Author: LANKA24X7

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ එලෙස අක්‍රිය වී ඇත්තේ අප්‍රේල් මාසයේ දී අලුත්වැඩියා කිරීමට නියමිතව තිබූ ජනන යන්ත්‍රයක් බවය. කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලයේ දැනට පවතින ඩීසල් සහ දැවිතෙල් භාවිතයෙන් විදුලිය උත්පාදනය කරන විදුලිබලාගාර හරහා අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි (19) . සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 164ක සීමාකිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්විය. ඒ අනුව ලකුණු 416ක් පසුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිල මීට සුළු මොහොතට පෙර කිසිවෙකු නොදැවී ලකුණු 23ක් ලබා සිටියේය. ඊයේ (18) දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවි ලකුණු 26ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වු නායක දිමුත් කරුණාරත්න රැස් කළ ලකුණු සංඛ්‍යාව 89කි. දිනේෂ් චන්දිමාල් ලකුණු 37කට දැවී ගියේය. සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා…

Read More

සීමා නිර්ණය ජනගහනය අනුව සහ භූගෝලීය පිහිටීම අනුව නැවත වෙනස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට සීමා නිර්ණය සම්බන්ධයෙන් බරපතල අසාධාරණයක් සිදුව ඇති බවය.

Read More

ලිස්ටීරියා නැමැති රෝග ව්‍යාප්තියේ මූලය සොයා ගැනීම සඳහා කඩිනමින් පර්යේෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. ඔහු පැවසුවේ රජයේ අකාර්යක්ෂමතාව රෝග ව්‍යාප්තියට හේතුවී ඇති බවය.

Read More

පසුගිය පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ දෙකක භූචලන වාර්තා වී තිබේ. කිරින්ද ප්‍රදේශයේ රික්ටර් මාපාංක 2.6ක සුළු භූචලනයක් වාර්තා වී තිබුණි. ඊයේ (18) පස්වරුවේ මෙම භූචලනය වාර්තා වු බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය. එමෙන්ම ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් ද අද (19) අලුයම 3.30 ට පමණ රික්ටර් මාපාංක 3ක සුළු භූචලනයක් වාර්තා වී ඇති බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුරටත් පැවසීය.

Read More

පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. 2018 වසරේ මාර්තු 20 වනදා සිට වසර හතරක කාලයක් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වුව ද පසුගිය වසරේ පැවති තත්ත්වය හේතුවෙන් වසරක කාලයක් එහි නිල කාලය දීර්ඝ කෙරුණි. කෙසේවුව ද පළාත් පාලන ආයතන නීතියට අනුව අද දිනයට පෙර ඡන්ද විමසීමක් පවත්වා නව සභිකයන් පත්කර ගත යුතුව තිබේ. එහෙත් ඡන්ද විමසීම එම දිනයට පෙර පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් වේ. ඒ අනුව මහ නගර සභා 29හි බලය නාගරික කොමසාරිස්වරුන්ට ද, නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275හි බලය එම ආයතනවල ලේකම්වරුන්ට…

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයේ පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත යළිත් ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඒ, විභාග දෙපාර්තමේන්තුව විසින්. එම සාකච්ඡා හෙටින් ඇරඹෙන සතියේ අවස්ථා කිහිපයකදී පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ. ඒ සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 300කට ආසන්න පිරිසකට කැඳවීම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අතර, විශ්‍රාමික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද සිටිනවා. උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් සම්පාදනය කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රිකයක්ම ආවරණ වන පරිදි සිසුන් විසින් සපයන ලද පිළිතුරු පත් කිහිපයක් අහඹු ලෙස…

Read More

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව ඇති නඩු විභාගයට මුහුණ දීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණය වෙත පිටත්ව යෑමෙන් පසු එරට ආරක්ෂක අංශ ඔහුගේ ලාහෝර් හි නිවස වෙත කඩා වැදී තිබේ. ඒ, නිවසට ඇතුළුවීම වැළැක්වීමට යොදා තිබූ සියලුම බාධක ඉවත් කරමිනි. එම අවස්ථාවේ දී හිටපු අගමැති ඛාන්ගේ නිවසේ රැඳී සිටි ආධාරකරුවන් සහ ආරක්ෂක අංශ අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. ආරක්ෂක අංශවල මෙම ක්‍රියාකලාපයත් සමග ඛාන් පාර්ශ්වකරුවන් ප්‍රචණ්ඩකාරී වීම හේතුවෙන් පාකිස්තානය පුරා නොසන්සුන් තත්ත්වයක් මතු වී ඇත. විරෝධතාකරුවන් පාලනයට එරට ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ. ඉස්ලාමාබාද් අධිකරණය අසලින්ද වාර්තා වූයේ නොසන්සුන් තත්ත්වයකි. මේ අතර ඛාන් පාර්ශ්වකරුවන්…

Read More

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ ඝාතනය කර තිබියදී කුඹුරකදී සොයාගත් 26 හැවිරිදි දනූකා මධුවන්ති නම් තරුණිය දූෂණය කර ඝාතනය කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිදරව් වී තිබේ. ඇයව ඝාතනය කර ඇත්තේ ඉකුත් 10 වනදා රාත්‍රියේ 9.30ට පමණ බවට පොලීසිය අනාවරණ කරගෙන තිබුණි. ඊට අදාළව සැකපිට ආබාධිත හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් අතර මෙම ඝාතනය ඔහු විසින් සිදුකළේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා ඔහුගේ DNA සාම්පල සහ මියගිය කාන්තාවගේ සිරුරෙන් ලබාගත් DNA සාම්පල පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පොලීසිය පැවසීය. සැකකාර හමුදා සෙබළා අත්අඩංගුවට ගැනුණේ ඔහුගේ නිවස පොලිස් නිල සුනඛ ‘ඒගර්’ විසින් හඳුනා ගැනීමත් සමගය. අදාළ හමුදා සෙබළාගේ නියපොතු සහ සරමක ඒවන…

Read More

නව පොලිස්පති ධුරය ඇතුළු සෙසු ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීමේදී එම පත් කිරීමේ ක්‍රමවේදය ගැන මහජන විශ්වාසයක් ඇති කිරීමට නම් ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් කටයුතු කළයුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්ට මේ බව අවධාරණය කර තිබේ.

Read More