Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
2023 එක්දින ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරග වටයට සහභාගී වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. පැය 20කට ආසන්න දීර්ඝ ගුවන් ගමනකින් අනතුරුව ඔවුන් අද පස්වරුවේදී සිම්බාබ්වේ දේශයට ලඟා වුණත් ක්‍රීඩකයින් වෙනුවෙන් නිසි පහසුකම් ලබා සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය හෝ ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් පියවර ගෙන තිබුණේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් හෝටලයේ කාබර වෙන් කර නොතිබීම නිසා ඔවුන් හෝටලයේ ප්‍රධාන දොරටු අසල බිම වාඩි වී ගිමන් හරින ඡායාරුප ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට එක්කර තිබුණා. පැය 3 කට ආසන්න කාලයක් හෝටලයේ බිම වාඩි වී සිටි ඔවුන්ට කාබර ලැබුණත් එක් ක්‍රීඩකයෙක් වෙනුවෙන්…
අද (12) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන් බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවත්…
මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමිතිය සහ කීර්තිනාමය යළි ලෝකය හමුවේ තහවුරු කළයුතුයි – ජනපති
එදා මෙරට විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබූ බවත්, එම ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇතිකළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එමඟින් විදේශීය සිසුන්ද මෙරට විශ්වවිද්‍යාල කෙරෙහි ආකර්ශණය කරගත හැකි අතර එය මෙරට ආර්ථිකය සංවර්ධනයට ඉවහල් වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 09දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “CVCD විශිෂ්ටතා සම්මාන” උළෙල අමතමින්. මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා සෑම අයෙකුටම නිසි වයසේ දී අධ්‍යාපන කටයුතු අවසන් කර ඉදිරියට යාමට හැකි පසුබිම නිර්මාණය කළයුතු බව ද සඳහන් කළා.…
ලොතරැයි පතක මිල ලබන ජුලි මස පළවෙනිදා සිට රුපියල් 40 දක්වා වැඩි කිරීමට රජය පියවර ගනිමින් සිටින බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන්ත ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය. ඒ අනුව රුපියල් විස්සක ලොතරැයි පතක් දෙගුණයකින් වැඩිවනු ඇත. ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ බව සනාථ කර සිටියේය. මෙම වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති බවත් එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි . මේ අතර ලොතරැයි පත්වල මිල වැඩි කරන්නේ නම් දැනට අලෙවි නියෝජිතයින්ට එක් ලොතරැයි පතක් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 3. 75 ක කොමිස් මුදල රුපියල් 8 දක්වා වැඩි කළ යුතු බවද ක්‍රිෂාන්ත මහතා පෙන්වා…
දෙහිවල ප්‍රදේශයේදී ඊයේ (10) පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 69ක් වූ දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිකරුවෙක්. මෙම ඝාතනය සිදු කළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.
අක්මීමනදී පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 21 හැවිරිදි අක්මීමන වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඊයේ රාත්‍රියේ (11) 11.30 ට පමණ අක්මීමන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු පොලිස් යතුරුපැදියකින් ගමන් කරමින් සිට තිබෙනවා. එහිදී සැකකටයුතු ස්කූටි වර්ගයේ යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබෙනු දැක පොලිස් නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට ගොස් ඇති අතර, එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් දෙදෙනා පලායාමට උත්සහ කර ඇති බව සඳහන්. ඔවුන් පලායෑම වැළැක්වීමට උත්සහ කිරීමේදී පොලිස් නිලධාරීන් සමඟ පොරබැදීමක් සිදුව ඇති අතර, එක් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් දෙසට අත්බෝම්බයක් විසි කිරීමට උත්සහ කර තිබෙනවා. එහිදී එක් පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීමක් සිදුකර…
