Author: LANKA24X7

සෙල්ලකතරගම කොහොඹදිගාන පදිංචි එච්.එම්.දිල්රුක්ෂි නමැති කාන්තාවක් සෞදි අරාබියේදී රැකියාවකට ගොස් අතරමංවී ඇතැයි පවුලේ ඥාතීන් පවසයි. ඇය විසින් එවන ලද වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් කර තිබුණි. එච්.එම්. දිල්රුක්ෂි, “20ක් 30ක් විතර එකම කාමරයක දාලා. කන්නවත් දෙන්නෑ. දවස ගානේ අරන් ගිහින් එක එක තැන්වලට විකුණලා..පැය 6යේ 7තේ වැඩ කරවගන්නවා. සල්ලි දෙන්නේ නැහැ. සල්ලි ඒජන්සියේ මැඩම් ගන්නවා.” “පෝලිමේ තියලා ලංකාවේ කාන්තාවන්ව මුන් විකුණනවා. 19,500යි සෙකන්ඩ් හෑන්ඩ්. අලුත් එව්වු 30,000යි කියලා උන් ගණන් කියනවා. අනේ මොකක් හරි කරන්න.” ඇය දරුවන් 4 දෙනෙකුගේ මවකි. දිල්රුක්ෂිගේ සැමියා වන චමිල්සිරි නන්ද තම බිරිඳ ගෙන්වා ගැනීමට මැදිහත්වන ලෙසට අද කතරගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Read More

ශ්‍රී ලාංකික කාන්තාවන් බොහෝ දෙනෙකු මැදපෙරදිග ඇතුළු විදෙස් රටවලට යන්නේ ගෘහ සේවයේ නිරතවීම සඳහාය. එහිදී හාම්පුතුන්ගේ විවිධ තැලීම් පෙළීම්වලට ලක්වන ඇතැම් කාන්තාවන්ට තම ජීවිතය පවා අහිමිවී යයි. පසුගියදා සිංගප්පූරුවේදී කාන්තාවක් ඉහළ මහලයකින් පැන මියගොස් දින කිහිපයක් යන්නට මත්තෙන් තවත් එවැනිම සිද්ධියක් මැලේසියාවෙන් වාර්තා වුණි. කොබෙයිගනේ පදිංචි නිලන්ති බණ්ඩාර 44 හැවිරිදි එක්දරු මවකි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජා-ඇල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් හරහා ඇය මැලේසියාවට යන්නේ සංචාරක වීසා හරහාය. එහිදී ගෘහ සේවිකාවක් ලෙස නිවසක සේවයට යන ඇය විවිධ තාඩන පීඩනවලට ලක්වී තිබේ. කෙසේ වෙතත් මැලේසියාවේ සිටින ඇයගේ මිතුරියකගෙන් පසුගිය 23 වනදා ඥාතීන්ට අසන්නට ලැබුණේ ඉතාම අසුබ පුවතකි. ඒ නිලන්ති තට්ටු ගොඩනැගිල්ලකින්…

Read More

නීතිවිරෝධි ලෙස රත්‍රන් මෙරටට රැගෙන ඒමේදී රේගු අත්අඩංගුවට පත්වී රුපියල් මිලියන 7.5 ක දඩ මුදලක් ගෙවීමෙන් පසු මුදාහැරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට සිය කැමැත්තෙන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට යෝජනාවක් ඊයේ (26) පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් ගෙනආ එම යෝජනාව ස්ථිර කර ඇත්තේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි. එසේම මෙම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් ද සහාය පළකර තිබේ. ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට යොමුකිරීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟත්වය පළවූ බව වාර්තා වෙයි.

Read More

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුවී තිබේ. ඊයේ (26) සවස 6.30 ට පමණ අවිස්සාවේල්ල තල්දූව මංසන්ධියේදී මෙම වෙඩිතැබීම සිදුවී ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ. මුහුණු ආවරණය කළ පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවට දැනට සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. දෙපිරිසක් අතර කලක පටන් පවතින ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුවන්නට ඇතැයි පොලීසිය සැකකරයි. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ තල්දූව ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

Read More

මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ඊයේ (26) පැවැති අවසන් පුර්ව වටයේ තෙවන තරගයේ ජය හිමි කරගැනීමට ගුජරාටි කණ්ඩායම සමත් විය. ඒ අනුව ගුජරාට් කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මේ වනවිටත් අවසාන මහ තරගයට සුදුසුකම් ලබා තිබේ. IPL තරගාවලියේ අවසන් මහා තරගයට අවස්ථා 9කදී සුදුසුකම් ලැබු චෙන්නායි කණ්ඩායම ඉන් අවස්ථා 4කදී ශූරතාව හිමි කරගැනීමට සමත් වුණි. ඊයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 233ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 18යි පන්දු02ක් අවසානයේ…

Read More

මේ වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 604ක ආයෝජන ලැබී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (26) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Read More

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව අඛණ්ඩව පියවර ගන්නා බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කරනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සහ ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය පිළිබඳ ජාතික කථිකාවතට කොළඹදී ඊයේ (25) එක්වෙමිනුයි මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ. එමෙන්ම පසුගිය කෙටිකාලය තුළ රජය සිදුකළ ප්‍රතිසංස්කරණ තුළ මෙරට ආර්ථිකයේ පැහැදිලි ස්ථාවරත්වයක් දක්නට ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපද වෙළඳ නියෝජිතයන් සමඟ මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදීයි. මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේදී රුපියල සුළු වශයෙන් ශක්තිමත් වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව…

Read More

දිවුලපිටිය ප්‍රදේශයේ වත්තකට අනවසරයෙන් ඇතුළු වී පොල් ගෙඩි 20ක් සොරකම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබෙනවා. මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් විත්තිකරුට වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර, එය වසර 10ක කාලයකට අත්හිටුවනු ලැබුවා. ඉදිරි වසර 10 යහපත් හැසිරීමෙන් ගතකරන ලෙසයි එහිදී මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට අවවාද කර ඇත්තේ. කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ එක්දරු පියෙකුට මෙලෙස අත්හිටවූ සිරදඬුවම් නියම වූයේ රුපියල් 1200ක වටිනාකමකට තක්සේරු කර ඇති පොල් ගෙඩි 20ක් සොරකම් කිරීමේ චෝදනාවටයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස‍යි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Read More

කඳාන – වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ පුද්ගලයෙකු දෙඅත් ගැට ගසා මුඛය ආවරණය වන පරිදි රෙදි කඩකින් බැඳ ඝාතනය කර තිබෙනවා. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 84 ක් වූ වැලිගම්පිටිය, ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අදාළ පුද්ගලයාගේ දියණිය නිවසට පැමිණි අවස්ථාවේ ගේට්ටුව සහ නිවස අඟුළු දමා වසා තිබිම හේතුවෙන් ඇයට සැක පළ වී ඇති අතර එම නිසා ඇය වැඩිදුරටත් සොයා බැලීමක් සිදු කර තිබෙනවා. එහිදී අදාළ පුද්ගලයාගේ මළසිරුර සොයා ගත් බවයි වාර්තා වී ඇත්තේ. මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

Read More