Author: LANKA24X7

රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව නීත්‍යානුකූල නොවන ආකාරයට 2018 වර්ෂයේ සිට 2021 දක්වා රුපියල් මිලියන 650 සේවක දීමනා වශයෙන් ගෙවා ඇති බව විගනන පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. දිරි දීමනා ගෙවීම් විශේෂ දීමනා තුළුව නීත්‍යානුකූල නොවන ආකාරයට සේවකයන් සඳහා දීමනා ගෙවා ඇති බව මෙහිදී අනාවරණය වී ඇත. බොහොමයක් රාජ්‍ය ආයතන රජයේ නියමයන් නොසලකා හරිමින් ඒ ඒ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරමින් විවිධ දීමනා සේවකයන්ට ලබාදී ඇති බව අනාවරණය වී ඇත.

Read More

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණදෙන රටවලට විසඳුමක් ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බව එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජියේවා මහත්මිය පවසන්නීය. අමෙරිකානු CBS රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන පරිදි අඩුආදායම්ලාභී රටවල් රැසක් ණය අර්බුදයට මුහුණදීම ගෝලීය මූල්‍ය අර්බුදයට කොතරම් දුරට බලපෑමක් ඇති කරාවිද ? ක්‍රිස්ටලිනා ජෝජියේවා, “මේ වනතුරු මෙම රටවල් මුහුණදෙන ණය අර්බුදය ගෝලීය අර්බුදයක් නිර්මාණය කිරීමට තරම් කැපී පෙනෙන මට්ටමට පැමිණ නැහැ. ඉතින් ඒ රටවල් මොනවාද යන්න විමසා බැලුවොත් චැඩ්, ඉතියෝපියාව, සැම්බියාව, ඝානාව, ලෙබනනය, සුරිනාම් සහ ශ්‍රී ලංකාව මෙලෙස දැඩි ණය අර්බුදයකට මුහුණ…

Read More

වත්මන් දේශපාලන නායකයින් අරගලයෙන් පෙන්වා දුන් අරමුණ නිසි ලෙස ඉටු නොකළහොත් රටේ නොසිතන පිරිසක් දේශපාලන වගකීම් ගැනීමට ඉදිරියට එනු ඇතැයි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්ය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “ලබන කන්නයේ වී ටික විකුණ ගන්න බැරිවෙද්දි, මෙයාලා ගෙනාපු කෝටි 16,000ක හාල් ගැන කතා කරන්නේ නෑ. එදාට කතා කරයි ඩඩ්ලි සහ අනෙකුත් ව්‍යාපාරික ආයතනවල නම් ටික. මම අහන්න කැමතියි මේ රට පාලනය කරන ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් එකට තියෙන වගකීම මොකද්ද ? මේ රට තුළ මෙවැනි දැවෙන ප්‍රශ්නයක් ගොවියන් අතරේ තියෙනවා නම් ඒක දැනෙන්නේ නැති දේශපාලනඥයෝ කවුද ? මෙහෙම අපි තව…

Read More

තරුණයෙකු මියගිය තම පෙම්වතියගේ නිවෙසට හොර රහසේ පැමිණ විවාහයේදී ගෙල පලඳවන රත්රන් තැල්ලක් බැඳීමේ සිද්ධියක් යාපනය මට්ටුවිල් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වසර දෙකක පමණ කාලයක් මේ දෙදෙනා පෙමින් වෙළී සිට ඇති අතර ඊට තරුණියගේ මවුපියන් විරුද්ධ වීම නිසා විවාහයට බාධා එල්ල වී තිබෙනවා. නව වසරට පෙර මේ දෙදෙනා යාපනය නගරයේදී හමු වී අවන්හලකින් දිවා ආහාර ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියගේ මවුපියන්ට සැලවීමෙන් පසුව මවුපියන් ඇයට පහරදී තරවටු කොට තිබු අතර මෙම සම්බන්ධයට මවුපියන් බලවත්සේ විරුද්ධ වීම නිසා සිත් තැවුලට පත් තරුණියක ගෙල වැලලාගෙන මියගිය බවයි වාර්තා වෙන්නේ. සිත් තැවුලට පත් තරුණයා නිවෙසට පැමිණි තරුණියගේ මළ සිරුරේ ගෙලට තැල්ලක් බැඳ නිවෙසින් පිටව ගොස්…

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ආරම්භ වනවා. ඒ කරච්චිහිදීයි. මෙම වසරේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය වන්නේද එම තරඟයයි. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වුණා.

