Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වගා කන්න තුනකට පසුව ශ්‍රී ලංකාවේ වී වගා කරන ලක්ෂ 12ක් පමණ වන සියලුම ගොවීන්ට අද (20) සිට මඩ පොහොර නොමිලයේ ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඊජිප්තුවේ සිට මෙරටට ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 36,000ක් වු ත්‍රිත්ව සුපිරි පොහොර තොගය ඊයේ (19) නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය වෙත භාරදී තිබුණි. ඒ අනුව කන්න තුනකට පසුව ගොවි ජනතාව සඳහා පළමුවරට ලැබෙන එම මඩ පොහොර තොගය නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මෙට්‍රික් ටොන් 11,537ක් වු පළමු මඩපොහොර තොගය අද සිට උතුර හා නැගෙනහිර පළාත්වලට අයත් සියලුම දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට නියමිතය. මන්නාරමට මෙට්‍රික් ටොන් 1244ක්, වව්නියාවට මෙට්‍රික්…
පන්විල, නාරම්පනාව ඔරුතොට මාර්ගයේ සේරාවත්ත හන්දියේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 13ක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ. ඊයේ (19) සවස් කාලේයදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. නාරම්පනාව දෙස සිට ධාවනය කළ කුඩා ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන්කළ ත්‍රීරෝද රථයක ගැටී ලොරි රථය මාර්ගයේ පෙරළී එම අනතුර සිදුව ඇත. අනතුරින් ලොරි රථයේ ගමන්කළ 11 දෙනෙකු සම ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ලොරි රථයේ සහ ත්‍රීරෝද රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත මාරු කර තිබේ.
මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද (20) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. මෙරට වේලාවෙන් අද රාත්‍රීයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිත අතර එහිදි අදාළ අනුමැතිය ලබාදීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය. එම කමිටු රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්ය. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම වසර 4ක් තුළ ලැබීමට නියමිත අතර එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් මාර්තු මස අගදී ලැබෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අදින් (20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදෙස් සංචිත ඒත් සමඟ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව වීරසිංහ මහතා පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල මෙරටට ලැබීම තුළින් ආයෝජකයන් ශ්‍රී ලංකාව පිළිබඳ තබන විශ්වාසය තවත් වැඩි වනු ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවට නව විදෙස් අරමුදල් සහ ආයෝජන අවස්ථා සඳහා නව ප්‍රවේශයන් ලැබෙනු ඇති බව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයා ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පත් කර තිබෙනවා. මෙය අන්තර්ජාතික සංවිධානයක් විසින් මෑත භාගයේ ශ්‍රී ලාංකිකයකු වෙත පිරිනමන ලද දුර්ලභ ගණයේ අවස්ථාවක් බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ. දුරස්ථ අධ්‍යාපනය සහ විවෘත අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා ලෝකයේ පිහිටුවා ඇති එක ම අන්තර් රාජ්‍ය සංවිධානය වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානය බව ද එහි සඳහන්. පොදු රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් කැනේඩියානු රජය මෙම සංවිධානය මෙහෙයවනු ලබන අතර එය කැනඩාවේ බි්‍රටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ බර්නබිහි පිහිටා තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් විසින් දුරස්ථ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම උදෙසා පිහිටුවාගෙන ඇති මෙම ආයතනය, සංවර්ධනය…
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හදිසි සංචාරයක් සඳහා යුක්‍රේනයේ මරියුපෝල් නගරය වෙත පැමිණ තිබේ. යුක්‍රේන හමුදාවන් සමඟ පැවැති දරුණු යුද ගැටුම්වලින් පසුව අල්ලා ගත් නගරයක් වන මරියුපෝල් වෙත රුසියානු ජනාධිපතිවරයා පැමිණි පළමු අවස්ථාව මෙය බව විදෙස් වාර්තා පැවසීය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුව එම සංචාරය සිදුවීම විශේෂත්වයකි. එම සංචාරයේ දී රුසියානු ජනාධිපතිවරයා ස්ථාන කිහිපයක සංචාරය කර නගරවාසීන් සමඟ සුහද කතා බහකද නිරත වු බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
දේශීය ආදායම් පනත සංශෝධන කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත එමඟින් සංශෝධනය කිරීමට නියමිතය. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියෝග පරිදි එම සංශෝධන පනත් කෙටුම්පත මාර්තු මස 16 වන දින නිකුත් කර තිබේ. එම සංශෝධන පනත මඟින් දේශිය ආදායම් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති අතර අදාළ සංශෝධනයන් අප්‍රේල් මස පළවෙනි දින සිට ක්‍රියාත්මක කිරීමට ද නියමිත බව ගැසට් පත්‍රයේ සඳහන් ය. එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් අනතුරුව එම සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. 2022 ඔක්තොම්බර් මාසයේ ද දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම…
පළාත් පාලන ආයතන මැතිවරණය කල්යාම සුදුසු නොවන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අප්‍රේල් 25 වනදා මැතිවරණය පැවැත්වීම සුදුසු වූවත් එය අපහසු තත්ත්වයක් මේවන විට දක්නට ඇති බවය. “අප්‍රේල් 25 වනදා මේ ඡන්ද විමසීම තියන්න බැරුව ගොඩක් කල්ගියොත් අපේ සීමානිර්ණ වාර්තාව දුන්නට පස්සේ ඒ එක්ක ජනාධිපතිවරයා ගැසට් කළොත් ඊට පස්සේ සමාලෝචන කමිටුවකුත් දාලා ඒක ගියොත් පාර්ලිමේන්තුව තමයි තීරණය කරන් ඕනේ, මේ ගත් නොමිනේෂන්වලින් ඡන්දය තියෙනවද නැද්ද කියන එක. මොන තත්ත්වය වුණත් ඡන්ද වීමසීමක් නියමිත කාලයට වඩා කල් යන එක සුදුසුත් නැහැ. නිලධාරීන්ගේ පාලනයෙන් දීර්ඝ කලක් මේ සභාවල් පවත්වාගෙන යන…
ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ. එම මාර්ගයේ දෙවන වංගුව ආසන්නයේ එලෙස ගල් සහ පස් කඳු කඩා වැටී ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී තිබේ.
බදු අයකිරීම සම්බන්ධයෙන් රජයෙන් සාධාරණ පිළිතුරක් ලැබෙන්නේ නම් කඩිනමින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සූදානම් බව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි. කොළඹදි මාධ්‍ය හමුවක් පවත්මින් ඒ මහතා මේ බව සඳහන් කළේය. “උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවලත් සෑහෙන කාලයක් වෙනවා. ඉතාම ඉක්මනින් මේ කටයුතු ආරම්භ කරන්න සූදානම් පැහැදිලි පිළිතුරක්, නිෂ්චිත පිළිගත හැකි පිළිතුරක් ලැබුණු වහාම මේ වෙනකොට අපි දන්නවා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් 22 වනදාට පෙර ලිපියකින් ජනාධිපති ලේකම් කර්යාලයෙන් අපට දැනුම් දීලා තිබුණා රැස්වීමක් ලබාදෙන බව අපි වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිති එකමුදුව හැටියට එම රැස්වීම 22 වනදාට පෙර ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයාට දැනුම්දීලා…
