Author: LANKA24X7

විදුලිබල මණ්ඩලයේ පරණ පාඩු පියවා ගැනීමට විදුලි බිල යළි වැඩි කිරීමට රජය ගෙන ඇති තීන්දුව ජනතාවට සිදු කරන බරපතළ අසාධාරණයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ දී පැවසීය. දේශපාලන අධිකාරිය ගනු ලැබූ තීරණ මත සිදු වූ වැරදි සම්බන්ධයෙන් ජනතාවට වගකිව යුතු නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. බදු පිට බදු ගසමින් ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක තවදුරටත් විදුලි ගාස්තු වැඩ කිරීම ජනතාවට දරාගත නොහැකි වනු ඇති බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය. තව දුරටත් ජනතාව පීඩාවට පත් කරමින් සිටින ආණ්ඩුව සැලසුම් සහගත වැඩ කරන ආකාරයක් පෙනෙන්නට නොමැති බවත් මන්ත්‍රීවරයා එහිදී කීවේය.

Read More

කටුවන රුක්මල්පිටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පිය පුතු දෙදෙනකු මිය ගිය බව කටුවන පොලීසිය පවසයි. අනතුරෙන් මිය ගොස් ඇත්තේ දික්වැල්ල පොලීසියට අනුයක්තුව සේවය කරනු ලැබූ 27 වැනි වියේ පසු වූ විජයමුණිගේ ක්‍රිෂාන් ජයලත් හා ඔහු ගේ පියා වන 61 වැනි වියේ පසු වූ විජයමුනිගේ ධර්මසේන යන අයයි. මිය ගිය පිය පුතු දෙදෙනා වීරකැටිය අබකොළවැව ප්‍රදේශයේ පදිංචි කරුවන්ය. අබකොළවැවේ සිට ඌරුබොක්ක ප්‍රදේශයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දි තිබේ. පොලීසිය පවසන්නේ ඔවුන් දෙදෙනා පැමිණි යතුරු පැදියේ තිරිංග වල දෝෂයක් ඇති වීමෙන් මාර්ගයේ අසල තිබූ ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කෙරෙන බවයි. අනතුරෙන් තුවාල ලැබූවන් කටුවන හා…

Read More

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් අලෙවි කෙරෙන ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරුණා. ඒ අනුව රුපියල් 420 ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 ක් වන අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 365 සිට රුපියල් 355 දක්වා අඩු වනවා. කෙසේවෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගනුලැබූ මෙම තීරණයට සාපේක්ෂව ඔටෝ ඩීසල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 15 කින් අඩුකිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද තීරණය කළා.…

Read More

විදුලි බිල වැඩිකිරීමට එරෙහිව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විරෝධතා මාලාව කල් දැමීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා. එහි කැදවුම්කරු රන්ජන් ජයලාල් පැවසුවේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සතියකින් කල් දැමීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීම හේතුවෙන් සිය වෘත්තීය සමිති සන්ධානය ද විරෝධතා මාලාව කල් දැමූ බවයි. විදුලි බිල වැඩි කිරීමට එරෙහි විරෝධතා වැඩසටහනට සියලු පාර්ශව එක් කර ගැනීම සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් වැඩිදුරටත් සඳහන් කළා.

Read More

රජය විසින් හඳුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) පවත්වා තිබේ. එහිදී නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් වෘත්තිකයින්ට මුහුණපෑමට සිදුව ඇති ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය. “රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවරුන්ගේ සංගමය, ලංකා බැංකු සේවක සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, පරිපාලන නිලධාරීන්ගේ සංගමය, එකාබද්ධ විධාක නිලධාරීන්ගේ එකමුතුව වැනි රටේ වෘත්තිකයින්ගේ වෘත්තිය සංගම්වල ඉතා වැදගත් සාකච්ඡාවක් ඊයේ දිනයේ පැවැත්වුණා. මේ සාකච්ඡාව කේන්ද්‍රගත වුණේ මේ වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත අසාධාරණ බදු…

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (03) පැවැත්වීමට නියමිතය. වංකඩේ ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යාට හිමිව ඇති අතර රෝහිත් ෂර්මා, විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා, බූනේෂවර් කුමාර්, රවිචන්ද්‍රන් අෂ්වින් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් විවිධ හේතුන් මත කණ්ඩායමට ඇතුළත්ව නොමැත. තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට අමතරව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග 03ක් ද පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

පවතින බිත්තර ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. එහිදී සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය අද සඳහන් කළේ, බිත්තර ආනයන කිරීමට රජය පියවර ගන්නේ නම් ඒ හරහා බිත්තර නිෂ්පාදකයින් අධෛර්යමත් වන බවය. කෙසේ වෙතත් දිගින් දිගටම බිත්තර මිල ඉහළයාම වැළැක්වීමට බිත්තර ආනයනය සඳහා ඊ (02) කැබිනට් මණ්ඩල හමුවේ දී එකඟතාවය පළකර තිබේ. වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ පවතින බිත්තර ගැටලුව පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම එකඟතාව පළකළ බවය. බිත්තර මිල පාලන ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවීමට අභියාචනාධිකරණය නියම කිරීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තරයක මිලෙහි කැපීපෙනෙන ඉහළයාමක් දක්නට ලැබුණි. ඒ අනුව අද වන විට බිත්තරයක්…

Read More

ඊ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් මිල රුපියල් 15කින් පහත දමා තිබේ. එසේම භූමිතෙල් මිලද රුපියල් 10කින් පහත දැමීමට තීරණය කර ඇත. මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 355කි. ඒ අනුව ලංකා IOC සමාගමද ඩීසල් රුපියල් 15කින් සහ භූමිතෙල් රුපියල් 10කින් මිල පහළදැමීමට තීරණය කර තිබේ.

Read More

ජනමත විචාරණයකට යාමෙන් තොරව පළාත් පාලන ඡන්දය කල් දැමීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ අනිවාර්යයෙන්ම ලබාදී ඇති දින වකවානු අනුව මැතිවරණය පැවැත්විය යුතු බවය. “මාර්තු 30 වැනිදාට පෙර රට පුරා පළාත් පාලන ආයතන 340 ම ස්ථාපිත වෙලා අවසාන වෙන්න ඕනේ. එසේ කිරීමට නම් මේ මැතිවරණය පවත්වන්නට ඕනේ පෙබරවාරි අන්තිම හෝ මාර්තු මාසේ මුල. ශ්‍රේෂ්ඨාධිකරණ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා මැතිවරණය කල් දැමීමට නම් ජනමත විචාරණයක් පවත්වන්න ඕනේ කියලා. ජනමත විචාරණයක් පවත්වන්නේ නැතිව පාර්ලිමේන්තු යෝජනාවක් හරහා මැතිවරණය කල්දැමීමට කිසිසේත් පුළුවන්කමක්…

Read More

ගුරුවරුන් විශාල පිරිසක් විශ්‍රාම යාම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගයක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මීට පෙර වසරකට ගුරුවරුන් 4,000ක් පමණ විශ්‍රාම ගිය ද වයස අවුරුදු 60න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීම සඳහා රජය ගත් තීරණය හේතුවෙන් මෙම වසරේදී ගුරුවරුන් 10,000 ත් 12,000ත් අතර පිරිසක් විශ්‍රාම ගොස් ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම පුරප්පාඩු ඉදිරි මාස 03 තුළ සම්පූර්ණ කිරීම අනිවාර්යය වන අතර ඊට අදාළව ගතයුතු තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට ද පියවර ගත් බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 2023 නව වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…

Read More