Author: LANKA24X7

බණ්ඩාරවෙල, පූනාගල මකල්දෙණිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග රාත්‍රී 8 පමණ වනවිට පැමිණි විශාල ජල පහරක් සමග සේදී ආ ගල් සහ මඩ හේතුවෙන් එම ප්‍රදේශ වතු නිවාස රැසකට දැඩි හානි සිදුව තිබේ. අප වාර්තාකරුවන් පැවසුවේ, එම ආපදා තත්ත්වයෙන් වෙළෙඳ සැලක් හා වතු නිවාස තුනක් මේ වනවිට සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කළ බවය. ඉන් 5 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මුලික රෝහල වෙත මාරු කර යවා ඇත. අධික වැසි හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ නිවාසවල පුද්ගලයින් 300ක් පමණ පුනාගල දෙමළ විද්‍යාලයේ තාවකාලිකව නවතා ඇතැයි වාර්තා වේ.…

Read More

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා හට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ කැඳවීමක් සිදුකර තිබේ. අද (20) උදෑසන ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස එහිදි දැනුම් දී ඇත. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය, වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් “අද දෙරණ” රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ගෙන් විමසීමක් සිදුකළේය. එහිදී ඔහු පැවසුවේ තමා රාජ්‍ය පරිපාලනය ලේකම් ධුරයෙන් ඉවත් කර ඇති බවට නොදන්නා නමුත් අද දිනයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදුකර ඇති බවය. කෙසේවෙතත් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඔහුට එම කාර්යාලයේ නව වගකීමක් භාරදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. පළාත් පාලන…

Read More

පොතුහැර පොලිස් වසමේ කන්දෙවත්ත ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස වෙඩිවැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ති‌බේ. ඊයේ (19) උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පැවසීය. එසේ මියගොස් ඇත්තේ, 35 හැවිරිදි පනාපිටිය, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීට දින 05කට පමණ පෙර මොරගොල්ල වත්ත නැමති ඉඩමේ කම්කරුවෙකු ලෙස සේවයට පැමිණි මරණකරු ඊට යාබද කන්දේවත්ත නැමැති ඉඩමේ කැලෑබද ප්‍රදේශයක විදෙස් රටක නිෂ්පාදිත පතරොම් තුවක්කුවක් මතට තුවාල සහිතව මුණින් අතට වැටී සිටියදී සොයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් කරන ලද මූලික විමර්ශනයේදී මරණකරු ආසන්නයේ වෙඩිවැදී මියගොස් සිටි ඉත්තෑවෙකුගේ මළ සිරුරක් හමුවී ඇති අතර තවද විදුලි පන්දමක්, ජංගම දුරකථනයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර පශ්චාත්…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (20) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ…

Read More

ලංකාව මූල්‍ය කළමණාකරණයට යටත් නොවන රටක් බවට ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන 20 වනවිට පිළිගෙන ණය ආධාර නොලැබුනොත් තව සති දෙකක්වත් රට ගෙනයන්න බැරි බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුනවර්ධන අද (19) පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසූවේ ශ්‍රී ලංගම රියදුරන් වෙනුවෙන් තාක්ෂණ ප්‍රායෝගික පුහුණු ලබාදීම සදහා කළුතර ගුවන් හමුදා කදවුරේ පැවතී වැඩසටහනක් අතරතුර අදහස් දක්වමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය . අපි ලෝකයේ හමුවේ ණය ගෙවන්න බැරි රටක් හැටියට නඩු පවරන තැනට පත්වෙලා. එකට එක ජනාධිපතිවරයෙක්, එක අගමැති වරයෙක්, එක දේශපාලකයෙක් වගකියන්න බෑ. නිදහසෙන් පස්සේ වගේම විශේෂයෙන් 77 න් පස්සේ අපි ලෝකෙන් ණය ගත්තා. ඒවා ගෙවන්න බැරි…

Read More

මේ වසරේ මුල්මාස දෙකේදී මෙරට සුරා බදු ආදායම රුපියල් කෝටි 350න් පහත වැටී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි. ඉකුත් 2022 වසරේ ජනවාරි සහ පෙරබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2860ක් වූ අතර මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2510 ක් බව ද සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා සඳහන් කරයි. ඒ අනුව සුරාබදු ආදායම මේ වසරේදි සියයට 12.2කින් පහත වැටී ඇතැයි ද එම වාර්තාවල සඳහන් වේ.

Read More

පතෝල වගේ නොඉඳ තමන්ගේ වගකීම් ඉටු කරන්න ඉඩ නොදෙන අයට එරෙහිව අධිකරණයට යාම හෝ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මැදිහත් වීම කරන ලෙස ජාතික ජනබලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා මැතිවරන කොමිසමෙන් ඉල්ලා සිටියේය. තමන්ගේ වගකීම ඉටු කරන්න ඉඩ නොදිම ගැන අධිකරෙණයට නොයා, පොලිසියේ පැමිණිල්ලක් දාලා ඇඟ බේරා ගැනිමට කොමිසම කටයුතු කරන නිසා ආණ්ඩුවට තමන්ගේ අරමුණ ඉටු කරගන්න පහසු වී ඇතැයිද ඔහු පැවසීය. අද මධ්‍යම රාත‍්‍රියෙන් පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වෙනවා. ඒ නිසා වසරකින් කල්දමා තිබු පළාත් පාලන මැතිවරණය අදට කලින් පැවැත්විය යුතුව තිබුණා. නමුත් ජනාධිපති ප‍්‍රමුඛ ආණ්ඩුව එය කල්දැමීමට ගත හැකි උපරිම ක‍්‍රියාමාර්ග ගත්තා. අවසානයේ මැතිවණයට අවශ්‍ය…

Read More

එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුවේ තීරණය අනුව මෙලෙස අදහස් යෝජනා ලබා ගන්නා බවයි එක්සත් ජාතික පක්ෂය නිවේදනය කළේ. අදාල කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ තිලක් මාරපන කටයුතු කරන අතර කමිටු ලේකම් ලෙස ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර, කමිටු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥ දයා පැල්පොල සහ ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා කටයුතු කරනවා. ඒ අනුව නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා අදහස් සහ යෝජනා ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය සියලුම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්,…

Read More

පොලිස්පති සී ඩී වික්‍රමරත්න එම ධූරයෙන් ඉල්ලා අසුවූ බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මුලස්ථානය පවසනවා. පොලිස්පතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බවටයි ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබදෙමින් පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලිස්පතිවරයා ඉල්ලා අස්වූ බවට පළවී ඇති වාර්තා අසත්‍ය බවයි.

Read More

ඩොලරයේ ඉල්ලුම සහ සැපයුම මත රුපියලේ අගය තීරණය වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, රුපියල ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් අවම වශයෙන් ඩොලර් බිලියන 5ක වත් විදෙස් සංචිත අවශ්‍ය බවය. දෙහිඕවිට ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම අදහස් පළ කළේය. “මේක මහ බැංකුව මගින් හිතාමතාම කරනවානම් සුමානෙන් අඩුවෙන්න දෙන්නේ නැහැනේ. ඩොලරයේ ඉල්ලුම සැපයමු මත ඇති වෙන තත්ත්වයක් මේත. අපි තාම කියනවා අපේ රටේ තියෙන සංචිත ප්‍රමාණය අඩුයි කියලා. දැන් පසුගිය මාසේ අවසානේ මහ බැංකුව නිවේදනය කළා, අපි ළඟ සංචිත ඩොලර් බිලියන 2.2ක් තියෙනවා කියලා. එකෙනුත් වැඩි ප්‍රමණායක් කොන්දේසි…

Read More