Author: LANKA24X7

සංචාරක අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී (16) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ශතක වාර්තා කිරීමට නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් සමත්විය. පළමු දිනය නිමා වන විට පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් දැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 386 කි. අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර මෙලෙස ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමු වරටය. මෙම ඓතිහාසික ටෙස්ට් තරගයේ පළමුවෙන් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. නායක දිමුත් කරුණාරත්න සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නිෂාන් මදුෂ්ක ලකුණු 29ක් ලබා සිටියදී දැවීගියේ මුළු ලකුණු සංඛ්‍යාව 64ක්ව තිබියදීය. අනතුරුව නායක දිමුත් කරුණාරත්න සමගින් පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස්…

Read More

අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඩේඩ්විල් නම් නගරයේ සාදයක් අතරතුර වෙඩිතැබීමක් සිදුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉන් සිව් දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණි. එම වෙඩිතැබීම සිදුකර ඇත්තේ උපන් දින සාදයක් අතරතුර දීය. මෙම වසර තුළදී මේ දක්වා අමෙරිකාවේ සමූහ වෙඩිතැබීම් 140ක් පමණ වාර්තා වී තිබේ.

Read More

බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 200ක ණය මුදල නැවත ගෙවීම ආරම්භ කිරීමට තවත් මාස 06ක් ලබාදීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ. ඒ අනුව,ශ්‍රී ලංකාව විසින් එම ණය මුදලේ පළමු වාරිකය අගෝස්තු මාසයේදීත් දෙවැනි වාරිකය සැප්තැම්බර් මාසයේදීත් බංග්ලාදේශයට ලබාදීය යුතුය.

Read More

සබරගමුව, බස්නාහිර, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන්ගත් සුඛෝපභෝගී ජිප්රථය අනතුරකට ලක්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ දී වාහනය තුළ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 5 දෙනෙක් සිට ඇත. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් සියඹලාපිටිය මහතාගේ ආරක්ෂක නිලධාරියා තුවාල ලබා රෝහල් ගතකළ බවය. මේ අතර සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා ද මේ වනවිට කරවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ආසන්නයේ මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ජිප් රථය අනතුරට ලක්ව තිබේ.

Read More

දිවිතුරවත්ත, ඇත්කදුර ප්‍රදේශයේ ලැයිමක් අසල කැලෑබද ප්‍රදේශයක ගල් දෙබොක්කාවක තිබී ඊයේ (07) පුද්ගල මළ සිරුරක් හමුව ඇත. පොලීසිය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 21 හැවිරිදි අවිවාහක තරුණයෙකු බවය. මෙම පුද්ගලයා ඔහුගේ බාල සොහොයුරා සමග නිවසේ පදිංචිව සිට තිබේ. පසුගිය 05 වනදා ඔහු තවත් පුද්ගලයෙකු සමග නිවසෙන් පිටව ගොස් නැවත නිවසට නොපැමිනීම හේතුවෙන් ඔහුගේ සහෝදරයා විසින් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි ද කර ඇති බව පොලීසය සඳහන් කළේය. මෙය සැකකටයුතු මරණයක් බැවින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු – මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකියි. එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. තවද ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී…

Read More

පාන් ඇතුලු බේකරි නිෂ්පාදන, සිමෙන්ති සහ කිරිපිටි මිල තීරණය කිරීම සඳහා ඉදිරියේ දී පාරිභෝගික අධිකාරියට මැදිහත්වීමට සිදුවනු ඇතැයි එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල පවසනවා. කර්මාන්තකරුවන් මේ අවස්ථාවේ ඒවායේ මිල අඩු නොකිරීම ඊට හේතුව බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ. එසේම රසායනාගාර පරීක්ෂණ සහ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවි කිරීම දිරිමත් කිරීමට ඉදිරියේ දී නව රෙගුලාසි හඳුන්වාදෙන බවද පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා කියා සිටියා.

Read More

12 වන ජාත්‍යන්තර T-20 අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වී තිබෙනවා. ඒ, මේ වන විට පැවැත්වෙන තුන්වන T-20 තරගයේ දීයි. පන්දු 37ක් තුළ රැස් කළ මෙම අර්ධ ශතකයට හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.

Read More

“අපේ රට බංකොළොත් කළ හොරාකාපු දුෂිත මේ ආණ්ඩුවට සමගි ජන බලවේගයේ කිසිම මන්ත්‍රිවරයෙක් යන්නේ නෑ, යන්න අනුමැතියත් අවසරයත් මම දෙන්නේ නෑ.ර ජය කරන හොද වැඩ අපි විවේචනය කරන්නේ නෑ. අද ආණ්ඩුවේ ඉන්න මහින්දානන්ද ඇතුළු හිටපු ඇමතිවරුන්ට මේ ආණ්ඩුවේ ඇමතිකම් නොළබීම ගැන මම දකින්නේ දිට්ඨදම්ම කර්මය පටිසන් දුන්නා කියලයි.දැන් ජන්දයක් තියලා ජනතාවට කැමති රජයක් පත්කරගන්න ඉඩ දෙන්න” යැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා මාධ්‍ය හමුවක් පවත්වා බිබිලේදි පැවැත්විය, බිබිල මැදගම පිහිටි රංජිත් මද්දුම බංඩාර මහතාගේ නිවසේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ලේකම්වරයා එසේ පැවසීය එහිදි තවදුරටත් අදහස් දැක්වු රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේද පැවසීය. “අද ආණ්ඩුවට බාලගිරි දෝෂය වගේ…

Read More