Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මේ අතර ලුණුගම්වෙහෙර – ස්ප්‍රිල්යාය කැලෑබඳ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි වයස අවුරුදු 49ක එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති බවට පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. යතුරුපැදියෙන් ගමන් කළ පුද්ගලයාට වෙඩි වැදී නොමැති අතර යතුරුපැදියේ පැති කණ්ණාඩියට වෙඩි වැදීමෙන් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මුහුණු ආවරණය කරගෙන සැගව සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
ට්විටර් සම-නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි ජනප්‍රිය යූ ටියුබ් වැඩසටහනකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් ඉන්දියාව සහ ට්විටර් සමාජ ජාලය අතර බරපතල අර්බුදයක් නිර්මාණය කරමින් තිබෙනවා. පසුගිය වකවානුවේ ට්විටර් මයික්‍රොබ්ලොගින් වේදිකාවේ මෙහෙයුම් වසා දමන බවට තර්ජනය කළ බව ඔහු කළ චෝදනාවක් ඉන්දීය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන ලද අතර ඇමතිවරයෙකු එම ප්‍රකාශයන් “සම්පූර්ණ බොරුවක්” ලෙස හඳුන්වනු ලැබුවා. යූ ටියුබ් වැඩසටහනක් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ජැක් ඩෝර්සි පසුගිය සඳුදා ඉන්දීය රජය තමන් වෙත දැඩි පීඩනයක් එල්ල කළ බවට ඉන්දීය බලධාරීන්ට චෝදනා කළා. පසුගිය වසරේ එලොන් මස්ක්ට ඩොලර් බිලියන 44කට විකුණා දැමූ ට්විටර් සමාජ ජාලයෙහි ඩෝර්සි තවදුරටත් සේවය නොකරන නමුත්, නව දිල්ලි පාලනය…
ජනාධිපතිවරයා රට සංවර්ධනය කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතාව පළකර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී එම එකඟතාව පළකර ඇති බව වාර්තා වේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණි. එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය ජීවන් තොන්ඩමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතාවුල්ලා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබේ. එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායකයින් පෙන්වා දී…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජනතාවට බදු සහන ලබා දෙන්නේ කෙසේදැයි මේ දිනවල රජය සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය . ව්‍යාපාරිකයින් තමන්ට ලාබ තබා ගනිමින් ජනතාවටත් සහන ලබා දෙන්න කටයුතු කළ යුතු බවද ඒ සඳහා පවතින ප්‍රායෝගික ගැටළු විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කළේය. කටුනායක, බණ්ඩාරනායක ගුවන් තොටුපල පිටවීමේ මගී පර්යන්තය තුළ ගුවන් මගීන් සහ විශේෂ අමුත්තන් සඳහා වන සෝ සිලෝන් ආලින්ද පහසුකම හා ආපන ශාලා පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ප්‍රංශයේ පැවැත්වෙන නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවේදී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇරියුම් ලැබී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා මෙරට ජනපතිවරයාට ඊට ඇරියුම් කර ඇති බවය. එම සමුළුව ජූනි 22 සහ 23 යන දෙදින තුළ පැරිසියේදී පැවැත්වීමට නියමිතව තිබේ. මේ අතර ආණ්ඩුවේ පක්ස නායකයින් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (14) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
ඇතැම් කාන්තාවන්ගේ ආකල්පමය ගැටලු හේතුවෙන් සම සුදුකිරීම සඳහා භාවිත කරන අලේපන නිසි සොයා බැලීමකින් තොරව භාවිත කිරීමට පෙළඹී ඇති බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පවසයි. අද (14) සෞඛ්‍ය කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ අදහස් පළ කළේය. “අපි අන්තර්ජාලයට ගිහින් බැලුවොත් මෙන්න මේ ආලේපනය විකුණනවා කියලා කිව්වොත් ඒකට යටින් තියෙන කමෙන්ට්වල මම දැකලා තියෙන්නේ, එකම දේ තමා “කොච්චර ඉක්මනට සුදුවෙනවා ද? ගාණ කීයද ?” කිසිම කෙනෙක් අහන්නේ නෑ මේකේ මොනවා ද තියෙන්නේ කියලා. කිසිම කෙනෙක් අහන්නේ නෑ මේක ආරක්ෂිත ද? මේක රෙජිස්ටර් කරලා ද? අනුමැතියක් ලැබිලා තියෙනවා ද කියලා. ඒ වගේ දෙයක් ඇහුවත් අහන්නේ අපි වගේ…
මාතර කොළඹ බස් රථයක මඟීන් පටවාගෙන ජංගම දුරකතනය කනේ ගසාගෙන බස් රථය ධාවනය කළ රියදුරෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු රුපියල් 37500ක දඩ මුදලක් නියම කර තිබෙනවා. මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි හර්ෂන් නානායක්කාර නමැති 26 හැවිරිදි රියැදුරකුට මෙසේ දඩමුදල් නියම කර ඇති බවයි වාර්තා වන්නේ. මාතර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයේ වාද්දුව පොහද්දරමුල්ල ප්‍රදේශයේදී ඉකුත් 8 සහ 9 යන දෙදින තුළදීම ජංගම දුරකතනය කනේ තබාගෙන ධාවනය කළ බවට චෝදනා දෙකක් යටතේ අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණා. පළමු වරදට රුපියල් දාහත් දහස් පන්සියක් සහ දෙවැනි වරදට රුපියල් විසිදහසක් වශයෙන් දඩමුදල් නියම කළ මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයෙන් දැඩිව අවවාද කළ…
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීම සඳහා අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ. එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ යටතේ සංචාරක ප්‍රවර්ධනය හා වෙනත් කටයුතු සඳහා අයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා දෙන්නැයි ඉල්ලා ඇති බවයි. ලබන 24 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ යටතේ මුහුදු බඩ මාර්ගයේ කොම්පඤ්ඤ වීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය හා වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඉඩම් බදු දීමට අපේක්ෂිතයි. මීට අමතරව උඩරට මාර්ගයේ සංචාරක ආකර්ශනයක් ඇති පරිසර පද්ධති ආශ්‍රිත දුම්රිය ඉඩම් ද බදු දීම සඳහා අයැදුම්පත් කැඳවා ඇත. කෙසේ වෙතත් මෙම ඉඩම් බදු දීමේදී ව්‍යාපෘති යෝජනාවල ඵලදායිතාව, සංවර්ධන ක්‍රියාවලියට ඉන් ඇති දායකත්වය…
මෙරට වෙළෙඳපොළ සාමාන්‍යකරණයට ලක්වීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ ණය මත පදනම් වූ ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ හැකියාවක් නොමැති බවය. “අපිට ණය මතම පදනම් වූ ආර්ථිකයක් ඉදිරියේ දී ගොඩනඟා ගන්න බෑ. ඒ නිසා සියලුදේට ගැළපෙන සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් අපි ඉස්සරහට අරන් ඇවිත් තියෙනවා. මේකේ අපි විශේෂයෙන්ම දකින්න ඕන කාරණය තමා රටේ පහුගිය කාලපරිච්ජේදය තුළ අත්‍යවශ්‍ය සේවා සැපයීම තෙල්, විදුලිය, ගෑස් ඉඳලා අද සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා. ඊළඟට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම…. අද වනවිට මිල ඉහළයෑම නතරවෙලා තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර මිල පහළ ගිහින් තියෙනවා. හැබැයි උද්ධමනය අඩුවීමට සාපේක්ෂව ඒ වේගයෙන්…