Read More

බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස ලූලා ද සිල්වා තුන්වන වරටත් දිවුරුම්දී තිබෙනවා. දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ බ්‍රසීල නව ජනාධිපතිවරයා දිවුරුම්දීමේ උත්සවය පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලූලා ද සිල්වා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ජනතාව සමඟ එක්ව රට නැවත ගොඩනගන බවයි. ඉකුත්දා පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් සියයට 50 යි දශම 9 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ලූලා ද සිල්වා තුන්වන වරටත් එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා. ඒ, හිටපු ජනාධිපති පේර් බොල්සොනාරෝ පරාජයට පත් කරමින්. ලූලා ද සිල්වා 2003 – 2010 කාලය තුලදී දෙවරක් බ්‍රසීල ජනාධිපතිධූරය දරා තිබෙනවා. දූෂණ සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ලූලා ද සිල්වාට බ්‍රසීල අධිකරණයක් මඟින්…

Read More

වැලිමඩ, සිල්මියාපුර ප්‍රදේශයේදී අනාරක්ෂිත වගා ළිඳකට වැටී වයස අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (01) පස්වරුවේ දැරිය‌ගේ නිවස ආසන්නයේ දී මෙම අනතුර මුහුණ දී ඇත. එසේ මියගොස් ඇත්තේ, එන්. එස්. හමිදා නැමති දැරියකි. දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර ඇය නිවස ආශ්‍රිතව නොසිටි හේතුවෙන් දැරිය පිළිබඳ සොයා බැලීමේදී ඒ ආසන්නයේ වූ වගා ළිඳට වැටී සිටිනු දැක ඇත. ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව දැරිය ගොඩ ගනු ලැබුවද දැරිය ඒ වන විටත් මියගොස් ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

සමාජ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ සහනාධාර ඉල්ලුම් කර ඇති පවුල් පිළිබඳ සංගණනය කිරිමේදී තම සාමාජිකයින්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍ර ලාල් මහතා සඳහන් කළේ, මෙම සංගණන කටයුතු මුලික වශයෙන් සිදුකිරීමේ කාර්යය පැවරෙන්නේ සමෘද්ධි නිලධාරීන්ට බවය. ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හරහා සංගණන කටයුතුවලින් ඉවත් වීම නිසා එම කටයුතු තම සාමාජිකයින්වෙත පැටවීමට බලධාරීන් කටයුතු කරන බවට සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය චෝදනා කරයි. සංගණන කටයුතු කිරීම සඳහා කිසිදු පහසුකමක් තම සාමාජිකයන්ට නොදී බලධාරීන් විසින් බලපෑම් කරමින් සිටින බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසයි. එම සංගමයේ ජාතික සංවිධායක…

Read More

ආනයන – අපනයන පහසු කිරීම හා විධිමත් කිරීම අරමුණු කරගෙන, නව භාණ්ඩ වර්ග 142ක් සඳහා ජනවාරි 01 සිට රේගු සංකේතාංක (HS Codes) හඳුන්වා දී තිබේ. එයට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

Read More

2023 වසර අවසන් වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සහ ගැටලු විසඳීමට නව ක්‍රමවේදයන් හඳුන්වා දෙමින් මුළු රජයම එකම යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, “තමන්ගේ වැඩකටයුතු දවසේ පැය 8කට සීමා වෙන්නේ නැහැ. තමන්ගේ වැඩකටයුතු සතියේ දවස් 5කට සීමා වෙන්නේන නැහැ. 2023 අවසන් වන විට මේ රටේ සාමන්‍ය තත්ත්වයක් ඇතිකරමු කියලා බලාපොරොත්තුවෙන් ඔබ සියලුදෙනාගේ සාහයෝගය ඇතිව මේරට ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.”

Read More