Author: LANKA24X7

මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති වැඩවර්ජනයක් කැඳවා ඇති අතර සමහර කටයුතු ඒ හේතුවෙන් අඩපණ වී තිබේ. මේ අතර ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් නිසි පියවර ගෙන ඇති බව බලධාරීන් පවසයි. සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම්කර ඇති බව CPC සහ CPSTLහි සභාපති එම්. යූ. මොහොමඩ් මහතා තහවුරු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

Read More

ආර්ථික අර්බුදයේ සමස්ත බර ජනතාව මත පැටවීම වෙනුවට රජය මුදල් නිසි ලෙස කළමනාකරණය කොට දූෂණය පිටුදැකීම, රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම, මහජන නියෝජිතයින් භුක්තිවිදින අසීමිත වරප්‍රසාද ඉවත් කිරීම, වැනි ප්‍රායෝගික විසඳුම් තුළින් මහජන පීඩා අවම කිරීමට රජය කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයාට දැනුම් දෙමින් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් විසින් විශේෂ ලිපියක් නිකුත් කොට තිබේ . මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නා හිමියන් ගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ පළාත්පාලන මැතිවරණය කල් දැමීම ජනතාව අතර යම් නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම යනු…

Read More

ප්‍රංශය, ඉන්දියාව, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය නාවික හමුදා අභ්‍යාසයක් සඳහා එක්වී තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ ප්‍රංශයේ ප්‍රධානත්වයෙන් මෙම නාවික හමුදා අභ්‍යාසය සිදුකෙරෙන බවය. ඉන්දීය සාගර කලාපය තුළ එම යුද අභ්‍යාසය ක්‍රියාත්මක අතර මෙවර පැවැත්වෙන්නේ එහි තෙවන අදියරයි. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දීයාව, අමෙරිකාව සහ ජපානය යන රටවල නාවික හමුදාවන්ට අයත් නෞකා මෙම නාවික අභ්‍යාසය සඳහා එක්වී ඇති බවය. ප්‍රංශය වෙනුවෙන් ඔවුන්ගේ නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ඊට දායක වී ඇත.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ට සහ පැරිස් සමාජයේ ණයහිමියන්ට ලිපියක් යවා තිබේ. ඔහු එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන වැඩසටහන සඳහා අවශ්‍ය සහයෝගීතාවය ලබාදෙන ලෙසය. ජනාධිපතිවරයා සිය ලිපියෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ බාහිර ණය තත්ත්වය පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව අවශ්‍ය තොරතුරු අදාළ පාර්ශ්වයන්ට ලබාදෙන බවය.

Read More

ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගම එහි සේවකයින්ට අසුබ ආරංචියක් නිවේදනය කර තිබේ. එහි සඳහන් වන්නේ 10,000ක් පමණ වන සේවකයින් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට එම සමාගම තීරණය කර ඇති බවය. මේ එම සමාගම මාස 4ක් තුළ සේවකහින් ඉවත්කරන දෙවැනි අවස්ථාවයි. 2022 නොවැම්බර් මාසයේදී ද මෙටා සමාගම එහි අනු සමාගම් වල සේවකයින් 11,000ක් පමණ ඉවත් කිරීමට කටයුතු කළේය. මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පැවසුවේ මෙම අසීරු තීරණය ගනු ලැබුවේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීම සඳහා බවය. 10,000ක් රැකියාවලින් ඉවත් කිරීමට අමතරව දැනට පවතින පුරප්පාඩු 5,000ක් පමණ එසේම තැබීමටද ඔහු තීරණය කර තිබේ.

Read More

පිළියන්දල සුවාරපොළ නිවසක් තුළ දෙඅත් රෙදි පටියකින් ගැටගසා තිබූ කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව පිළියන්දල පොලීසිය කියයි. ඇයගේ සිරුර නිවසේ එල්ලෙමින් තිබූ බව පොලීසිය පැවසීය. මෙලෙස අභිරහස් ලෙස මියගොස් තිබුණේ 27 හැවිරිදි විවාහක කාන්තාවකි. මියගිය කාන්තාව මීට දින කිහිපයකට ඉහතදී සැමියා සමග අමනාපවී මවගේ නිවසට පැමිණ සිටියදී මෙලෙස සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි. සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) පැවැත්වීමට නියමිතය.

Read More

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් මහතාව එම ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉවත් කර තිබේ. සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතාව එම ධුරවලින් ඉවත්කර ඇත. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185(1) වගන්තියේ සඳහන් වරදවලට අදාළව නොයෙල් ස්ටීවන් මහතා වෙත ඉදිරිපත්වී තිබූ චෝදනා සියල්ලටම වරදකරු බවට තීරණය වී ඇති බැවින් ආණ්ඩුකාරවරයා විසින් එම තීරණ ගෙන ඇත.

Read More

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” ඇතුළු පිරිස අද (15) උදෑසන දිවයිනට රැගෙන ආ බව වාර්තා වෙයි. එම සැකකරුවන් පිරිස දිවයිනට රැගෙන ඒම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා මැඩගස්කරය බලා පිටත්ව ගිය අතර ඔවුන් කෙන්යාව, ඉන්දියාව හරහා මෙරටට පැමිණ තිබුණි. “හරක් කටා” සහ “කුඩු සළිඳු” සමග තවත් හය දෙනෙකු එම කණ්ඩායමේ සිටින අතර නඳුන් චින්තකගේ බිරිඳ බව පැවසෙන විදෙස් ජාතික කාන්තාවක් ද එම කණ්ඩායමට අයත් ය. පසුගිය 07 වනදා මෙම පිරිස අත්අඩංගුවට ගත් බවට වාර්තා වූ අතර මැඩගස්කර බලධාරීන් ඒ පිළිබඳව මෙරටට දැනුම් දී තිබුණි.

Read More

අද (15) දිනයේ ක්‍රියාත්මක වන්නේ කාර්යාල දුම්රිය 10ක් පමණක් බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිටින අද දෙරණ වාර්තාකරු පැවසුවේ දුම්රිය ස්ථානය පාළු ස්වභාවයක් ගන්නා බවත් එහි ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවත්ය. මේ අතර දුම්රිය සේවය අඛණ්ඩ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (14) රාත්‍රී නිවේදනය කළේය. කාර්යාලීය දුම්රිය 13ක් අද උදෑසන ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව එම නිවේදනයේ දැක්වුණි. අවිසාවේල්ල, හලාවත, රඹුක්කන, ගනේවත්ත, මහව, මහනුවර, බෙලිඅත්ත, ගාල්ල, අළුත්ගම සහ දකු ණු කළුතර සිට කොළඹ දක්වා එම දුම්රිය ධාවනය කෙරෙන බව සඳහන් විය. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව…

Read More