Author: LANKA24X7

මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවට මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය කර තිබේ. රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ, අද දිනයේ අදාළ දැනුම්දීම ලිඛිතව සිදුකිරීමට බලාපොරොත්තු වන බවය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස රජයේ මුද්‍රණාලය මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබුණි. එහෙත් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළාය. මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රතිපාදන වෙන් කරමින් සිදුකර තිබු දැනුම්දීමට…

Read More

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඉස්ලාමාබාද් පොලීසිය දෙවන වරටත් අපොහොසත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, ඉම්රාන් ඛාන් නායකත්වය දරණ PTI පක්ෂයේ ආධාරකරුවන් එය වැළැක්වීම හමුවේය. එම පක්ෂයේ ආධාරකරුවන් විශාල පිරිසක් ඉම්රාන් ඛාන්ට අයත් නිවස අවට මාර්ග පුරා එක්රැස්වී සිටින බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් පොලීසිය සහ පාක්ෂිකයින් අතර ගැටුම් ද හටගෙන ඇති බව පැවසෙයි.

Read More

ඊයේ හික්කඩුව වෙරළ තීරයේදී දියේ ගසාගෙන ගිය විදෙස් ජාතිකයෙකුගේ දිවි බේරාගැනීමට හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සමත්ව තිබේ. මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි රුසියානු ජාතිකයෙකි. රුසියානු ජාතිකයා ඊයේ (15) හික්කඩුව වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙලෙස දිය වැලකට හසුව තිබේ. එහිදී මීටර් 100ක පමණ දුරක් ගසාගෙන ගොස් සිටි විදෙස් ජාතිකයාගේ දිවි බේරාගැනීමට එම නිලධාරීන් සමත්ව ඇත. පොලිස් පරීක්ෂක හේවගේ මහතාගේ අධීක්ෂණය යටතේ වහාම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක සිරිමල්, පොලිස් කොස්තාපල් චාමර සහ වෙරළ ආරක්ෂක නිලධාරීන් එක්ව මෙම විදේශිකයාගේ දිවි බේරාගෙන තිබේ.

Read More

රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුලු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ආරම්භ කර තිබු වැඩ වර්ජන අද (16) සිට තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිති පියවර ගෙන තිබේ. තෙල්, වරාය, සෞඛ්‍ය, පාසල්, බැංකු, තැපැල් ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති 40ක් ඊයේ (15) දිනයේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය. මේ හේතුවෙන් ඇතැම් ක්ෂේත්‍රයන්හි දෛනික කාර්යයන්වලට දැඩි බාධා එල්ල වීමත් සමග ජනතාව ද ඉන් පීඩාවට පත් වුණි. කෙසේවෙතත් අද දිනයේ සිට තාවකාලිකව එම වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබු වැඩවර්ජනය ද අද පෙරවරු 8.00 සිට තාවකාලිවක අත්හිටුවීමට පියවර ගන්නා බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. බස්නාහිර, සබරගමුව, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැකිය. නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…

Read More

ශ්‍රී ලංකාවෙි නිෂ්පාදනයක් වන සෙනාරෝ මොටර් කම්පැනි පුද්ගලික සමාගමෙි නවතම මෝටර් සයිකල් ජනාධිපති කාර්යාලය වෙත පරිත්‍යාග කිරීම අද (15) පෙරවරුවේ සිදු විය. අපනයන ආර්ථිකයක් කරා යාමේ රජයේ වැඩපිළිවෙළට දායක වෙමින් දේශීය ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් නගා සිටුවීමට ලංකා බැංකුව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන යටතේ මෙම නිෂ්පාදන කටයුතු කර තිබෙි. සෙනාරෝ මෝටර් කම්පැනි කළමනාකරණ අධ්‍යක්ෂ රොෂාන් වඩුගේ මහතා ඊට අදාළ යතුරු සහ ලිපි ලේඛන මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් පිළිගැන්වීය. කර්මාන්ත අමාත්‍යාංශය හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) ට අනුව මෙම නිෂ්පාදන කටයුතු සිදු කර තිබේ. ලංකා බැංකුවේ පූර්ණ…

Read More

අද (15) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් ඊයේට සාපේක්ෂව ඉහළගොස් තිබේ. ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 327.59ක් ලෙස දැක්වෙන අතර එහි විකුණුම් සඳහන් වන්නේ මිල රුපියල් 344.66 ලෙසය.

Read More

දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය හෙට සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව හෙට උදෑසන 8 සිට වැඩ වර්ජනය මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වෘත්තීයවේදීන්ගේ එකමුතුව වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවලියක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

Read More

පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් පාලනයකට යටත් කිරීමෙන් අනතුරුව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් දැනුවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආණ්ඩුකාරවරු සමග පැවති සාකච්ඡාවකදී එම දැනුවත් කිරීම සිදු කර ඇත. එළඹෙන 19 වනදායින් අනතුරුව පළාත් පාලන ආයතන 341ක නිල කාලය කොමසාරිස් පාලනයකට යටත් කිරීමට නියමිතය. ඒ අනුව, මහනගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන්ට සහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල පාලනය එහි ලේකම්වරු යටතට පත්වනු ඇත. රජය ගනු ලබන තීන්දු, තීරණ පළාත් පාලන ආයතන මට්ටමෙන් ක්‍රියාවට නැංවීමේදී ජනතා අපේක්‍ෂාවන් ඉටුවන අන්දමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට පෙන්වා දී තිබේ.…

Read More

ගුවන් ගමන් පාළකවරුන් අද (15) දින ක්‍රියාත්මක වෘත්තීය අරගලයට සහාය පළ කරමින්, දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා කාළය තුළ “අකුරට වැඩ කිරීමේ” වෘත්තීය ක්‍රියාමාර්ගක අද (15) නියැලීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද මහතා පැවසීය . මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ශ්‍රී ලංකාවෙන් පිටත් වන සහ පැමිණෙන ගුවන් යානා වල ප්‍රමාද වීම් සිදු විය හැකි බවට අනතුරු ඇගවීමක් මෙම සංගමය විසින් සිදු කරති . එහෙත් ශ්‍රී ලංකා ගුවන් සීමාව හරහා ඉහළින් ගමන් ගන්නා ගුවන් යානා , හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා , වෛද්‍ය ආධාර සහ රෝගීන් රැගෙන යන ගුවන් යානා සහ ගලවා ගැනීමේ…

Read More