Author: LANKA24X7

අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පළායාමේ සිද්ධිය මෙරට බුද්ධි අංශවල පසුබෑමක් ද යන්න සැක මතු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කංජිපානි ඉම්රාන් මේ වන විට ඉන්දියාවට පළාගොස් ඇති අතර ඔහු ඉන්දියාවට පළා යාමේ සිද්ධිය මෙරට ආරක්ෂක අංශ නොදැනුවත්ව සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (03) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී විමසා සිටියේය. එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස පිළිතුරු ලබාදුන්නේය. “ලංකාවෙන් පිටව ගිය කංජිපානි ඉම්රාන් ගැන ප්‍රශ්නයක්. ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුණේ නෑ. අපි දැනුවත් නෑ. එය බුද්ධි අංශය නොදැන සිටියේ ඇයි ද කියන ප්‍රශ්නය ඒ අංශයෙන් තමා විමසන්න ඕනේ. ඒ…

Read More

කඩා වැටුණු රට ජනාධිපති විසින් යථා තත්ත්වයට පත් කරගෙන යන අවස්ථාවේදී එකිනෙකාගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නැවත රට විනාශ කිරීමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. විපක්ෂය කියන පරිදි අති විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගසා මෙි මොහොතේ ඡන්දයක් පැවැත්වුවහොත් ජනතාව කබලෙන් ලිපට වැටෙනු ඇතැයි ද අබෙිවර්ධන මහතා කීය. රටේ තරුණ තරුණියන් ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක ක්‍රියාත්මක කිරීමට ජනපති එකඟ වී ඇතත්, විපක්ෂය ඊට පරිබාහිරව යමින් තවමත් පරණ වැඩපිළිවෙලේ සිටම කටයුතු කරමින් සිටින බවද වජිර අබෙිවර්ධන මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අබේවර්ධන මහතා මේ බව කීය.

Read More

2022 වසර තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 719,978ක් පමණ වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවල සඳහන් වෙයි. එම දත්තවලට අනුව 2022 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 91,961කි. 2022 දෙසැම්බර් මාසය තුළදී රුසියාවෙන් 19,963ක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මීට අමතරව දෙසැම්බර් මාසය තුළදී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 17,350 කි. 2022 සමස්ත වර්ෂය සැලකීමේදී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙන් වන අතර එය 123,004ක් වෙයි. එය වසර තුළ පැමිණ ඇති සමස්ත සංචාරක ප්‍රමාණයෙන් 17% කි. සංචාරකයින් ලක්ෂ 08ක ඉලක්කයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකාව…

Read More

නව වසර උදා වීමට දින කිහිපයකට පෙර නිවසට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා කඩයට පැමිණි තරුණියකට කැලැන්ඩරයක් නොලැබී යාම නිසා වෙළඳසැල් හිමියා මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳව මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඇය මුදලාලිට පවසා ඇත්තේ කැලැන්ඩරයක් ලබා දෙන ලෙසටයි. එහෙත් මෙවර කැලැන්ඩර් මුද්‍රණය නොකල බව මුදලාලි පවසා තිබෙන අතර ඉන් කුපිත වූ තරුණිය පවසා ඇත්තේ තමාට කැලැන්ඩරයක් ලබා නොදෙන්නේ නම් තමන් දේවාලයට ගොස් පොල් ගසන බවටයි. එහෙත් මුදලාලි මහතා පුන පුනා පවසා ඇත්තේ මුද්‍රණ වියදම් අධික බැවින් මෙවර කැලැන්ඩර් මුද්‍රණය නොකල බවයි. එහෙත් තරුණිය එය පිලිගැනීමට අකැමති වී ඇති අතර තමා රුපියල් 5000 කටත් අධික මුදලක් වැය කලේම ,කැලැන්ඩරයක් අපේක්ෂාවෙන් බවට…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලදී උතුරු නැගෙනහිර ප්‍රදේශවලට අත ලකුණ යටතේ තරඟ වැදීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. මේ තීරණය පක්ෂයේ මධ්‍යම කාරක සභාවද අනුමත කර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා සෙසු දිස්ත්‍රික්කවලට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින බවද ප්‍රකාශ කළේ‍ය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ සන්ධානගතවීමට සාකච්ඡා කරගෙන යන බවද ඔහු සඳහන් කළේ‍ය.

Read More

තමාගේ හැකියාව සහ සම්බන්ධතා පාවිච්චි කර රටට ඩොලර් ගෙන ඒමට මේ වසරේ කටයුතු කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. ඩයනා ගමගේ මහත්මිය මෙසේද සඳහන් කළාය. “සමහරු මාව විවේචනය කරනවා ප්‍රශ්න දානවා. දොස් කියනවා. හැබැයි මේක කරන්නේ ටික දෙනෙක්. මම ඒවායින් පන්නරයක් ලබල ජනතාවට තවදුරටත් සේවය කරන්න බලාපොරොත්තු වෙනවා.”

Read More

අවස්ථා දෙකක දී ඩීසල් මිල රු 25කින් පහත හෙළීම හේතුවෙන් මේ වනවිට බස් ගාස්තු අඩු කළ හැකි ප්‍රමාණය මේ වනවිට ගණනය කිරීම් සිදුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ, අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පවසයි. ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල රුපියල් 15කින් පහත දැමු අතර ඒ අනුව මෙම බස් ගාස්තු සිදුකිරීමට උත්සාහ දරන බව ද ඒ මහතා කියා සිටියේය. ඒ අනුව අදාළ ගණනය කිරීම් අද දිනයේ ප්‍රවාහන අමාත්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත බවත් ඒ සඳහා අනුමැතිය ලැබුණොත් එය ප්‍රකාශයට පත්කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ලංගම බස් රථ, පුද්ගලික බස් රථ හා අන්තර් පළාත් යන සියලුම බස්රථවල ගාස්තු…

Read More

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් පෙත්සම ගොනු කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා ඇතුළු එහි සමාජිකයින්, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ. පෙත්සම්කරු කියා සිටින්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව දැරීමට සිදුවන වියදම පිළිබඳව තමන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ මැතිවරණ කොමිසමෙන් විමසීමක් කළ බවය. ඒ අනුව අදාළ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක පමණ මුදලක් වැය වන බවට මැතිවරණ…

Read More

බිත්තර හිතුමතේ ආනයනය සිදුකළහොත් “ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා” (Avian influenza) නමැති වෛරස් රෝගී තත්ත්වය මෙරටට පැමිණීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම නිසා බිත්තර ආනයනයට ගත් තීරණය යළි සලකා බලන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලීමක් ද කරයි. වෙළෙඳපොළේ බිත්තර මිල ගණන් ඉහළ යාමත් සමග බිත්තර ආනයනය කිරීමට රජය ඊයේ (02) තීරණය කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා අද (03) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය. “සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විශාල කාර්යභාරයක් කරලා, ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා කියන රෝගය ශ්‍රී ලංකාවට එන්න දෙන්නේ නැතිව ආරක්ෂා කරගෙන ඉන්නවා. පශු…

Read More

අධිවේගී බස්රථ ගාස්තු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (04) දිනයේ පැවැත්වීමට නියමිත බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ජාතික ගමනාගමන කොමිසම සමග එම සාකච්ඡාව පැවැත්වෙන බවය. එම සාකච්ඡාව උදෑසන 10ට පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More