර්යමණ්ඩලවල නිවාඩු අද (14) සිට අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ. ඩී.එස්.ගුණසිංහ මහතා සඳහන් කළේ, දුම්රිය සේවාව අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා එම පියවර ගත් බවය. 2321/ අංක 7 දරණ රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව පසුගිය 27වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කරනු ලැබීය. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පණතේ දෙවන වගන්තිය ප්‍රකාරව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අද සිට අවලංගු කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී…
ඉදිරියේදී රාජ්‍ය ආදායම් ඉහළගියහොත් ප්‍රථමයෙන් සහන ලබාදීමට පියවර ගන්නේ රාජ්‍ය සේවකයින්ට බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශයක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, “රජයේ සේවකයින්ගෙන් සියයට 10ක් පමණයි මේ බද්දට යටත් වෙන්නේ. අනික් සියයට 90ක රාජ්‍ය සේවකයින්ට මේ බද්ද අදාළ වෙන්නේ නෑ. ඒ නිසා රජයේ ආදායම් මාර්ග ඉහළ ගියොත් මේ ඇතිකරපු ප්‍රතිසංස්කරණවලින් ප්‍රථමයෙන්ම සහන ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ රාජ්‍ය සේවකයින්ට. ඔවුන්ගේ දීමනා ආදිය බද්දට යටත්වීම පිළිබඳව වෙනම කමිටුවක් විසින් සළකාබලාගෙන යනවා.”
වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීමට හැකි රජයේ රෝහල් හඳුනාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් ඇතුළු කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ අනෙකුත් ප්‍රදේශවල පිහිටි විශ්වවිද්‍යාලට බඳවා ගන්නා ලද වෛද්‍ය සිසුන්ට බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු සිදුකිරීමට හැකි අවස්ථාවක් උදාකර දීමට එම පියවර ගෙන ඇත. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.
උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ මොහොතේ ආනයනකරුවන්ට අවාසියක් සිදුවුව ද එහි වාසිය මහජනතාවට ලබාදෙන ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින බවය. “මේ අවස්ථාවේ ආනයනයකරුවන් ට පාඩු තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ව්‍යාපාරිකයින්ට එහෙම තමා. ඒ නිසා ආනයනකරුවන් ඉදිරියට එන්න තියෙන භාණ්ඩ සඳහා මිල අඩුකරලා ඒ සහනය ලබාදෙනවා. මිල වැඩිවෙද්දි මේ තත්ත්වය වගේම මිල අඩුවෙද්දිත් මේ තත්ත්වයට මුහුණදෙන්න වෙනවා. නමුත් මේකෙ වාසිය අපි කියන්නේ, පාරිභෝගිකයාට දෙන්න ඕනේ කියලා. ඒ නිසා මේක ඍජුවම ආනයනය කරන්න නොදී අපිට වැඩි වාසියක් පාරිභෝගිකයාට ලබාදෙන විදියට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුවෙනවා. පහුගිය සුමානය දිහා බැලුවහම සීනි…
මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රූමත් දනුකා මධුවන්තිගේ ඝාතනයේ සොයාගැනීමට මඟ පෑදුණේ ගොයම් පැලයක් යැයි අස්ගිරිය පොලිසිය කියයි. දනුකා මරා කුඹුරක වළ දමා ඒ මත සිට වූ ගොයම් පැල දෙකක් පොලිස් නිල සුනඛ ‘‘ඒගල්ට‘‘ ඉව කිරීමට ලබා දීමෙන් පසුව ලබාදුන් හෝඩුවාවක් මත හමුදා සාමාජියකා අත්අඩංගවට ගැීමට හැකි වූ බව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය පවසයි. ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා මඩ ගොහොරු මැදින් කඳු හෙල් තරණය කරමින් කිලෝමීටර් හතරක පමණ අතිශය දුෂ්කර ගමනක් ගොස් නිවසට ඇතුළු වූ බව පොලිස් නිල සුනඛ කොට්ඨාශය වැඩිදුරටත් පවසයි. මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය පොලිස් කොස්තාපල් බී ජී ජයරත්න42320මහතා පොලිස්…
ශ්‍රී ලාංකිකයින් ලක්ෂයකට පමණ රැකියා අවස්ථා ලබාදීමට මැලේසියානු රජය එකගතාව පළ කර තිබෙනවා. එම එකගතාව පළ කර ඇත්තේ මැලේසියාවේ නිල සංචාරයක නිරත විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර සහ එරට ස්වදේශ කටයුතු අමාත්‍ය සෆුදින් බින් ස්මයිල් අතර පැවැති සාකච්ඡාවකදීයි. ඒ අනුව නේපාලයට පමණක් දැනට ලබාදෙන ආරක්ෂණ සේවා සඳහා ශ්‍රී ලංකාවට ද අවස්ථාවක් ලබාදීමටයි මැලේසියානු බලධාරීන් එකගතාව පළ කර ඇත්තේ. එම සාකච්ඡාවට මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුමංගල ඩයස් ද එක්ව තිබෙනවා.
අඛණ්ඩ වර්ජනයක් සදහා තමන්ගේ කැමැත්තක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි.ලාල්කාන්ත මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ 15 වැනිදා වර්ජනයට එකඟ වුව ද මේ මොහොතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ජනයක් සම්බන්ධයෙන් එකඟතාවයක් පළකර නොමැති බවය.
15 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කළද එයින් කිසිදු ඵලයක් නොලැබෙන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. වෘත්තීය සමිති රැසක් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැහැදිලි කළේය. 15 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළද රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිසිවක කිසිදු වෙනසක් සිදුනොවන බව ද ඔහු ප්‍රකාශ කළේය. රට ගැන සිතමින් තවත් මාස 08ක පමණ කාලයක් පවතින ගැටලුකාරී තත්ත්වය ඉවසා සිටියහොත් සාධනීය තත්ත්වයකට රට ගෙන යා හැකි බවත් එසේ නොවුනහොත් සියලුමදෙනා දැඩි අපහසුතාවයකට පත්විය හැකි බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
