Author: LANKA24X7

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කරන බව රජය ඊයේ (17) නිවේදනය කළේය. ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුරුවරුන් 12,500කගේ සියලු මාරුවීම් අහෝසි වනු ඇති බව එම වාර්තාවල සඳහන්ය. කෙසේවෙතත් ගුරු මාරු මණ්ඩලයේ සාමාජික පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් පවසන්නේ නව පාසල් වාරය ආරම්භයෙන් පසු ලබන 28 වනදා වනවිට සියලු ගුරු මාරුවීම් එලෙසම ක්‍රියාත්මක වන බවය. “මේක අසත්‍ය ප්‍රකාශයක්. මේ වසර 5 ඇතුළත මේ ස්ථාන මාරු කිරීම් නිසා කිසිම පාසලක දරුවන්ගේ අධ්‍යාපනය පහළ වැටීමක් සිදුවෙලා නැහැ. සුපිරි පන්තියේ විදුහල්පතිවරු කිහිපදෙනෙක්… 21 දෙනෙක් මේ මාරුවලට විරුද්ධව ඉන්නවා. පරිපාලනය…

Read More

2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිසමට භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය එම කොමිසමට දැනුම් දී තිබේ. මේ වනවිට දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් නමුත් ඒවා යළි පරීක්ෂා කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදුකළ යුතු වුවද ඒ සඳහා මේ වනතෙක් මුදල් ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේය. ඡන්ද ප්‍රතිකා මුද්‍රණය සඳහා මේ වනවිට රුපියල් කෝටි 20ක මුදලක් වැයවී ඇති අතර මේ දක්වා කොමිසමට ලැබී ඇත්තේ රුපියල් කෝටි 4ක මුදලක් පමණක් බවද මුද්‍රණාලයාධිපතිනිය පැවසුවාය. මේ දක්වා වැය වූ මුදල් නොලැබීම හේතුවෙන්…

Read More

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ගැන විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වීමට නියමිතව තිබේ. රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී එදින පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. මේ සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරු සහ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් සහභාගි වන බව වාර්තා වේ.

Read More

අඟුරුවාතොට බටගොඩ හන්දියේ දී ඊයේ (17) රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වීමෙන් අයෙක් මියගොස් තවත් 5දෙනෙක් රෝහල් ගත කර තිබේ. මියගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර බටගොඩ වෙල්යායක තිබී අද අලුයම සොයාගත් බව පොලීසිය පැවසීය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ බටගොඩ යටවර ප්‍රදේශයේ පදිංචිව සිටී මංගල ප්‍රේමවර්ධන නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධියෙන් තුවාල ලැබූ දෙපිරිසේම පුද්ගලයන් පස්දෙනෙකු කොළඹ, නාගොඩ හා හොරණ රෝහල් වල ප්‍රතිකාර ලබයි. බටගොඩ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් බටගොඩ හන්දියේ දී මෙම ගැටුම හටගෙන තිබූ බව පොලීසිය කීය. සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. අඟුරුවාතොට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read More

ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැතිරයාමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි. රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කළේ ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත වෙළෙඳසැල්වලින් ලබාගත් ආහාර සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කළ බවය. රෝගය වැළඳුණු කාන්තාවක් රත්නපුර මහ රෝහලේදී පසුගියදා මියයාමත් සමග මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල අවධානය යොමුවිය. උණ, වමනය, හිසරදය, පාචනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය අපවිත්‍ර ආහාර මගින් බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් වැළඳෙන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළේය. ඒ අනුව ශ්‍රීපාද මාර්ගයේ උඩ මළුව දක්වා මාර්ගවල වෙළෙඳසැල් විශේෂ පරීක්ෂාවකට ලක් කර ආහාර සාම්පල ලබා ගැනීම ආරම්භ කර තිබුණි. වෛද්‍ය…

