Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අන්‍යෝන්‍ය තීරුබදු මත ඊයේ (09) සිට දින 90ක විරාමය ධනාත්මක බලපෑමක් ඇති කර ඇති අතර බොහෝ ගනුදෙනුකරුවන්ගේ ඇණවුම් නැවත ආරම්භ කර ඇත. නමුත් කර්මාන්ත දින 90න් ඔබ්බට සහ ඔවුන්ගේ ව්‍යාපාර සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විකල්ප සොයමින් සිටී. ශ්‍රී ලංකාව මත පනවා ඇති එක්සත් ජනපද නව තීරුබදු හේතුවෙන් ඇති වන දුෂ්කරතා අවම කිරීම සඳහා විකල්ප උපාය මාර්ග සෙවීම සඳහා විවෘත සංවාදයකට විවෘත වන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා මෙරට ප්‍රධාන අපනයන කර්මාන්තවල නිරතව සිටින ප්‍රමුඛතම අපනයනකරුවන් 50 දෙනාටම ආරාධනා කළේය. අමෙරිකානු වෙළෙඳපොළ වෙත අපනයනය සිදුකරන අපනයනකරුවන් සමග ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී අද (10) පැවති රැස්වීමකදී මෙම…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.13ක් හා විකුණුම් මිල රු. 303.2ක් ලෙසින් සටහන්ව ඇත. මේ අතර අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 301.20ක් ලෙසින් වාර්තා වී තිබේ. 2024 සැප්තැම්බර් 27 දිනෙන් පසු ඩොලරයේ අගය රු. 300 සීමාව ඉක්මවා ගිය පළමු දිනය අද දිනය වේ. එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Spot Exchange Rate) යනු පෙර දිනයේ දී / ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදුකරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය…
දෙස් විදෙස් සැදැහැවතුන්ට ඉතා අභිමානවත් ලෙස පහසුකම් සහිතව ශ්‍රී දළදා වහන්සේ වන්දනා කරගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පවසයි. ”සිරි දළදා වන්දනාව” සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දළදා ප්‍රදර්ශනය අප්‍රේල් මාසයේ 18 වනදා සිට 28 වනදා දක්වා දින දහයක් පුරා පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්, ලලිත් ඇටම්පාවල මහතා, “පෝලිම් තුනකින් අපි ජනතාව එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. වැව රවුම වටේ පෝලිම් දෙකක් සහ ඩී.එස් සේනානායක වීථිය ඔස්සේ තව පෝලිමක්.…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.
බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ.
අධිවේගී මාර්ගවල ගමන් කිරිම සඳහා කාඩ්පත් මඟින් ගණුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල දී මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව සඳහන්ය. ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා debit සහ credit කාඩ්පත් මෙන්ම කිව්.ආර්.කේත මඟින් ගෙවීම් කටයුතු සිදුකිරීමට හැකියාව හිමි වනු ඇත. මෙම නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මැයි මාසයේ සිට මෙරට සියලු අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදුකිරිමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා – ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා තේරී පත් විය. ශ්‍රී ලංකා-ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කිරීමේ රැස්වීම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය මෙහි ආරාධිතාව ලෙස සහභාගී වූවාය. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා ශ්‍රී ලංකා-ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස තේරී පත් විය.
“ඔබතුමා මුදල් අමාත්‍යාංශයෙ වැඩේ කරගෙන යන්න. මම මගේ වැඩේ කරගෙන යන්නම්. මගේ වැඩ වලට ඇඟිලි ගහන්න අවශ්‍ය නෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔක්කොම එකතුවෙලා මාව සභාපති පුටුවෙන් පන්නලා දාන්න යැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති සහ සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(9) පැවසීය. මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුත්තක් සම්බන්ධයෙන් කරුණු දැක්වූ අවස්ථාවේදීය. හර්ෂද සිල්වා මහතා මෙසේද පැවසීය අපිට චෝදනා කරන්න එපා. මම සභාපති විදිහට ඒ වැඩේ හරියට ඉෂ්ට කරගෙන යනවා. සිංගප්පූරු ගිවිසුමට එදා එකඟ වුණේ නෑ.ඕගොල්ලන් එදා ඒක අනුමත කළේ…
චීනය සහ ඇමෙරිකාව අතර ආරම්භ වී ඇති වෙළෙඳ යුද්ධය තවත් දරුණු කරමින්, ඇමෙරිකාවට චීනයෙන් ලැබෙන භාණ්ඩ සඳහා පනවන තීරු බද්ද සියයට 104 දක්වා ඉහළ දැමීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට පළිගැනීමක් ලෙස චීනය සිය රටට ගෙන්වන ඇමෙරිකානු භාණ්ඩ සඳහා පනවන තීරු බද්ද සියයට 84 දක්වා ඉහළ නැංවීමට අද කටයුතු කළේය. එසේම ඉන් නොනැවතුණු චීනය ඇමරිකානු සමාගම් හයක් විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට එකතු කිරීමටත්, තවත් සමාගම් 12 අපනයන පාලන ලැයිස්තුවට එකතු කිරීමටත් කටයුතු කළේය. එලෙස එක් කළ ඇමෙරිකානු සමාගම් මොනවාදැයි ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ චීනය නම් වශයෙන් නිවේදනය නොකළ අතර එරට නීතිය අනුව චීන සමාගම් වලට ලැයිස්තුවට එකතු කළ සමාගම් සමග…
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රාජකාරි කළ වාහනය වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයට වඩා රුපියල් දස ලක්ෂ හැට තුන්දාස් නමසිය අසූ අටක ඉන්ධන තොගයක් භාවිතා කර, අධිකාරියට සිදුකර ඇති මූල්‍යමය අලාභය අභ්‍යන්තර විගණනයකින් හෙළි වී තිබියදි පරිවාස කාලය අවසන් වීමෙන් පසු ඔහුගේ සේවය ස්ථිර කරන බවට, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන ඇති තීරණයට මහවැලි ආරක්ෂක නිලධාරීහු දැඩි විරෝධයක් එල්ල කරති. 2023 මාර්තු 23 වෙනිදා සිදු කරන ලද විගණන විමසුම් වාර්තාවට අදාළව කරන ලද මූලික විමර්ශන වාර්තාවට අනුව ඔහු එම කාලය තුළන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නිල රථයට ලබාදෙන ඉන්ධනවලට…