Author: LANKA24X7

ජනවාර්ගික ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයෙන් වෙන් කළ නොහැකි බවත් රට ඉදිරියට යාමට නම් එය විසඳිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (30) කොළඹදී පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ” IMF සහ ඉන් ඔබ්බට ” ආර්ථික සංවාද මණ්ඩපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස පැවැත්වුණි. එහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “IMF වැඩසටහන ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අප පළමු සාකච්ඡාවට සහභාගීවන්නේ අදයි. අපි මෙය ඉටු කිරීමට නම්, අපගේ දියුණුවට බාධාවක් වූ විශාලතම ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නය බව මතක තබා ගත යුතුයි. අපි සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතිය යුතුයි.” “ආර්ථික…

Read More

එක් එක් ඉන්ධන වර්ගය අලෙවියෙන් මේ වනවිට රජයට ලැබෙන ලාභය පිළිබඳව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබා තිබුණි. එහි දැක්වෙන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 338.37ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 373.85ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 324.96ක්, සුපර් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 462.74ක් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 292.34 ක් ආදි වශයෙන් සමස්ත පිරිවැය වැය වන බවය. මෙහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 78.46ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 100.90ක, ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 53.40ක, සුපර් ඩීසල් ලීටරයකට රුපියල් 84.40ක හා භූමිතෙල් ලීටරයකට රුපියල් 3.65 ක බද්දක් පැනවෙනවා. ඒ අනුව රජය ලබන…

Read More

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට අපරාධ චෝදනා ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ නිව්යෝක් හි ප්‍රධාන ජූරි සභාව විසින් ඔහුට එරෙහිව මෙම චෝදනා ගොනුකර ඇති බවය. ඒ අනුව මෙලෙස අපරාධ චෝදනා ගොනුකර ඇති ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයා බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. මෙලෙස හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට එල්ලවී ඇති චෝදනාව වන්නේ 2016 වසරේ පැවති මැතිවරණයට පෙර ඔහුගේ පෞද්ගලික නීතිඥවරයෙකු මාර්ගයෙන් අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තුවාළ ලැබූ විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ. වෑන් රථයක් ලොරි රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. පොලීසිය පවසන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු කිලෝමීටර් කණුව ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති බවය. මාතර දෙස සිට කඩවත දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ පසුපස වෑන් රථය ගැටී තිබේ. අනතුරින් තුවාල ලබා ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන වෑන් රථයේ රියදුරු සහ 59 හැවිරිදි වියේ පසුවන රුසියානු ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි.

Read More

අද දිනයේ බස්නාහිර සබගරගමුව සහ වයඹ පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. අද (31) දිනට නියමිත කාලගුණ නිවේදනයේ නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මේ බව පවසයි. එසේම අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එන නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත. මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Read More

ඉදිරියේ දී ගොවි ජනතාව වෙනුවෙන් ද QR කේතයක් හඳුන්වා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. QR ක්‍රමවේදය භාවිත කරමින් එවිට ගොවීන්ට පොහොර, බීජ වැනි දෑ ලබාගැනීමට ඉඩප්‍රස්ථාව හිමිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැති කෘෂි ව්‍යවසායකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද පුද්ගලික ව්‍යවසායකත්ව වැඩ මුළුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ගොවි ජනතාව පොහොර ගැටලුවෙන් බොහෝ සේ පීඩාවට පත්වු බවත් ඔවුන් වෙනුවෙන් මේ වසර තුළ ද පොහොරවලට අමතරව සහන ලබාදීමට කටයුතු කරන බවත්ය. මේ අතර ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අප්‍රේල් අවසන් සතියේ අමාත්‍ය…

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගතව සේවා ස්ථානයන්හි ගැටලුවලට මුහුණදී තානාපති කාර්යාලවලට පැමි‍ණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත්තේ, එම තීරණය අප්‍රේල් මස 1 වනදා සිටි ක්‍රියාත්මක බවය. එම කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාලවල කම්කරු සුබසාධන අංශ යටතේ සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇති අතර, එමගින් විදේශ රැකියාවල නියුතුව සිටියදී අවශ්‍ය විවිධ සේවාවන් ලබාගැනීම සඳහා තානාපති කාර්යාල වෙත පැමි‍ණෙන කාන්තාවන්ට අවශ්‍ය සුභසාධන පහසුකම් හා නේවාසික පහසුකම් ලබාදීම සිදුකරනු ලබයි. එම සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇත්තේ නීත්‍යානුකූල රැකියා…

Read More

බේරුවල ප්‍රදේශයට කිලෝමීටර් 34ක් වූ මුහුදු ප්‍රදේශයේ භූචලනයක් සිදුව තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 3.7ක ප්‍රබලත්වයක් සටහන් කළ භූ චලනය හේතුවෙන් අවදානම් තත්ත්වයක් නොමැති බවය. කෙසේවෙතත් එම භූචලනය බේරුවල හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට දැනී ඇති බව ඔවුන් සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් “අද දෙරණ” කළ විමසීමකදී ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ භූචලනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම හා බැඳුණු ආර්ථික සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසි පරිදි ඉටු කළහොත් ශ්‍රී ලංකා ආර්ථිකය නිසි මාර්ගයට පිවිසෙතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා ඒ බව පැවසුවේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනය මගින් සංවිධානය කර තිබු වැඩසටහනකට එක්වෙමිණි. රජයේ අරමුණ ධනාත්මක බදු ප්‍රතිසංස්කරණ හඳුන්වාදී ද්‍රරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් VAT වැනි බදු මගින් බැටකෑම අවම කිරීම බවත් ජනාධිපතිවරයා පැවසීය. 2026 වනවිට රටේ ආර්ථිකය නැවතත් 2019 තිබූ තත්ත්වයට ගෙනයෑමට හැකිවුවහොත් එය ජයග්‍රහණයක් බවද ඔහු පැවසීය. “ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිර්භීතව කළ යුතුයි. එමගින් රටේ ඉදිරි ගමන ස්ථාවර වෙයි. රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය යතුයි. IMF වැඩසටහනේ පළමු…

Read More

නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එය රටක නොවිය යුතු දෙයක් බව පෙන්වා දෙන මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා පවසන්නේ, ලබන අගෝස්තු මස හෝ මැතිවරණය පවත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය. “මොන තත්ත්වයක් උඩ හරි නියමිත කාලය ඡන්ද විමසීම පවත්වන්නේ නැති එක අපරාධයක්. ඒ වගේම කනගාටුදායක තත්ත්වයක්. රටක නොවිය යුතු දෙයක්. මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් කොහොමද කියන එක තමා අද තියෙන ගැටලුව. ඒ හැකියාව තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවටයි, මුදල් අමාත්‍යාංශයටයි, මහ භාණ්ඩාගාරටයි එකතුවෙලා මිසක් මාධ්‍යවලටවත්, අපටවත්, රටේ සාමාන්‍ය ජනතාවටවත් නෙමෙයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීමක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙමෙයි ආර්ථික නිදහස, සංස්කෘතික…

Read More