Author: LANKA24X7

බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වු කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථ වාහන ගමනාගමනයට අවහිරතාවයක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. ඒ හේතුවෙන් කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. විකල්ප මාර්ග – මොඩල්ෆාම් හන්දිය හරහා කොළඹට ඇතුළු වන වාහන මොඩල් ෆාම් හන්දියෙන් කනත්ත වටරවුම දෙසට ගමන් කර බේස්ලයින් මාර්ගයට පිවිසිය හැක. රාජගිරිය දෙස සිට කොළඹට ඇතුළු වන වාහන ආයුර්වේද වටරවුමෙන් කොටා පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැක. කොළඹ දෙස සිට මොඩල්ෆාම් හන්දිය හරහා ශ්‍රී ජවර්ධනපුර මාර්ගය දෙසට ගමන් ගන්නා වාහන…

Read More

පාස්කු ඉරු දින ප්‍රහාරයේ මහමොළකරු කවුරුත් දන්නා නමුත් ඔහු සමග සටන් කිරීමට කිසිවකුටත් නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ඉන්දියාව සහ ලංකාව අතර අත්සන් කෙරුණු ආරක්ෂක ගිවිසුම ඉදිරියේදී භයානක තත්ත්වයක් මතු කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. ලෝකයේ බලවතුන්ගේ කිහිපදෙනෙකු මානසික රෝගීන් බවත් ඔවුනට යුද්ධය නැතුව ජීවත් විය නොහැකි බවත් සිරිසේන මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ පැවසුවේ කොළඹ දී ඊයේ පැවති උත්සවයකදීය.

Read More

තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය හේතුවෙන් රජයට රුපියල් කෝටි 10 කට අධික පාඩුවක් සිදුව ඇතැයි තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා පැවසීය. රජයේ ප්‍රතිපත්තිවලට අනුගත වෙමින් සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට තැපැල් වෘත්තීය සමිතිවලට හැකියාව ඇතැයිද තැපැල්පතිවරයා සඳහන් කළේය. තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් කොලඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය. නිවැරදි ස්ථාවරයක සිට සේවයට වාර්තා කරන්නැයි වර්ජනයේ නියුතු සියලුම තැපැල් සේවකයන්ගෙන් ඉල්ලිමක් කරන බවත් තැපැල්පතිවරයා එහිදී තවදුරටත් සඳහන් කළේය.

Read More

අනුරාධපුර ශ්‍රවස්තිපුර තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ ගල් තලාවක් සහිත ඉඩමක පිහිටි දේවාලයක් තුළ නියෝජ්‍ය පෙලිස්පතිවරයකුගේ බිරිදක ඇතුලු සැකකරුවන් පිරිසක් නිදන් වස්තූන් ලබා ගැනීමේ අරමුණින් අනවසරයෙන් කැනීම් කිරීම සම්බන්ධ සියලු විමර්ශන වාහාම අනුරාධපුර මූලස්ථාන පොලිසියෙන් ඉවත් කර අපරාධ පරික්ෂණ දෙපාර්තමින්තුවට පවරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතාා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ආර් එම් ජයවීර මහතාට අද නියෝග කළේය. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙසේ නියෝග කළේ මෙම නිදන් හෑරීමේ සිද්ධියට අදාළ නඩුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝෂමක් මගින් යළි කැදවා අධිකරණයට කළ විශේෂ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනි. මෙම සිද්ධියේ සැකකරුවන් කැනීම් කර ඇති ස්ථානය පුරා විද්‍යා වටිනාකමක් ඇති පුරා…

Read More

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන් කොටුව මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාව විශේෂ බලකායේ හිටපු සෙබළුකු බව පොලිසිය කියයි. එම සැකකරු සමග අයිස් මත්ද්‍රව‍ය ගෑම් 6 ක් , නයින් එම් එම් උණ්ඩ දැමිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් , එම උණ්ඩ හතරක් හා ෂොට් ගන් එකක් පොලිස් භාරයට ගෙන ඇත. ඉකුත් 12 වෙනි හිටපු මන්ත්‍රීවරයා ස්කූටි වර්ගේ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි මෙම සැකකරු සහ තවත් පුද්ගලයකු මීගොඩ නඳුන් උයන ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබිණි. එහි රියදුරු වශයෙන්…

Read More

කෘෂි අපනයන ගම්මාන 500 ක් පිහිටුවා එම ගම්මාන වල ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවි කරන ගැටලු අවම කිරීම, කෘෂි නිෂ්පාදන වල ගුණාත්මක බව වැඩි කිරීම, කෘෂි භෝග පිලිබඳව සන්නාමයක් ඇති කිරීම තුළින් මෙම කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම මූලික අරමුණු බව ගන්නොරුව කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ උදාරි ශෂිකලා මහත්මිය බලංගොඩ රජවක ගොඩකුඹුරේ පිහිටි කෘෂිකර්ම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී පැවැසුවාය. ඇය මෙම අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් දිවයිනේ තෝරා ගත් කෘෂි අපනයන ගම්මාන 500 ක් පිහිටුවීමේ මූලික අධියරේ නිලධාරීන් පුහුණු කිරීමේ පලමු වැඩ මුළුවේ දීය. මෙම වැඩමුළුව බලංගොඩ රජවක ගොඩකුඹුරේ පිහිටි කෘෂිකර්ම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී ඉකුත්…

Read More

ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර හයක සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ නොකෙරුණු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරීන් තිදෙනෙකුට විධිමත් අනුමැතියකින් තොරව සහනදායි මෝටර් වාහන බලපත්‍ර නිකුත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මේ බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් අනුමැතියක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණු බවද එම වාර්තාවේ සඳහන් වේ. වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්වරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් වෙත නිකුත් කර ඇති චක්‍රලේඛ විධිවිධාන උපදෙස් වලට පටහැනිව මෙසේ කටයුතු කර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මේ අතර පාර්ලිමේන්තුවේ මියගිය විශ්‍රාම ගිය වැඩ තහනම් කළ හා සේවය…

Read More

සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්‍යුත් දුම් වැටි දෙකට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට යැයි පවසා රුපියල් 40000/= ක ඉල්ලා එයින් රුපියල් 30000/= ක මුදලක් ලබාගත් පොලිස් නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටිය පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකි. පැමිණිලිකාර සිංගප්පූරු ජාතිකයා තීරෝද රථයකින් ගමන් කරමින් සිට ඇති අතර පොලිස් නිලධාරින් තීරෝද රථය නවතා සිංගපුරු ජාතිකයාගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී දුම් වැටි දෙක හමුවී තිබූ බව පොලිසිය කියයි. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ජාතිකයා අමතා මෙය අධිකරණයට ඉදිරිපත් කළොත් රුපියල් 50000/= ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවත් රුපියල් 40000/= ක් ඉල්ලා එයින් රුපියල්…

Read More

බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සියලුම වෘත්තිකයන් අද උදෑසන 8.00 සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණය වී තිබේ. බරපතළ විෂමතාවයන් සහිතව සහ සෞඛ්‍ය සේවකයන්ගේ දැඩි විරෝධතා මධ්‍යයේ සකස් කළ “ස්ථාන මාරු නියෝග 2024” ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය නියෝග කිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසීය. මෙම වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, වෘත්තියේ චිකිත්සක නිලධාරීන්, කතන චිකිත්සක නිලධාරීන්, ඖෂධවේදීන් ඇතුළු වෘත්තිය කණ්ඩායම් 07 ක් සම්බන්ධ වන බවත් හෙතෙම කීවේය.

Read More

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More