Author: LANKA24X7

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්නා වෙනුවෙන් නීතිඥවරයෙකු ලෙස නීතිඥ සාලිය පීරිස් මහතා ඉදිරිපත්වීමට විරෝධය දක්වමිනි. විරෝධතාකරුවන් පවසන්නේ, ‘හරක් කටා’ නමැති මෙම අපරාධකරුවා විසින් සිය ඥාතීන් ඝාතනය කර ඇති බවය. ඒ, වෙනුවෙන් තමන්ට පොලීසියෙන් හෝ නීති මාර්ගයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් හිමිවී නොමැති බවද විරෝධතාකරුවන් පෙන්වා දෙයි. එවැනි තත්ත්වයකදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ‘හරක් කටා’ වෙනුවෙන් ඉදිරිපත්වීම යුක්තිසහගත නොවන බවට විරෝධතාකරුවන් චෝදනා කරයි. නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ පුද්ගල ඝාතන 5ක්, කොල්ලකෑම් 6ක් සහ මහ පරිමාණයෙන්…

Read More

ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදය හමුවේද මෙරට බැංකු පද්ධති ස්ථාවරව පවත්වා ගැනීමට හැකියාව ලැබුණු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “ඔබ සැම දන්නවා නූතන ව්‍යාපාරික ලෝකයේ බැංකුකරණය වඩාත් අභියෝගකාරී මෙහෙයුමක් බව. නූතන බැංකුකරණයේදී එම අභියෝග විවිධාකාරයි. අමෙරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපයේ වුවත්, ලොව පුරා අපට දිනපතා අසන්නට ලැබෙනවා බැංකු පද්ධති මුහුණදෙන අභියෝග ගැන.මේ නිසයි අපේ වාණිජ බැංකු වුවත් ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි ආකාරයෙන් යම් ඉඩක් තබා සූදානම් විය යුත්තේ. ද්‍රවශීලීතාව, ප්‍රාග්ධනය සහ කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව…

Read More

අමානුෂික ලෙස තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ අත්දෙක කපා රැගෙන ගිය පුද්ගලයා අද අධිකරණය වෙත භාරවී තිබේ. අප වාර්තාකරු පැවසුවේ සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වූ බවය. සැකකරු විසින් පසුගිය 21 වනදා මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලකින් පසු පළිගැනීම සඳහා මෙලෙස අදාළ පුද්ගලයාගේ අත්දෙක කපා රැගෙන ගොස් තිබුණි. එම පහරදීමෙන් අනතුරුව පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ දෙඅත් මැණික් කටුව ප්‍රදේශයෙන් කපා ඉවත්කොට රැගෙන ගොස් තිබේ. මෙම පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 40ක එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඔහු මීට පෙර ද පුද්ගලයෙකුගේ අතක් වෙන් වනසේ කපා දැමුව ද එය පසුව රෝහලේදී බද්ද කිරීම හේතුවෙන් මෙම පුද්ගලයාගේ දෙඅත් කපා එම කොටස් රැගෙන…

Read More

ලංකා සතොස මගින් තවත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල අඩුකළ බව එම ආයතනය නිවේදනය කළේය. වියළි මිරිස් කිලෝ එකක් රු: 1,380 (අඩුකිරීම රු: 120) සුදු ළුණු කිලෝ එකක් රු: 450 (අඩුකිරීම රු: 25) හාල්මැස්සෝ කිලෝ එකක් රු: 1,100 (අඩුකිරීම රු: 25) කඩල කිලෝ එකක් රු: 555 (අඩුකිරීම රු: 15) සම්බා සහල් දේශීය කිලෝ එකක් රු: 199 (අඩුකිරීම රු: 11) ටින් මාළු ග්‍රෑම් 425 රු: 520 (අඩුකිරීම රු: 10) ලොකු ළුණු කිලෝ එකක් රු: 119 (අඩුකිරීම රු: 10) අර්තාපල් අල (දේශීය) කිලෝ එකක් රු: 270 (අඩුකිරීම රු: 10) සුදු සීනි කිලෝ එකක්…

