Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ගිලෙන නැවට ගොඩ වෙන්නට තරම් මෝඩ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ නොමැති බවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් සජබට එක්වීමට නියමිත බවත් ඔවුන් පක්ෂ සාමාජිකත්වය ලබා දී ආසන සංවිධායක ධූරද ලබාදෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ගල්ගමුවේ දී පැවසීය. ගල්ගමුව ප්‍රීඩම් උත්සව ශාලාවේ දී පැවැති පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සම්බන්ධ වෙමින් මාධ්‍යවේදීන් ඇසූ පැනයකටපිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා එසේ කීය. “සමගි ජන බලවේගයට තිබෙන රට හදන ආර්ථික වැඩපිළිවෙළ වෙනත් කිසිදු පක්ෂයකට නැහැ. අපි අභියෝග කරනවා අනුර කුමාර දිසානායක ලා ට රට හදන ආර්තථික සැලැස්ම හෙළිකරමින් අප සමග විවෘත සංවාදයකට එන්න කියලා. බොරුව පෙන්න පෙන්නා ජනතාව මුලා කරන මාලිමාව මේ වන විටත්…
ඩෙංගු හා පූර්ණ රුධිර ගණන පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් වැඩිපුර රුපියල් 1350 ක මුදලක් ලබාගත් දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩයක් අධිකරණයෙන් නියම කළ බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යු. රන්ජන මහතා පැවසීය. මෙම දඩ පුද්ගල පාරිභෝගික අධිකාරි ඉතිහාසයේ පෞද්ගලික රෝහලකට හෝ රසායනාගාරයක් සඳහා නියම කළ වැඩිම දඩ මුදල බව ඒ මහතා කීය ඩෙංගු පරීක්ෂාවක් සඳහා ගැසට් පත්‍රයේ සඳහන් නියමිත ගාස්තුව වන රුපියල් 1200 මිල ඉක්මවා 2500 ක මුදලක් අය කිරීම , පූර්ණ රුධිර ගණන පරීක්ෂණය (fbc) සඳහා නියමිත ගාස්තුව වන රුපියල් 400 ක මුදල ඉක්මවා රුපියල් 550ක මුදලක් රෝගීන්ගෙන් අය කර තිබූ…
ඩීසල් මිල පහළ යාමත් සමඟ සංශෝධිත බස් ගාස්තු ලේඛනය ප්‍රදර්ශනය නො කොට වැඩිපුර ගාස්තු අයකරන බස්රථ පරීක්ෂා කිරීමේ වැඩසටහන අද (03) දා සිට ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය . ඒ අනුව සංශෝධිත බස් ගාස්තු ලේඛනය සියලු මගීන්ට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් අනුමත බස් ගාස්තුව අය නොකොට වැඩිපුර ගාස්තු අය කරන බස් රථ මෙහිදී වැටලීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් කිය. ඉකුත් 29 දා ඩීසල් මිල අඩු වීමත් සමග බස් ගාස්තු සංශෝධනය 31 දා සිට බලාත්මක වූ අතර එම බ සංශෝධිත බස් ගාස්තු ලේඛනය ප්‍රාදේශීය කාර්යාල හතක් හරහා බස් රථ…
රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් අද (03) රැස්වනවා. ඒ සඳහා ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ද එක්වීමට නියමිත බවයි වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ. මේ අතර නව බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.
රුපියල ඇතුළු විකුණුම් පිරිවැය තීරණය කරනු ලබන අනෙකුත් සාධක ස්ථාවර මට්ටමකට පැමිණියහොත් ඉදිරියේ දී ඇලුමිනියම් මිල පහත දැමීමට හැකිවනු ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශයේ ලෝහ, ඩයි, අච්චු සහ යන්ත්‍ර සූත්‍ර ක්ෂේත්‍රවල උපදේශන කමිටුවේ සමාජික තරිදු අතපත්තු පවසනවා.
විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය වසරේ මුල් මාස 08 හි පාඩුව රුපියල් කෝටි අසූ පන්දහස් හාරසීයකට අධික බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ වාර්තාවකින් හෙළිවී තිබෙනවා. ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මේ බව අනාවරණ කළේ රත්නපුරේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක දීයි. අදාළ ආයතන තුන පමණක් ලැබූ පාඩුව මෙරට රාජ්‍ය ආයතනවල සමස්ථ පාඩුවෙන් 99%ක් බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ. මෙම තත්ත්වය හමුවේ කඩිනමින් අදාළ ව්‍යවසායන් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ප්‍රතිව්‍යූහගතකරණය කළ යුතු බවද ඔහු සඳහන් කළා.
වෛද්‍යවරුන් මෙන්ම වෘත්තිකයින් රට හැරයාම මේ වන විට අඩුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඊයේ (02) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
නොබෝ දිනකින් සමගි ජන බලවේගයේ කණ්ඩායමක් රජය සමග එකතු වන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, කොළොන්නාවේ පැවැති ජන හමුවක් අමතමින්.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ද ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටිනවා.
කතරගම – පරණ වැඩිහිටිකන්ද මාර්ගයේ අද (02) දහවල් සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් රෝහල්ගතකර ඇත්තේ 46 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි ප්‍රදීප් ලක්මාල් නොහොත් “උඩවත්තේ මංජු” නැමැත්තෙක්. මොහු කරාතේ ගුරුවරයෙකු වන අතර පසුපස හබාගොස් වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්. වෙඩි වැදීමෙන් ඔහුගේ පාදවලට හානි සිදුව තිබෙනවා.
