Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) පැවැති පන්දුවාර විස්සයි විස්ස පළමු තරගය කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදුවිය. එහිදී නවසීලන්ත කණ්ඩායම සිය සුපර් ඕවරයේදී රැස්කළේ ලකුණු 8ක් පමණි. නමුත් ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු පන්දු 3ක් තුළදී ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.
බෙංගාල බොක්ක කලාපයේ සුවිශේෂී ආර්ථික කලාපයක් වන බංග්ලාදේශය ආශ්‍රිත මුහුදේ තෙල් හා ගෑස් ගවේෂණයක් සිදු කරමින් සිටින Hai Yang Shi You 760 නම් චීන සමීක්ෂණ යාත්‍රාව පිළිබඳව ඉන්දියාව සමීපව නිරීක්ෂණය කරන බව වියොන් පුවත් සේවය වාර්තා කරනවා. චීනයට අයත් මෙම භූ කම්පන සමීක්ෂණ යාත්‍රාව පසුගිය දෙසැම්බර් 29 වැනි දා රාත්‍රියේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය සාගර කලාපයට ඇතුළු වූ අතර ඉකුත් ජනවාරි මාසයේ සිට බංග්ලාදේශයේ අදාල කලාපයේ තෙල් හා ගෑස් ගවේෂණ කටයුතු සිදු කරනවා. මෙම වසරේ මැයි මාසයේ දී අදාල සමීක්ෂණ කටයුතු අවසන් වීමට නියමිතව ඇති අතර වියොන් පුවත් සේවය පවසන්නේ, අදාල නෞකාවට ඉන්දියානු සුවිශේෂී ආර්ථික කලාපයේ කිසිදු සමීක්ෂණ කටයුත්තකට…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බැඳුම්කර සහ ගිවිසුම් කඩකරන ලද ආචාර්යවරුන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් 111 දෙනෙකුගෙන් අයවිය යුතු රුපියල් දහතුන් කෝටි දහ අට ලක්ෂ හැත්තෑඑක්දහස් හාරසීය පනස් හතරක මුදලක් අයකර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2021 වසරට අදාළ වාර්ෂික වාර්තාවේ මේ බව දැක්වෙනවා. කෙසේ වෙතත්, ඊට පිළිතුරු ලබාදෙමින් පාලනාධිකාරිය සඳහන් කර ඇත්තේ අදාළ වටිනාකම් අය කර ගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බවයි. ඒ අනුව අර්ථසාධක අරමුදලේ ශේෂයන් මගින් බැඳුම්කර වටිනාකම් අය කර ගැනීම මෙන්ම බැඳුම්කර කඩකළ ආචාර්යවරුන් නඩු පැවරීම සඳහා නීති අංශ වෙත යොමුකර ඇති බව ද දක්වා තිබෙනවා. ඊට අමතරව වසර තුනේ සිට…
මේ වසරේ අවසන් කාර්තුවේදී රාජ්‍ය සේවකයින්ගේ දීමනා සම්බන්ධයෙන් සුවිශේෂී සැළකිල්ලක් යොමු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ආබාධ හේතුවෙන් වසර දෙකක ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්වීමට සිදුවූ ප්‍ර වේගකාරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා නවසීලන්තයට එරෙහිව අද ආරම්භ වූ පළමු විස්සයි20 තරගයට ක්‍රීඩා කරයි. ඕක්ලන්ඩ්හි පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙයි. පන්දුවාර 10ක් අවසානයේදී ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 3ට ලකුණු 98ක් රැස්කරගෙන සිටියි. කුසල් පෙරේරා පන්දු 21 කදී ලකුණු 27ක් හා චරිත් අසලංක පන්දු 19කදී ලකුණු 25ක් රැස්කරගෙන සිටියි. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් පන්දු 9 කදී වේගවත් ලකුණු 25ක් රැස්කළේය. ධනංජයද සිල්වා ලකුණු 15කට දැවී ගියේය.
