Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නතරකර තිබූ දුම්රියක වැසිකිළියක් තුළ දමා ගිය බිළිඳාගේ මව්පියන් සොයාගෙන තිබේ. 26 හැවිරිදි අවිවාහක යුවළක් වන ඔවුන් දෙදෙනාව බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඊයේ (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ දමා ගොස් සිටි මෙම බිළිඳා, මගීන් සහ දුම්රිය බලධාරීන් විසින් සොයාගෙන තිබුණි. පසුව බිළිදාගේ මව්පියන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව ලැබුණු තොරතුරක් අනුව මොවුන් සොයාගෙන ඇත. සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචිවීමෙන් පසු ඇයව ද ගෙන්වාගෙන කොළඹ ප්‍රදේශයේ නතර කරගැනීමට ඔහු…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. අද දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවි ලකුණු 83ක් රැස්කරගෙන සිටියේය. තරගයේ තුන්වන දිනය වූ අද දිනය ආරම්භ කරන විට නවසීලන්තය සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 162කි. ඩැරල් මිචෙල් සහ මැට් හෙන්රි ඇතුළු මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් අද දිනයේ නවසීලන්ත ඉනිමට තවත් ලකුණු 211ක් එක්කළේ බිඳවැටී තිබූ නවසීලන්ත ඉනිම ශක්තිමත් කරමිනි. එහිදී ඩැරල් මිචෙල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පස්වන ටෙස්ට් ශතකය අද වාර්තා කළේය. ඩැරල් මිචෙල් ලකුණු 102කි.…
මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරු යායක මඩ වගුරක ඔබා තිබූ තරුණියකගේ මළසිරුරක් අද (11) පෙරවරුවේ සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් තිබුණේ 26 හැවිරිදි තරුණියකි. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය තරුණියගේ මව, “දොර අරිනකොට දුව හිටියේ නැහැ. පොඩි දුව පෙන්නුවා සපත්තු දෙකේ පස් කියලා. මං ගිහින් අහල පහල අයට කිව්වා. පොලීසියටත් ගියා. හොයලා බලනකොට එක්කෙනෙක් කිව්වා මෙන්න ඉන්නවා කියලා. මං හිතුවේ ඉන්නවා කියලා. මඩ වගුරක දාලා.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන සිවිල් සමාජයේ පුද්ගලයකු පත්කිරීමට එම පක්ෂයේ ඉහළ අවධානය යොමුවී ඇත. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි පුද්ගලයකු පත් කිරීමට වැඩි ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බවයි. මෙයට අමතරව සභාපතිධුරය සඳහා තවත් නාමයෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇතැයි ඔහු සඳහන් කළේය. සභාපති ධූරය තව නොබෝ දිනකින් පිරවෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ අතර මහාචාර්ය ජී එල් පීරිස් මහතා පක්ෂය හැර ගිය සෙසු කිසිවකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු තනතුරක් නොදැරූ බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.
පේරාදෙණිය ගන්නෝරුව කන්ද ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි චීවරධාරීන් දෙදෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලෙීසිය පැවසුවේ ඔවුන් සතුව තිබී කැනීම් සඳහා යොදාගත් උපකරණද සිය භාරයට ගත් බවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 සහ 58 හැවිරිදි ගන්නෝරුව ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරදාරීන් දෙදෙනෙකි. සැකකරුවන් මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ෂණ ආරම්භ කර තිබේ.
කොරෝනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරකයන් පිරිස දිවයිනට පැමිණ තිබේ. 181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකයන් පිරිස දින 07 ක කාලයක් මෙරට සංචාරය කිරීමට නියමිතය. චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. 231 දරණ ගුවන්යානයෙන් ඊයේ (10) පස්වරු 06.51 ට කටුනායක ගුවන්තොටුපොළට එම පිරිස පැමිණි බව අප වාර්තාකරු පැවසීය. ඔවුන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. සෑම සතියකම චීනයේ ෂැංහයි සහ කුංමිං ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සිට චීන සංචාරකයන් රැගත් ගුවන් ගමන් වාර 06 ක් චයිනා ඊස්ටන් ගුවන් සේවයේ…
ඉන්දීය ජාතිකයෙකු ඇතුළු පස්දෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා මුම්බායි වෙත රත්‍රං කිලෝග්‍රෑම් 10.5ක් රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ දී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවය.
ඉන්දීය සම්භවයක් සහිත Vedant Patel අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අන්තර්වාර මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, වත්මන් මාධ්‍ය ප්‍රකාශක Ned Price මෙම මාසයේදී එම තනතුරට සමුදීමට නියමිතව ඇති පසුබිමකය. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඔහු මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවත් වුවද අමෙරිකානු රාජ්‍ය ලේකම් යටතේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරනු ඇති බවය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් වී ඇත්තේ මන්ත්‍රීවරුන් 8,000කගේ වියදම ආණ්ඩුවට දරාගැනීමට ඇති නොහැකියාව නම් ඊට විසඳුමක් දියහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය එකඟ නම් මෙවර පත්වන මන්ත්‍රීවරුන්ගේ දීමනාව අඩකින් හෝ 75%කින් අඩු කිරීමට යෝජනාවක් ගෙනඒමට තමන් සූදානම් බවය. “මේ බය ඡන්දෙට නෙමෙයි. ඡන්ද ප්‍රතිඵලයට. දැන් කියනවා මේ මන්ත්‍රීවරු 8,000ක් වැඩියි. මන්ත්‍රීවරු 8,000කට ඇයි පඩි ගෙවන්නේ.. ඔව් ඒක තමයි ඡන්ද ක්‍රමයේ තියෙන්නේ. ඒක 2018 හැදුවේ. දැන් අවුරුදු 5ක් ගතවෙලා තියෙනවා. අවුරුදු 5ක් ගතවෙලා මේ ඡන්ද ක්‍රමය වෙනස් කරගන්න බැරි වුණා නම්..මේ ඡන්ද ක්‍රමයේ වැඩි මන්ත්‍රීවරු සංඛ්‍යාව උපයෝගී කරගෙන තියෙන්නේ ඡන්දෙ කල්දැමීමේ…
වයස අවුරුදු එකහමාරක පමණ දැරියකට කෘෘර වධහිංසා සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකාර පියාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන බකමූණ අතරගල්ලෑව ගමඇල ප්‍රදේශයේ පදිංචි මහේෂ් රොහාන් නමැති අයෙකි. සැකකරුව ඊයේ (10) හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා එලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත. දැරියගේ ආරක්ෂාව සඳහා දැරියව ඇයගේ මිත්තනිය වෙත භාරදී ඇති බවද බකමූණ පොලීසිය පැවසීය.
