Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා සහාය දක්වන විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ අවසන් තීරණය ලබන 21 වනදා නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමෙන් අනතුරුවයි. ඊට අදාළ විශේෂ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා වේලාවෙන් මාර්තු 21 වනදා පෙරවරු 08 ට කොළඹදී පැවැත්වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද නිළ වශයෙන් අනාවරණය කළා. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී, පීටර් බෲවර් සහ ශ්‍රී ලංකාව, ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි සහභාගි වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට සහය ලබාදීම සම්බන්ධ වැඩසටහන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ලබන…
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුවේට් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පල්ලම ප්‍රදේශයේ පුද්ගලයෙකු විමර්ශන නිලධාරීන් විසින් මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය. අදාළ සැකකරු ගම්පොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් කුවේට්හි රැකියාවක් ලබාදෙන බව පවසමින් හාරලක්ෂ 50,000ක මුදලක් ලබාගෙන තිබේ.
අද දිනයේ බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දිනට අදාළ කාලගුණ නිවේදනය නිකුත් කරමින් මේ බව පවසයි. මේ අතර මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. එසේම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරග ආරම්භය පමා විය. මේ අතර අද තරගයට නිරෝෂන් දික්වැල්ල වෙනුවට නිශාන් මධුෂ්ක කැඳවා ඇති අතර එය ඔහුගේ මංගල ටෙස්ට් තරගයයි.
ඉන්දියානු සම්භවයක් ඇති රවී චෞද්‍රි අමෙරිකානු ගුවන් හමුදාවේ බලශක්ති, ස්ථාපන සහ පරිසරය පිළිබඳ සහකාර ලේකම් ලෙස පත්වී තිබේ. ඒ, අමෙරිකානු සෙනට් සභාවේ තීරණයකට අනුවය. එම තනතුර සඳහා රවී චෞද්‍රිගේ නම යෝජනා වූ අවස්ථාවේදී සෙනට් සභාවේ පැවැති ඡන්ද විමසීමෙන් ඔහුට පක්ෂව ඡන්ද 65 හිමිවී ඇත. ඔහුට විරුද්ධව හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 29 කි.
2023 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් එම මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් වෙත කැඳවීමක් කර තිබේ. ඊයේ දින රැස්වූ මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ අදාළ සාකච්ඡාව එළඹෙන 23 වනදා පැවැත්වීමටයි. මේ අතර ඊයේ සිට දින 14ක් ඇතුළත 2021 වර්ෂයේ විගණිත ගිණුම් ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් අදාළ දේශපාලන පක්ෂවලට ඇති හිමිකම් අවසන් කිරීමට ද මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
කොවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීම තුළින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනය දරුණු පසුබෑමකට ලක්වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් ආනවරණවී තිබේ. එම වාර්තාවේ දැක්වෙන්නේ, තුන්වැනි ශ්‍රේණියේ දරුවන් යොදාගෙන සිදුකරන ලද සමීක්ෂණයට අනුව සියයට 90කට පමණ ප්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ අංක පිළිබඳ දැනුමක් ලබාගැනීමට නොහැකි වී ඇති බවය. කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ට සිදුවූ බලපෑම පිළිබඳ සොයාබැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සංගණනයක් සිදු කර තිබුණි. ඒ, 2021 දෙසැම්බර් සිට 2022 ජනවාරි මස දක්වා කාලය තුළදීය. මේ සඳහා දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පාසල් 1,009ක තුන්වැනි ශ්‍රේණියේ දරුවන් 10,000ක් පමණ සහභාගී කරගෙන තිබේ. සමීක්ෂණය සිදුකර තිබුණේ සවන් දීම, කථන හැකියාව, කියවීම, ලිවීම, සංඛ්‍යා හා මූලික ගණිත…
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. පොලීසිය මත්ද්‍රව්‍ය පිළිබඳ නඩු පැවරීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටය සම්බන්ධයෙන් ජනතාව චෝදනා එල්ල කිරීම ඊට හේතුව බව ඊයේ (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසීය. අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, “ඉඳලා හිටලා එක සාම්පලයක් වැරදි වෙන්න පුළුවන්. සමහර පොලීසිවලින් සාම්පල 20 – 30 වැරදියට එවනවා. කුඩු නොවන දේවල් විෂ මත්ද්‍රව්‍ය කියලා එවලා තියෙනවා. මේ නීතිය අවභාවිතා වෙනවා. නීතියේ යම් ප්‍රතිසංස්කරණ විය යුතුයි. පැනඩෝල් කුඩු යොදලා සැකකරුවෙකු ඉදිරිපත් කලත් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවෙකු ලෙස රිමාන්ඩ් වෙනවා. මාස ගාණකින් රස පරීක්ෂක වාර්තා එනකොට ඒවායේ…
රට බංකොලොත්වීමට හේතුවූ ප්‍රධාන හේතු 02 පිළිබඳව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (16) අනාවරණය කළේය. ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ පැහැදිලි කිරීම වෙනුවෙන් ඊයේ පැවැති දේශනයකදී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය. මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “අලුත් පනත යටතේ ප්‍රධාන අරමුණක් වෙන්නේ මුදල් පාලනය.. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ ඒ වෙනුවෙන්. බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන, ඒජන්සි කළමනාකරණය සඳහා පාලක මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා.” “2020 වසරේ සිට මහ බැංකුවේ මත වෙනසක් තිබුණා. පොලී අනුපාතය සහ විනිමය අනුපාතය පාලනය නොකර එකම අගයක තියාගමු කියලා කිව්වා. ඒකෙන් වුණේ අත්දෙක ගැටගැහුවා වගේ දෙයක්.” “මේක තමයි…
නුවර සිට මාතර දක්වා ධාවනය වු දුම්රියේ, කොග්ගල ප්‍රදේශයේ දී මොටර් රථයක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කොග්ගල පොහොර ගබඩාව අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීමට උත්සාහ කළ මෝටර් රථයක් එලෙස අනතුරට ලක්ව තිබුණි. පසුව එම ස්ථානයේ සිට මීටර් 200ක් දුරින් පිහිටි කොග්ගල ගුවන් හමුදා කඳවුර අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය දක්වා මෝටර් රථය දුම්රියේ පැටලී ඇදි ගොස් ඇත. අනතුරට ලක්වු මෝටර් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙක් සිරවී සිටි අතර ඔවුන්ව බේරාගැනීමට ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දැරීය. කෙසේවෙතත් අප වාර්තාකරු පැවසුවේ ඔවුන් දෙදෙනා ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවය.
