Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය සැපු්තැමබර් මස කළ යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය මෙම මස තුන්වැනි සතියේ නිවේදනය කරන බවත් එම නිවේදනය මෙම මස 15 වැනිදා කිරීමට වැඩි අවස්ථාවක් ඇති බවත් එම කොමිෂමේ උසස් නිලධාරියෙක් මාධ්‍යට ඊයේ (3) පැවසීය. එම විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව වන ක්‍රියාවලියේ මහජන අදහස් විමසීම මේ වන විට ක්‍රියාත්මක වන බවත් එහි අවසන් සැසිය වන බස්නාහිර පළාත් රැස්වීම මෙම මස 8 වැනිදා පැවැත්වීමෙන් පසුව ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තිරණය ගන්නා බවත් එම නිලධාරියා සඳහන් කළේය. මෙම ගාස්තු සංශෝධනයේදී විදුලිබල පනතට සහ විදුලි ගාස්තු මිල සූත්‍රයට අනුව කටයුතු කරන බව…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දී තිබූ වෙඩි නොවදින රථයද අද බාර දුන් බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය. මේ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ පාවිච්චියට මේ වනවිට එකම වාහනයක් හෝ නොමැත හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරිණ. මේ අනුව හිටපු ජනාධිපති වරුන්ගේ විශ්‍රාම වැටුප හැර අනෙකුත් සියලුම පහසුකම් අහිමි වී ගියේය. එසේම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳගේ විශ්‍රාම වැටුප මෙන්ම අනෙකුත් සියලුම පහසුකම්ද අහිමිවී ගොස් අැත හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඹහු පදිංචිව සිටි කොළඹ විජේරාම මාවතේ රජයේ…
බයිසිකල් පැදීමට රැගෙන ගිය තුන් හැවිරිදි දැරියට බරපතල ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනාවන්ට වරදකරු කරු කළ 36 හැවිරිදි දැරියගේ මාමාට වසර 12 බරපතල වැඩ සහිත සිර දඬුවමක් හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (03) නියම කළේය. දැනට වයස අවුරුදු 46 වන හෝකන්දර උපදිංචි එක්දරු පියකුට මෙම සිර දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් 25000ක දඩයක්ද නියම කළේය. වයස අවුරුදු 3 නේදී අපයෝජනයට ලක්ව දැනට 13 වීයැති අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් නියම කළ අතර එම දඩ හා වන්ඳි නොගෙවන්නේ නම් වසර එකහමාරක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් හිම විය හිමි විය යුතුබවටද නියෝග කෙරිණි. පැමිණිල්ල සාධාරණ සැකයින් ඔබ්බට ඔප්පු…
මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙහි ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සහ පොලිසිය එක්ව අද දිස්ත්‍රික්කය තුළ රථවාහන දෝෂ පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් සිදු කළ අතර අඩුපාඩු සහිත වාහන 33 කට තහනම් නියෝග නිකුත් කළේය. බැලුම්මහර, වත්තල, මාබෝල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලදී මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණු අතර අහඹු ලෙස පරීක්ෂාවට ලක් කළ සිසු ප්‍රවාහන වාහන , මගී ප්‍රවාහන බස් රථ ඇතුලු බර වාහන 231ක් අතුරින් මෙලෙස 33 ක් මාර්ගයේ ධාවනය කිරීම තහනම් කිරීමටත් , වාහන 145 ක පැවති අඩුපාඩු සකස්කර දින 10 ක් තුල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයෙහි මෝටර් රථ පරීක්ෂකවරුන් වෙත පරීක්ෂාවට ඉදිරිපත් කිරීමටත්…
පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ තවත් පුද්ගලයින් 13දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම මෙහෙයුමේදී පුද්ගලයින් 28,140 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය. පොලීසිය වැඩිදුරටත් පැවසුවේ විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 626 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 246 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. ඊට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 54 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
පිළිකාව යනු මිනිස් ජීවිතයේ පැවැත්මට දැඩි තර්ජනයක් එක්කර තිබෙන රෝගී තත්ත්වයකි. එම නිසාම ඊට එරෙහිව ප්‍රතිකාර සෙවීමට මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී තිබේ. එවැනි පසුබිමක පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් සොයාගැනීමට කොළඹ සරසවියේ ජෛව රසායන, අණුක ජීවවිද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත්වී තිබේ. මිනිස් ශරීරයේ කොටසක අසාමාන්‍ය සෛල පාලනයකින් තොරව වර්ධනයවීම පිළිකාවක් ලෙස හැඳින්වෙන අතර එය මුල් අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් මරණය පවා ගෙනදිය හැකිය. ගෝලීය වශයෙන් ගත්කළ වසරකට මිලියන 10කට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් පිළිකාව හේතුවෙන් මරණයට පත්වන අතර ශ්‍රී ලංකාවේ වසරකට පිළිකාව හේතුවෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව 15,000 ත් – 20,000ත් අතර වෙයි. මෙම තත්ත්වය හමුවේ ගෝලීය වශයෙන් මෙන්ම දේශියවද…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම විමසීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම ඇප ඉල්ලීම අද (03) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය විසින් මෙම පෙත්සමට අදාළ ලිඛිත විරෝධතා අධිකරණයට ඉදිරිපත් කළාය. එහිදී මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය ඉල්ලා සිටියේ, මෙම විරෝධතාවලට පිළිතුරු ගොනුකිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය. ඒ අනුව එම ලිඛිත…
දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 22,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. අද පෙරවරු 09.35ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ අතික්‍රමණය කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණ. ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,017.56ක් ලෙසින් සටහන්ව තිබුණි.
වර්තමානයේදී පළාත් සභා මැතිවරණය අවශ්‍ය බව පවසන්නේ පවතින ආණ්ඩුවට එරෙහිව ජනමතයක් පවතින බවට හුවා දැක්වීමට පමණක් බව හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. කිසිඳු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව තුළ හෝ පළාත් සභා මැතිවරණය අවශ්‍ය බවට කිසිදු ප්‍රශ්නයක් යොමු කරමින් විසමා නොමැති බවද ඔහු සඳහන් කළේය. පළාත් සභා මැතිවරණය අවශ්‍ය වන්නේ කුමකටද යන්න සම්බන්ධයෙන් ජනතාවට තේරුම් කර නොදී, මෙය පැවැත්වීම අවශ්‍ය බවට වන මතය ජයග්‍රහණය කළ නොහැකි බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.
ඉන්දියාවේ සිට මුහුදු මගින් රේගු නීතී උල්ලංඝණය කරමින් නීතී විරෝධීව මෙරටට ගෙන්වන ලද,ඉන්දියන් බීඩී කොළ ඇසුරුම් 13 ක්,බොලෙරෝ කැබ් රියකින් ප්‍රවාහනය කරමින් සිටියදී එහි රියදුරු ද සමඟ කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි. මෙම බීඩී කොළ තොගයේ දළ වටිනාකම ලක්ෂ 400 ක් පමණ බව කියයි. බීඩී කොළ ඇසුරුම් ජලය කාන්දු නොවන සේ ඉතා සුරක්ෂිතව අසුරා තිබුණු අතර,කිලෝ ග්‍රෑම් 408 ක් එහි තිබිණි. සැකකරු පස් වන හරස් වීදීය පුත්තලම යන ලිපිනයේ ස්ථිර පදිංචිකරුවකු වන අතර, තලවිල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි 28 හැවිරිදි අයෙකි. සැකකරු සහ නඩු භාණ්ඩ කටුනායක රේගු කාර්‍යාලය වෙත භාර දීමට නියමිත ය.කල්පිටිය පොලිසිය වැඩි දුර…