ආනයනය තහනම් කර ඇති ආහාර ද්‍රව්‍ය නීති විරෝධීව මෙරටට ආනයනය කිරීම නැවැත්වීමට නොහැකි නම් එම තහනම් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් එසේ නොවුණ හොත් ජනතාවට තව දුරටත් වැඩි මිලට ආනයනික ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවන බවත් අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවග්ගේ සංගමයේ උපදේශක පැරකුම් අබේසේකර මහතා පැවසීය. දේශිය නිෂ්පාදනය වැඩි කිරීමට යැයි පවසමින් 2019 වසරේ නොවැම්බර් මස ඉන්දියාවෙන් මුංඇට, කහ, උඳු සහ කව්පි ආදි ආහාර ද්‍රව්‍ය කීපයක් ආනයනය අත්හිටුවූ බව කී පැරකුම් අබේසේකර මහතා එය එසේ වුවද නීති විරෝධීව එම ආහාර ද්‍රව්‍ය ටොන් ගණනනින් රට තුළට පැමිණීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වන බව ද සඳහන් කළේය. මෙරට වෙළෙඳපොල තුළ මේ…
රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට ජනවරමක් නැති ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදව් කිරීම වැරදි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍යට පැවැසීය. එවැනි ආණ්ඩුවකට උදව් කිරීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික වශයෙන් වැරැද්දක් කළ බවද ඔහු පෙන්වා දුන්නේය. උදව් කරන්නේ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව සහිත ජනවරමක් සහිත ආණ්ඩුවකට බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ කළ බව පැවසූ මන්ත්‍රීවරයා ඒ අනුව ආණ්ඩුව මැතිවරණයක් පවත්වා නව ජනවරමක් ලබා ගැනීමට කටයුතු කරාවි යැයි රටම බලාපොරොත්තු වූ බවද සඳහන් කළේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉඩම් අක්කර ලක්ෂ පහක් සමාගම්වලට දුන්නේ ජනවරමක් ලබා ගැනීමෙන් පසුව බවත් ඒ කටයුත්ත…
අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම මත මාස කිහිපයක් තිස්සේ රැඳී සිට අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල වාසය කරන පුද්ගලයන්ගේ ගිණුම්වලින් කෝටි ගණනක මුදල් වංචා කළ චීන ජාතිකයන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි . තානාපති කාර්යාල හරහා ලැබුණු පැමිණිලි ඔස්සේ සිදු කළ විමර්ශනවලින් අනතුරුව ඊයේ (1) එම චීනජාතිකයන් රැඳී සිටි හෝටලයට පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ . අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 39 දෙනා පෞද්ගලික බස් රථයකින් අලූත්ගම පොලිසිය වෙත රැගෙන ගිය අතර නඩු භාණ්ඩ ලෙස පරිගණක හා ඉතා ඉහළ මිල ගණන්වල ස්මාර්ට් ජංගම දුරකතන රැසක් හා මුදල් තොගයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය…
තමා ජනාධිපති ධුර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ආරක්ෂක අංශ සහ පොලිසිය අමතා ඊයේ විශේෂ දේශනයක් පවත්වමින් ජනාධිපතිවරයා මෙි බව කීය. ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම වැළැක්වීම සහ රට අරාජික වීම වලක්වා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත මෙහිදී කෘතඥතාව පළ කළේය.
තනි රෝදයෙන් සහ අධික වේගයෙන් අනාරක්ෂිත අයුරින් යතුරුපැදි පදවමින් සිටි තරුණයන් සිව් දෙනකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලීසිය කියයි. එම තරුණයන් සිව් දෙනා පදවමින් සිටි යතුරුපැදි ද පොලිස් බාරයට ගෙන ඇත. පිළියන්දල බෝකුන්දර මැද්දෝවිට පාර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් තනි රෝදයෙන් අධික වේගයෙන් යතුරුපැදි පදවමින් අනාරක්ෂිත අයුරින් හැසිරෙන බවට 119 හදිසි ඇමතුම් ඒකකය හරහා ලද තොරතුරක් අනුව එම ස්ථානය වටලා සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම ස්ථානයේ වටලන අවස්ථාවේදී තවත් තරුණයන් පිරිසක් යතුරුපැදිවලින් පලාගොස් ඇත. අත්අඩංගුවට ගත් තරුණයන් මහරගම පිළියන්දල ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18, 19 සහ 20 අතර පසුවන්නන් ය. සැකකාර තරුණයන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය…
