Author: LANKA24X7

තාවකාලිකව වසා දැමුණු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුව සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකු යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. අදාළ වාට්ටුව භාරව සිටි විශේෂඥ වෛද්‍යවරුන් විදෙස් ගත වීම හේතුවෙනුයි එම ළමා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණේ. කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ බදු සංශෝධන ඇතුළු රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වෛද්‍යවරුන් විදෙස් ගත වීම හේතුවෙන් රෝහල් පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි

Read More

පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සිරුර සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි. සැකසහිත ලෙස මියගොස් සිරි නීතිඥ දුෂ්මන්ති අබේරත්න (40) මහත්මියගේ සිරුර ඇය නිදන ඇද මත තිබූ බව පැල්මඩුල්ල පොලිසිය පවසයි . නිවසට උදෑසන පැමිණි මෙහකාරිය ඒ බව දැක තිබේ. නීතිඥවරියගේ සැමියා 30 රාත්‍රි සිට නිවසේ නොසිටි බව ඔහු පොලිසියට ප්‍රකාශයක් කර තිබේ . මෙම නිවසට පැමිණ උදයේ සිට පස්වරුව වෙන තෙක් සේවය කරන කාන්තාවකගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ලඹාගෙන ඇත. පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා නීතිඥවරියගේ නිවෙසට පැමිණි ස්ථාණීය පරික්ෂණය සිදු කළේය. එහිදී ප්‍රදේශවාසි කාන්තාවක්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලඹා දුන්නේය . මෙම මරණය සැකසහිත බව නීතිඥවරියගේ පවුලේ අය පැල්මඩුල්ල පොලිසියට දැනුම් දි…

Read More

“රට හැර ගිය බොහෝ වෛද්‍යවරුන් සමාජ මාධ්‍යජාල ඔස්සේ රට පෙරලන්න උත්සාහ දරපු කයිවාරුකාරයන් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවැසීය. මහා ලොකුට සමාජවාදය ගැන කතා කළාට, මේ අසීරු අවස්ථාවේ රට ගැන මොහොතකටවත් නොසිතා වෛද්‍ය සිසුන් අමාරුවේ දැම්මා යැයි ද ඔහු පැවැසීය. වෛද්‍යවරුන්ට පනවා තිබූ අධික බදු බර දරාගන්න බැරිව වෛද්‍යවරුන් රට හැර යාම බරපතළ ප්‍රශ්නයක් බව අපි දිගින් දිගටම කීවා . ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයවත් රජයවත් අවදානයක් යොමු කළේ නැහැ .එහි පළවෙනි ප්‍රතිඵලය හැටියට අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයේ 63 වාට්ටුව වසා දැම්මා .අනුරාධපුර රෝහලේන් පටන් ගත්තට මුළු රට පුරාම මේ තත්ත්වය උද්ගත විය හැකියි . වෛද්‍ය…

Read More

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්‍ෂ 10 ක් කොළඹ වරායට ළගා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. එම බිත්තර තොගය ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිය යුතු බව කී එම නිලධාරියා එම දෙපාර්තමේන්තුව ඉදිරියේදී ඒ සඳහා සාම්පල ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයා බැලීම වෙනුවෙන් පසු විපරම් කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කොට ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු විද්වත්හු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති. ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව කටයුතු කරන ආකාරය ගැන යෝජනාවක් ද කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඉදිරියේදී මීට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතය. අදාළ කමිටුව විසින් අයි.එම්.එෆ් ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිතර පසු විපරමක් කළ යුතු අතර බදු ප්‍රතිපත්ති, බදු ප්‍රතිශතයන් වෙනස්වීම්, වක්‍ර බදු අඩු කරමින් සෘජු බදු ඉහළ නැංවීම ආදිය ගැන නිරන්තයෙන් සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය…