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇතැම් සිසුන් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම තුළින් පිළිඹිබු වන්නේ සමාජය තුළ පවතින ප්‍රචණ්ඩකාරී මානසිකත්වය බව මනෝ විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පාසල්වල සම්පත්වලට සහ රජයේ දේපලවලට හානි කිරීම මෙන්ම ගැටුම්කාරි තත්ත්වයන්ට මැදිවූ අවස්ථාවන් කිහිපයක් ද පසුගිය දිනවල වාර්තා වුණා. දිඹුලාගල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් පන්ති කාමරවල විදුලි පංකා සහ දොරවල් කඩා බිඳදමා ගොස් තිබූ අතර, එහි විදුහල්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසියට පැමිණිලි කර තිබුණා. එසේම, කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් පසුගියදා සිසුවෙකුට විකට් පොල්ලකින් පහරදීම හේතුවෙන් සිසුවා රෝහල් ගත කළ අතර, අත්අඩංගුවට ගත් සිසුන් 6…
කොළඹ – වන් ගෝල්ෆේස් සංකීර්ණයේ පීට්සා අවන්හලක සේවකයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සුරාබදුු නිලධාරින්, ක්ෂේත්‍ර රාජකාරිවල යෙදීම අත්හිටුවීමට සුරාබදුු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දින දෙකක් තුළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී ඇත්තේ. වන් ගෝල්ෆේස් සංකීර්ණයේ හය වන මහලේ පිහිටි පීට්සා අවන්හලකදී මෙම ගැටුම ඇති වුණේ පසුගිය 05 වනදා රාත්‍රියේයි. සේවය අවසන් කර නිවසට යාමට සූදානම් වූ අවන්හල් සේවකයෙකු තම හෙල්මටය මේසයක් මත තබා ගොස් තිබුණා. ඒ අතරතුර එහි පැමිණෙන සුරාබදු නිලධාරීන් පිරිසක් එම හෙල්මටය රැගෙන යාමට උත්සහ කර යළිත් එය එහි තබා ඇති බවටයි සීසීටීවී දර්ශනවලින් අනාවරණ වී…
ශ්‍රී ලංකාවේ කීර්තිමත් මෙන්ම සුන්දර ස්වභාවික පරිසර පද්ධතියකින් සමන්විත පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජනතාවට නැරඹීම සඳහා ජූලි 1 වනදා විවෘත දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය නම් කර ඇත්තේ ඕපන් ඩේ 2023 ලෙසයි. මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයට ආසන්නව හන්තාන කඳු පන්තියේ බටහිර බෑවුම සහ මහවැලි ගංඟාව අතර මනරම් පරිසරයකයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ. වසර 80 කට පෙර ආරම්භ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙලෙස ජනතාවට නැරඹීම සඳහා විවෘත වන්නේ පළමු වරටයි. එදිනට විශ්වවිද්‍යාලයේ සියළුම පීඨයන් ජනතාව වෙනුවෙන් විවෘතව තැබෙන අතර, ඒ තුළ විද්‍යා ප්‍රදර්ශනයන් සහ සංස්කෘතිකාංගයන්ද දැක බලාගැනීමට අවස්ථාව හිමිවනු ඇති. එමෙන්ම උසස් අධ්‍යාපනය පිළිබඳ පවතින ගැටළු නිරාකරණය කරගැනීමට හැකියාව ලබාදී ඇති බව…
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ දහ 19 කට අධික රන් භාණ්ඩ, සුවඳ විලවුන්,රූපලාවන්‍ය භාණ්ඩ අස්ථානගත වී ඇති බවට ඇය විසින් වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. සේවිකාවක් වශයෙන් සිටි කාන්තාවක් විසින් මෙලෙස භාණ්ඩ සොරාගෙන ඇති බවයි ඇය පොලීසියට පවසා තිබෙන්නේ. මීට පෙර ද ඇයගේ නිවසේ රන් භාණ්ඩ නොමැති වූ බවට සැක කරමින් වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවකට පහර දුන් බව කියන හේතුවකින් රෝගාතුරවී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී ඇය මියගොස් තිබෙනවා. එම සිදුවීමට අදාළව වැලිකඩ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් නිලධාරින් පිරිසකට ස්ථාන මාරු ලබා දීමටයි පොලිස් මූලස්ථානය කටයුතු කළේ. කුරේ මාවත රාජගිරිය ප්‍රදේශයේ නිවසේ…