Read More

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණ කටයුතු වලින් රාජ්‍ය සේවකයින් බැහැරවී සිටීම කනගාටුදායක තත්ත්වයක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. හම්බන්තොට ප්‍රදේශයේ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මෙම සමීක්ෂණ සිදුකිරීම රාජ්‍ය සේවකයිනගේ වගකීමක් බවය. මේ අතර සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණ මේ මස 31වන දිනෙන් අවසන් වන බැවින් නිලධාරීන් වෙත කඩිනමින් නිවැරදි දත්ත ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යංශය අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මුදල් අමාත්‍යංශය සඳහන් කළේ මේ වන විට ලැබී ඇති අයදුම්පත් ලක්ෂ 37ක් අතරින් ලක්ෂ 11කගේ පමණ තොරතුරු තහවුරු කර අවසන් බවය. දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලද අයදුම්පත් ලක්ෂ 37ක, සුබසාධක දීමනා ලබාදීමට සුදුසුකම්…

Read More

කාන්තාවන් තිදෙනෙකු ගෙලසිරකර ඝාතනය කර දේපළ කොල්ල කෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයෙකු ඇල්පිටිය අවිත්තාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශය අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි යගිරල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී කොල්ලකන ලද රන්මාලයක්, කරාබු ජෝඩු 03ක්, ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් මතුගම, කළුතර සහ ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණ වලද නඩු පවතින බව අනාවරණය වී ඇත.

Read More

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට (19) දිවයිනට ළඟා වනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ බිත්තර මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවය. පවතින බිත්තර හිඟය අවම කිරීම සහ මිල පාලනය කිරීමේ අරමුණින් රජය විසින් බිත්තර ආනයනය කිරීමට තීරණය කරනු ලැබීය. රාජ්‍ය වාණිජ විවිධ නීතීගත සංස්ථාව සඳහන් කළේ අදාළ බිත්තර තොගය බේකරි කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිතව ඇති බවය. රුපියල් 40ක් හෝ ඊට අඩු මිලකට එම බිත්තර බේකරි කර්මාන්තකරුවන් වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධව මාර්ගෝපදේශන මාලාවක් වහාම සකස් කරන ලෙසට සත්ත්ව නිෂ්පාදන…

Read More

රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීම පිළිබඳව නිල වශයෙන් තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡාවක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පත්තඩුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්රී අනුනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් රටපුරා බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සැලසුම්කර ඇති අතර ඒ සඳහා ජාතික තලයේ මෙන්ම දිස්ත්‍රි හා ප්‍රාදේශීය මට්ටමේ ආයතන සමඟද ඒකාබද්ධ වෙමින් කටයුතු කරන බව වැඩ සටහන පිළිබඳව පැහැදිලි කළ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා එහිදී සඳහන් කළේ ය. වෙසක් පුර්ව වැඩසටහන්,වෙසක් සතිය තුළ ක්‍රියාත්මක රාජ්‍ය වෙසක් දින උත්සවය හා වෙසක්…

Read More

පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2023 ජනවාරි මාසයට අදාළ පෝෂණ මුදල් වශයෙන් රුපියල් මිලියන 814 ඉක්මවූ අත්තිකාරම් මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට මුදා හැර ඇත. තව ද සහල්, පරිප්පු සහ සැමන් මෙන් ම ආහාර පිසීමට ගන්නා තෙල් ද ලෝක ආහාර වැඩසටහන හා ඇමරිකානු ආධාර යටතේ ප්‍රදානය කෙරී ඇති අතර සතියේ දින පහේ ම දරුවන්ට ලබා දෙන ආහාර වට්ටෝරු සඳහා බත් ඇතුළත් කර ඇත. මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක සංඛ්‍යාව, ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කිරීමටත් ඒ අනුව සමස්ත පාසල් දරුවන්ගෙන් 51%ක් සඳහා දිවා ආහාර සැපයීමටත් කටයුතු යොදා ඇත. සියලු ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මෙම තොරතුරු…

Read More