Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පානදුර කළුදෑවල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට පහරදී ත්‍රිරෝද රථය පැහැරගත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවටගත් බව පානදුර පින්වත්ත පොලීසිය පැවසීය. සැකකාර එක් සහෝදරයෙකුගේ සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5,100ක් පොලිස් භාරයට ගෙන ඇත. ත්‍රිරෝද රථ රියදුරු මීට දින දෙකකට පමණ ඉහතදී පානදුර මූලික රෝහලෙන් ප්‍රතිකාර ගැනීම සඳහා බිරිඳව රෝහල වෙත ඇරලවා යළි නිවස ආසන්නයට පැමිණ ත්‍රිරෝද රථය නවතනවාත් සමගම එහි පැමිණ තිබූ සැකකරුවන් රියදුරුට පහරදී ත්‍රිරෝද රථය පැහැරගෙන ගොස් තිබිණි. පහරදීමට පැමිණි සැකකරුවන් හඳුනාගෙන තිබූ රියදුරු ඒ සම්බන්ධයෙන් දුරකථනය හරහා සිදුකරන ලද පැමිණිල්ලක් අනුව පැය කිහිපයක් තුළදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත්විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්කුඩු ජාවාරමට හා…
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,005කින් පහළ දැමෙන බව ලිට්‍රෝ සමාගම පවසයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, රුපියල් 4,743ක් ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,738ක් වන බවය. එමෙන්ම කිලෝගෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 402කින් පහත දමා තිබේ. ඒ අනුව 1,904ක් ව පැවති එම ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1,502කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 183කින් පහත දැමෙන අතර රුපියල් 883ක්ව පැවති එහි නව මිල රුපියල් 700ක් වේ. ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන්ට අනුව මෙම මිල…
ගෑස් මිල අඩු වුවහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. බේකරි හිමියන් ගෑස් සහ දර භාවිතයෙන් සිය නිෂ්පාදන කටයුතු සිදු කරන අතර, මෙම තත්ත්වය හමුවේ තම සංගමය ඉදිරියේදී රැස්වී තීරණයක් ගන්නා බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළේ. අවසන් වරට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කරනු ලැබුවේ පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කිරීමත් සමඟයි.
මාර්තු මාසයේ මෙරටට සංචාරකයින් 125,495ක් පැමිණ තිබෙනවා. 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ මෙම මාසයේ වීම විශේෂයත්වයක්. රුසියාව, ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශය මෙලෙස සංචාරකයින් පැමිණි රටවල් අතර ප්‍රධාන වෙනවා. මේ වසරේ මෙරටට සංචාරකයින් මිලියන 1.5ක් ගෙන්වීමට අපේක්ෂා කළ අතර එම අපේක්ෂාව මිලියන 2 දක්වා ඉහළ නංවා ඇති බවයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේ.
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ ෂෙප්බි ප්‍රාන්තයේ හෙලිකොප්ටර් ගිලන් රථයක් අනතුරට පත් වී කඩා වැටීමෙන් එහි සිටි වෛද්‍ය ආධාරකරුවෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුර සිදුවූයේ අනතුර සිදුවූයේ කඳු නගිමින් සිට තුවාල ලැබූ අයකු බේරා ගැනීමට ගිය අවස්ථාවේදීය. අනතුරට පත් වූයේ ‘එයාර් මෙතඞ්’ ගිලන් රථ සේවයට අයත් හෙලිකොප්ටරයක් බව පැවැසෙයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ, එම සතිය තුළ අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ සාකච්ඡාව ලබාදෙනු ඇති බවට අපේක්ෂා කරන බවය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව අදාළ සාකච්ඡාව එම සතිය තුළ ලැබෙනු ඇති බවත් එම සාකච්ඡාවෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.…
වල්නාශක සහ කෘමිනාශකවල සහ සමහර පළිබෝධනාශකවල මිල අඩු කර තිබෙනවා. ඒ අනුව, වල්නාශක සහ කෘමිනාශකවල මිල 20%කින් සහ සමහර පළිබෝධනාශකවල මිල 40%කින් අඩු කිරීමට අදාළ සියලු සංවිධාන එකඟ වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාව මේ වන විට ලහි ලහියේ සූදානම් වනවා. මේ වන විට වෙළඳපලේ එළවළු මිල ගණන් ඇතුළු අත්‍යාව්‍යශ භාණ්ඩ රැසක මිල පහත බැස තිබෙනවා. එළවලුවලට අමතරව අවුරුදු සමයේ වැඩි වශයෙන් පරිභෝජනයට ගන්නා කෙසෙල් මිල ගණන් ද ඊයේ (03) වන විට පහත බැස ඇති බවයි වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කළේ. සීනී කෙසෙල් සහ ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑමයක් ඊයේ (03) වන විට රුපියල් 150 දක්වා පහත බැස තිබෙනවා. එමෙන්ම පසුගිය දින වල රුපියල් 120 දක්වා ඉහළ ගොස් තිබූ පොල් ගෙඩියක මිල ද මේ වන විට රුපියල් 90 දක්වා පහත බැස ඇති බවයි ආර්ථික මධ්‍යස්ථාන සඳහන් කළේ. කෙසේ වෙතත්…
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මුදලට ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කරනවා. ඊයේ (03) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ජාතික ජනබලවේගයේ දේශපාලන රැස්වීම්වලට ජනතාව සහභාගී වන්නේ ඔවුන්ට කරන බලකිරීම් සහ බියවැද්දීමෙන් හේතුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගිරිතලේ පැවැති පාක්ෂික හමුවකට එක්වෙමින්.
