Author: LANKA24X7

ගායිකාවක් සහ නිරූපිකාවක් වන යොහානි ද සිල්වා හට ඩුබායි හි ගෞරවනීය ගෝල්ඩන් වීසා හිමි වී තිබෙනවා. ගෝල්ඩන් වීසා යනු කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් පුද්ගලයින්ට ඩුබායි හි බලධාරීන් විසින් පිරිනමනු ලබන ගෞරවනීය ප්‍රදානයකි. යොහානි ද සිල්වා යනු ගායිකාවක් සහ නිරූපිකාවක් වන අතර ඇයගේ සිත් ඇදගන්නාසුළු රංගනයන් සහ සුවිශේෂී සංගීත ශෛලිය සඳහා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලනවා.

Read More

මදුරු මර්දන සහයකයන් ලෙස නිවසකට වෙස්වලා ගෙන පැමිණ පුද්ගලයන් තිදෙනෙකු එහි සිටි 73 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ අත් පා බැඳ දමා රන් භාණ්ඩ කොල්ලකා පලායෑමේ පුවතක් කැස්බෑව – බටුවන්දර ප්‍රදේශයෙන් වාර්තා වනවා. කොල්ලකරුවන් විසින් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා රන්භාණ්ඩ සහ ජංගම දුරකථනයක් මෙලෙස කොල්ල කා පලාගොස් ඇති බවටයි පොලිසිය සඳහන් කළේ. හොඳින් හැඳ පැළඳ අත ෆයිල් කවර සහ ලිපිලේඛන අතැතිව පැමිණ තිබූ මෙම කොල්ල කරුවන් තිදෙනා අසල්වාසීන්ට කිසිදු සැකයක් ඇති නොවන පරිදි තවත් නිවාස කිහිපයකට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

Read More

යූරියා පොහොර මිටියක් උපරිම සිල්ලර මිලට වඩා වැඩිමිලට අලෙවිකරන වෙළදුන් සහ බෙදාහරින්නන් සොයා වෙළඳපළේ විශේෂ වැටලීමක් ආරම්භ කර තිබෙනවා. වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දුගේ උපදෙස් මතයි මෙම වැටලීම් ආරම්භ කර ඇත්තේ. යළ කන්නයේ යූරියා පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් අසූදහසක් වන අතර ඉන් විසිදහසක ප්‍රමාණයක් මේ වන විට ගොවීන් වෙත බෙදාහැර අවසන් කර තිබෙනවා.

Read More

රජය මෙවර මිහින්තලා පොසොන් ආලෝක පූජාව නොසලකා හැරියත් ජනතාවගෙන් ලද සහයෝගයෙන් ආලෝක පූජාව සාර්ථක කරගැනීමට හැකිවූ බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පවසයි. මිහින්තලා ආලෝක පූජාව අවසන් කරමින් පැවති ඊයේ (04) සාකච්ඡාවකදී උන්වහන්සේ සවේදී ව ඒ සම්බන්ධයෙන් අදහස් පළකළා.

Read More

අද (05) බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වෙනවා. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ම්.මි. 75ක පමණ තරමක වැසි ද ඇති විය හැකි බවයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වෙන අතර ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවත් සඳහන්. උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.ම්.. 40-45ක පමණ තද සුළං ඇති…

Read More

ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමත් සමඟ ලාෆ් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවේ ද යන්න සම්බන්ධයෙන් විධායක මණ්ඩලය අද (05) පස්වරුවේ රැස්වී සාකච්ඡා කරන බව එම සමාගම ප්‍රකාශ කළා. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (05) සිට රුපියල් 452කින් අඩු වන අතර ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3,186ක් ලෙසයි. එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් අඩු වන අතර එහි නව මිල රුපියල් 1,281ක්. කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 83කින් අඩු කර රුපියල් 598කට අලෙවි වෙනවා. මේ අතර ගෑස් මිල අඩු කළ ද බේකරි නිෂ්පාදනවල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා බේකරි…

Read More

ඔට්ටමාවඩි ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේප්පුවකින් රුපියල් කෝටි 2 ක පමණ රන් භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනා මත එම බැංකුවේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පවසන්නේ ඒ අතර එහි නියෝජ්‍ය කළමනාකරු, මෙහෙයුම් කළමනාකරු සහ සේවා සහායකද සිටින බවය. ඔට්ටමාවඩි ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට පසුගියදා පැමිණිල්ලක් ලැබී තිබුණි. විමර්ශන කණ්ඩායමක් ඒ අනුව එම ප්‍රදේශයට ගොස් කඩිනම් පරීක්ෂණ ආරම්භ කර තිබුණි. එහිදී හෙළිවී තිබුණේ පුද්ගලයෙක් පසුගිය වසරේ නොවැම්බර් මස දස වනදා උකස් තැබූ තම රන් භාණ්ඩ නැවත උකස් තැබීම සඳහා පැමිණි අවස්ථාවේදී ඒවා අස්ථානගතවී තිබීම හේතුවෙන් එම…

Read More

2022 වසරේ ජාතික පාසල් ගුරු මාරු කිරීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2021/12/31 වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලුම ගුරුවරු ජූනි මස 12 වනදා වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතුය. යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මඟින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ හැකි බව ද අදාළ නිවේදනයේ දැක්වේ. මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන බව ද ගුරුවරුන්ට දැනුම් දී ඇත. මේ අතර අභියාචනයට යොමු කළ අයදුම්පත් පිළිබඳ අභියාචනා තීරණය කඩිනමින් දැනුම් දෙන බව ද…

Read More

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට එම ගංවතුර තත්ත්වය බලපෑ හැකි බවය. මේ හේතුවෙන් කුඩා ගඟ අවට පහත්බිම් හරහා ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල අගෝස්තු – සැප්තැම්බර් වන විට ගෙවාදැමීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා පවසයි. අද (01) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය.

Read More