Read More

ගංජා අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පලෙයි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකි. සුරාබදු දෙපාර්තමේන්තුව කළ වැටලීමකදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සොයාගැනීමට සමත්ව ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

Read More

රට ගොඩ ගත හැක්කේ සියලු පක්‍ෂ එක්ව දූෂිතයන්, වංචාකාරයන්, පවුල්වාදය නැති පිරිසිඳු මිනිස්සුගෙන් යුත් ආණ්ඩුවක් ගොඩනැගීමෙන් පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. තමන් සර්වපාක්ෂික ආණ්ඩුවක් යෝජනා කරන්නේ රට වෙනුවෙන් මිස ජනාධිපති අගමැති තනතුරු බලාපොරොත්තුවෙන් නොවන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ වන විට රට තිබෙන්නේ ගිනි කන්දක් උඩ බවත්, එය නිවාගෙන සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමට රජය මැදිහත්විය යුතු බවත් හෙතෙම කීවේය. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ජත්‍යන්තර මුල්‍ය අරමුදලින් මුදල් ලැබීම ගැන සම්පූර්ණ ගෞරවය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ලබාදෙන බව කී සිරිසේන මහතා,…

Read More

පාකිස්තානයට තවදුරටත් ණය ලබාදීම සෞදි අරාබිය ප්‍රතික්ෂේප කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් සෞදි අරාබිය පාකිස්තානයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ අපේක්ෂා කරන බවය. පාකිස්තානය IMF ණය සහනය වෙනුවෙන් සෞදි අරාබිය ඇතුළුව ගල්ෆ් කලාපීය රටවල් 03 කින් සහාය අපේක්ෂා කරමින් සිටින පසුබිමක විදෙස් මාධ්‍ය මෙම පුවත වාර්තා කර තිබේ. පවතින තත්ත්වය අනුව ඉදිරි වසර තුනහමාරක පමණ කාලයක් තුළ පාකිස්තානය ජාත්‍යන්තර ණයහිමියන් වෙත ඩොලර් බිලියන 80ක පමණ මුදලක් ආපසු ගෙවිය යුතුව ඇතැයි ද වාර්තා වෙයි. එහෙත් මේ වනවිට පාකිස්තානය සතුව පවතින විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණක් බවද වාර්තා වෙයි. එවන් පසුබිමක් තුළ පාකිස්තානයට…

Read More

දේශීය වෙළෙඳපොළේ පොහොර මිල අඩුකිරීමට පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අදාළ සමාගම් විසින් තමන්ට දැනුම්දීමක් සිදුකළ බවය. ඒ අනුව යූරියා කිලෝ 50ක මිටියක මිල රුපියල් 18,500 සිට රුපියල් 11,000 දක්වා අඩුකිරීමට නියමිතය.

Read More

එළඹෙන අප්‍රෙල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම, පෙර ප්‍රකාශයට පත් කර තිබූ දිනවලදී සිදු නොකෙරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි. ඒ අනුව මාර්තු 28, 29, 30, 31 හා අප්‍රේල් 03 යන දිනවලදී සිදුකිරීමට සැලසුම් කර තිබූ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු එදින සිදු නොකෙරෙනු ඇති. මීට අමතරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඉදිරි කාලයේ තීරණයකට එළඹෙනු ඇති බවද කොමිසම නිවේදනය කරයි.

Read More

2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අවසන් කිරීම හා 2023 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, 2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ) තෙවන වාරය 2023 මාර්තු මස 24 සිකුරාදායින් අවසන් කෙරෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙන්නේ 2023 වර්ෂයේ පළමු පාසල් වාරය 2023 මාර්තු 27 සඳුදා දින ආරම්භවීමට නියමිත බවය.

Read More