Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකන් ගුවන් යානයක් පමා වීම හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා බලාපොරොත්තු වූ ශ්‍රමිකයින් 48 දෙනෙකුගේ රැකියා සිහිනය බොඳ වී ඇතැයි පළ වී තිබෙන වාර්තාව සත්‍යයෙන් තොර බව වාර්තා වී තිබෙනවා. මෙම ශ්‍රමිකයින් පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය මැයි 23 වෙනි දින රාත්‍රී 8.00 ට කොළඹ සිට කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කළේ ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය නියමිත වෙලාවට ගුවන්ගත කළ නොහැකි වූ නමුත් යානය මැයි 24 වෙනි දින උදෑසන 6.00 ට ගුවන් ගත කළ බවයි. කොරියාව බලා පිටත් වීමට සූදානමින් සිටි ශ්‍රමිකයින් පිරිසගේ කටයුතු කොරියාවේදී…
ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඒ, පාර්ලිමේන්තු සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසිනි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණි. එහිදී යෝජනාව ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය. ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව ඒකාන්ත බහුතරයකින් සම්මත වූ බවය.
ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. තැපැල් හුවමාරුව හරහා එවන ලද පාර්සල් පරීක්ෂා කිරීම්වලදී ඒ තුළ තිබී “කුෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.475ක් මෙලෙස සොයාගෙන ඇත. එහි මුළු වටිනාකම රුපියල් මිලියන 34.75 වන බවට ශ්‍රී ලංකා රේගුව පවසයි. පසුගිය කාලය තුළදී අමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවල්වලින් තැපැල් මගින් බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන් වෙත එලෙස පාර්සල් 10ක් පමණ එවා තිබුණි. එම පාර්සල් ලබාගැනීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් නොවූ බැවින් පසුගිය 16 වනදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දී ඒවා රේගු නිලධාරීන් විසින් පරික්ෂා…
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමා තිබේ. ඒ අනුව, කිරිපිටි (ලංකා සතොස) ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 50කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 1,030කි. වියළි මිරිස් කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,350ක් වෙයි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 325ක් වන අතර එහි ඉතිරිය රුපියල් 10කි. සෝයා මීට් (තොග) කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 660කි. ලොකු ලූනු කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 129ක් වන අතර එහි ඉතිරිය රුපියල් 6කි. සුදු සීනි කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 239ක් වන…
බස් ගාස්තුවට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ඒ සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බවය. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කාලය එළඹ ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. “දුම්රිය දෙපාර්තමේන්තුවේ 2021 මුළු ආදායම බිලියන 2.6යි. බිලියන 2.3ක් අතිකාල දීමනා. වැටුප් සඳහා බිලියන 7යි. ඒ නිසා පසුගිය වර්ෂවල බිලියන 10ක විතර අලාභයක් සිදුව තිබෙනවා. මේ අලාභය පියවා ගැනීමට නම් මේ ආයතනයේ තිබෙන අකාර්යක්ෂමතාවය නැති කරන්න එක උත්තරයයි තියෙන්නේ,මේවා ඩිජිටල්කරණය කරන්න ඕනේ.…
ගාල්ල, හබරාදූව ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. අද (24) උදෑසන 7.30ට පමණ සිදුකර ඇති එම වෙඩිතැබීමෙන් එම පුද්ගලයාගේ බිරිඳ ද තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළේය. සිය දරුවා පාසල වෙත රැගෙන ගොස් ත්‍රිරෝද රථයකින් යළි එමින් සිටි ඔවුන් දෙදෙනාට යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළාගොස් ඇති බවට පොලිසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එහිදී බරපතළ තුවාල ලැබු පිරිමි පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති අතර කාන්තාව එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භකර තිබෙන බව නීතිපතිවරයා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන්නේය. දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා මෙම දැනුම්දීම සිදුකළේය. අදාළ දේවගැතිවරයාට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භකර තිබෙන බවත් ඒ පිළිබඳව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශපත්‍ර ගාස්තු 25%කින් පමණ ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව අද පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කෙරුණි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පැනයකට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එහිදී පිළිතුරු ලබාදුනි. ප්‍රශ්නය – ඔබතුමා ප්‍රකාශ කරලා තියෙනවා පාසල් ළමුන්ගේ වාර ප්‍රවේශපත්‍ර ගාස්තු 25 % – 30%කින් වැඩිකරන්න යනවා කියලා. දෙමාපියන් ඉතාම අපහසුතාවයෙන් ඉන්නේ ඒ නිසා එම ගාස්තුව වැඩිකරන්න එපා කියලා ඉල්ලනවා. “අපිට කරුණු දෙකක් තෝරගන්න පුළුවන්. ඉතා විශාල ලෙස පීඩාවට පත්වෙලා ඉන්න දරුවන්ට වැඩියෙන් බස්රථ දාලා ඒ අයට ප්‍රවාහනය දෙනවා ද? එහෙම නැත්නම් තියෙන බස් රථ ප්‍රමාණයට ඉන්ධන වියදමවත් හොයා…
ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මෙවර සජිත් ප්‍රේමදාසට හැංගෙන්න සිදුවන්නේ කොංගෝ වනාන්තරයේ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුව අමතමින්. පැවති ජනාධිපතිවරණයෙන් පසු ප්‍රේමදාස යාල කැලේ හැංගුන බවත් එළැඹෙන මැතිවරණයේ දී ඔහුට හැංගෙන්නට යාල කැලයත් ඉඩමදි වන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
