Author: LANKA24X7

රාජ්‍ය සේවක වැටුප ලබන සඳුදා ලබා දීමට තීරණය කර තිබෙනවා. රජයේ ආරංචි මාර්ග පැවසුවේ විශ්‍රාම වැටුප සහ සමෘද්ධි දීමනාද එදිනම ලබා දෙන බවයි. ආසන්න කාලයකදී මාර්තු සහ අප්‍රේල් යන මාස දෙකේම වැටුප් සහ දීමනා ගෙවීම ගැටලුවක්ව තිබූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මීට පෙර ප්‍රකාශ කළේ. මේ අතර 2023 පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා භාරදුන් රාජ්‍ය නිලධාරීන් සදහා වැටුප් ගෙවීමට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කළා. පසුගිය තුන්වනදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඊට අනුමැතිය හිමි වුනා. ඒ අනුව මාර්තු 09 සිට අප්‍රේල් 25 දක්වා එම නිලධාරීන්ට හිමි මූලික වැටුප ලබාදෙනු ඇති.

Read More

ටයිම් සඟරාවේ 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව තිබෙනවා. මෙම බලගතුම පුද්ගලයින් තෝරා ඇත්තේ ටයිම් සඟරාවේ පාඨක ඡන්දයෙන්. ටයිම් සඟරාව සෑම වසරකම ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා මෙලෙස නම් කරනු ලබනවා. ටයිම් සඟරාවේ පාඨකයන් මිලියන 1යි දශම 2කට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා ඡන්දය ප්‍රකාශ කර තිබුණා. ඉන් සියයට හතරක ඡන්ද ප්‍රතිශතයක් හිමිව ඇත්තේ ෂාරුක් ඛාන්ටයි. පාඨක ඡන්ද වලින් සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙවන ස්ථානයට පත්ව ඇත්තේ නිදහස වෙනුවෙන් සටන් වදින ඉරාන ජාතික කාන්තාවක්. තුන්වෙනි සහ හතරවෙනි ස්ථානය දිනාගැනීමට හැරී කුමරු සහ මේගන් කුමරිය සමත්ව තිබෙනවා. 5වන ස්ථානය හිමිවුණේ…

Read More

සිය පෙරපාසල වෙත ගමන්කරමින් සිටි තරුණ පෙරපාසල් ගුරුවරියක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. පේරාදෙණිය, කොබ්බෑකඩුව, ගිනිහේන ප්‍රදේශයේ මාර්ගයකදී එම 25 හැවිරිදි ගුරුවරිය ඝාතනය කර ඇති බ පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. අංජලී චාපා නමැති ඇය මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකාරියකි. වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇත්තේ ඇය එම පෙරපාසලේ සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයක් වෙත සහභාගී වීමට යමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවය. සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළිවී නොමැත. මෘත ශරීරය ඉලුක්තැන්න රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.

Read More

උත්සව සමය වෙනුවෙන් මහජනතාවට අවහිරයක් නොවන ලෙස භාණ්ඩ අලෙවි කිරීම සඳහා පදික වෙළෙඳුන්ට අවස්ථාව ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පදික වෙළෙඳ සංගම් නියෝජිතයින් සමග ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. ඒ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර එහිදී පදික වෙළෙඳුන් සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ උත්සව සමයේදී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළෙඳාම් කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බවය.

Read More

මිරිහාන ප්‍රදේශයේ ආපන ශාලාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය තැබෑරුමක් වැටලීමට පොලීසිය සමත්ව ඇත. පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් මෙම වැටලීම සිදුකර ඇත. එහිදී තැබෑරුම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර වැටලීමේදී ඉහළ මිල ගණන්වල, විවිධ මත්පැන් බෝතල් 57 ක් බියර් ටින් 119 ක් මෙන්ම නීතිවිරෝධී මත්පැන් හා දුම්වැටි 620 ක තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. පොලීසිය පවසන්නේ එහිදී සොයාගෙන ඇති මත්පැන්වල වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බවය. මේ අතර නීතිවිරෝධී මත්පැන් කලවම් කර අලෙවි කරන ජාවාරමක් ද මෙම ස්ථානයේ සිදුව ඇති බවට එහි තිබූ මත්පැන් බෝතල්වලින් පැහැදිළි වූ බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත්…

Read More

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 3 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. එම භාණ්ඩ අඩු කළ මිලට අද (7) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි. ලොකු ලූණු කිලෝවක් රුපියල් 22 කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින් සහ ටින් මාළු (ග්‍රෑම් 425) ටින් එකක් රුපියල් 30 කින් අඩු කළ බව ද සතොස කීය. ඒ අනුව ලොකු ලූණු කිලෝවක් රුපියල් 97 කට, පාන් පිටි කිලෝවක් රුපියල් 225 කට සහ ටින් මාළු (ග්‍රෑම් 425) ටින් එකක් රුපියල් 490 කට මිලදී ගත හැකි බව ද සතොස සදඟන් කරයි.

Read More

වනඅලි සඳහා හිතකර පරිසරයක් නොමැතිවීම හේතුවෙන් මේ වන විට වන අලි උඩවලව ජාතික වනෝද්‍යානය හැරයාම ඉහළ ගොස් තිබෙනවා. උඩවලව අලි පර්යේෂණ ව්‍යාප්තියේ පර්යේෂණ කළමනාකරු සමීර වීරතුංග සඳහන් කළේ ජාතික වනෝද්‍යානය තුළ මීට පෙර පිරිමි අලි 600ක පමණ පිරිසක් සිටිය ද මේ වන විට සංචාරකයින්ට දිනකට නිරීක්ෂණය කළ හැක්කේ වන අලි 10කටත් අඩු ප්‍රමාණයක් බවයි. උඩවලව ජාතික වනෝද්‍යානයේ වන අලි ව්‍යාප්තිය මේ පිළිබඳ පර්යේෂණයක් ද සිදුකර තිබෙනවා. එම පර්යේෂණයෙන් වැඩිදුරටත් හෙළිව ඇත්තේ මව් අලි ඇතුන්ගේ පැටවුන් බිහිකිරීමේ කාල සීමාවද වසර තුනේ සිට 4ත් 06ත් දක්වා දීර්ඝ වී ඇති බවයි. එමෙන්ම ජාතික වනෝද්‍යානය තුළ අලින්ට අවශ්‍ය තෘණ සහ කටු පදුරු නොමැති වීම…

Read More

නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට දින 29ක් සපිරෙනවා. එසේම, ඔවුන් උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවලින්ද ඉවත්වයි වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ. එවන් පසුබිමක ඊයේ (06) දිනයේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක රජයෙන් ඉල්ලා සිටියේ උපයන විට ගෙවීමේ බද්ද හරහා ලැබූ ආදායම, රජයේ අපේක්ෂිත ආදායම ඉක්මවා යන්නේ නම් වෘත්තිකයන්ට තාවකාලික සහනයක් හෝ ලබාදෙන ලෙසයි. එසේම, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ද ඊයේ (06) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා විශ්වවිද්‍යාල…

Read More

යෝජිත නව ත්‍රස්ත විරෝධී පනතේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කරුණු අධිකරණ ක්‍රියාමාර්ග හරහා පරාජය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එසේ නොමැතිනම් අදාළ පනතට එරෙහිව ජනතාව ඒකරාශී කිරීමට සමගි ජනබලවේගය කටයුතු කරන බවයි විපක්ෂ නායකවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ.

Read More

පාස්කු සතිය තුළ දේවස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා. ඒ අනුව, (07) ආරම්භ වීමට නියමිත පාස්කු සතිය සඳහා මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති.

Read More