Read More

සමාජ සාධාරණත්වය සඳහා වූ සන්ධානය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට අද (31) කොළම වරාය අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලය වෙත පැමිණෙන ලදී. එහිදී එම සංවිධානයේ සාමාජිකයින් පවසා සිටියේ අදාල ආයතන තුල සිටින පහලම තනතුරේ සිට ඉහලම තනතුරු දක්වා සේවකයන් සාමාන්‍ය ජනතාවට වඩා විශාල වැටුපක් ලබා ගන්නා බවයි. එම වැටුප් ලබමින් තවදුරටත් මහජනතාව අපහසුතාවයට ලක්වන අයුරින් වෘත්තීය ගැටළු මතුකරමින් කටයුතු කරන බවත්, අදාල සේවකයන් බදු ගෙවීමටද විරෝධය දක්වමින් උද්ඝෝෂණ පවත්වන බවයි. එබැවින් ඉදිරියේදී තොරතුරු දැනගැනීමේ පනත යටතේ සියළු සේවකයන්ගේ වැටුප් පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා බවත්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු සියළු දෙනාගේ තොරතුරු ජනගත කිරීමට කටයුතු කරන බවත් එම සන්ධානය වැඩිදුරටත්…

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවාසේදී හෙට (1) උදේ 10.00 ට පැවැත්වේ. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.

Read More

කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදාගැනීමට තැත්කළ පිරිසක් අහසට වෙඩි තබා විසුරුවා හැරීමට ඊයේ (30) රාත්‍රී කටයුතු කළ බව පොලීසිය කියයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කොලොන්නාව සිංහපුර ක්‍රීඩාංගනය ප්‍රදේශයේදී මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටියදී පුද්ගලයකු අත තිබූ යමක් විසිකරන අයුරු පොලිස් නිලධාරීන් දැක ඇත. එම සැකකටයුතු පුද්ගලයාව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට උත්සාහ කිරීමේදී ඥාතීන් සහ ගම්වාසීන් පොලිස් ජීප් රථය වටකර සැකකරුව පොලිස් අත්අඩංගුවෙන් මුදාගැනීම සඳහා උත්සාහ කිරීමේදී අහසට වෙඩිතබා පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ බව පොලීසිය පැවසීය. එම වෙඩිතැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හෝ දේපළ වලට කිසිදු හානියක් වී නොමැති බව…

Read More

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේදී වෑන් රථයකින් පොලිස් නිලධාරියෙකු යටකර පළාගොස් තිබේ. අනතුරින් බරපතළ තුවාළ ලැබූ පොලිස් කොස්තාපල්වරයා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි. කොල්ලුපිටිය පොලීසියට අනුයුක්ත අදාළ පොලිස් කොස්තාපල්වරයා කොල්ලුපිටිය මුහුදු මාවත කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල නිරතව සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත. මුහුදු මාවත ඔස්සේ බම්බලපිටිය දෙසට අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ වෑන් රථය පදවා ඇත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටින 18 හැවිරිදි වියේ පසුවන සිසුවෙකි. අදාළ අනතුර සම්බන්ධයෙන් සැකකාර සිසුවා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට ඇපමත මුදාහැර තිබේ. කොල්ලුපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

2022 ආර්ථික අර්බුදය උත්සන්න වීමත් සමඟ රටේ ජනගහනයෙන් සියයට 86 ක් ආහාර සඳහා යොදා ගන්නා අයිතමයන්ගේ ප්‍රමාණය අඩු කර ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය මෑතකදී සිදුකළ පර්යේෂණ කිහිපයක වාර්තා එළි දක්වමිනුයි මෙම කරුණු අනාවරණ කර ඇත්තේ. එම පර්යේෂණ වාර්තාවට අනුව රටේ ජනගහනයෙන් තවත් සියයට 75 ක් ආහාර පිළියෙළ කර ගැනීම සඳහා ආහාර අයිතමයන් යොදා ගැනීම ද අවම වී තිබෙනවා. සියයට 45 ක් ආහාර ගන්නා වාර ගණන අවම කර තිබීම ද කැපී පෙනෙන තත්ත්වයක්. තවත් සියයට 38 ක් ආහාර ප්‍රමාණය අවම කර ඇතැයි අදාළ පර්යේෂණ වාර්තාවේ සඳහන්. දෛනිකව උපයන මුදල ආහාර සඳහා…

Read More