Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ආරක්ෂක හේතුවක් මත වසා දමුණු කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කරන බව දැනුම් දී තිබේ. එළැඹෙන 20 වනදා සිට සාමාන්‍ය පරිදි වීසා ලබා දීමේ සහ අනෙකුත් සේවාවන් සිදුකරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත. ආරක්ෂක හේතුවක් මත පසුගිය පෙබරවාරි 15 වනදා කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි දැනුම් දෙනතුරු වසා දැමීට කටයුතු කළේය.
අද (19) දිනයේදී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වන දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද 32 වන රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමිනි. රටේ ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා, මේ වසර අවසන්වීමට පෙර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රියව ක්‍රියාත්මකවන සමාජයක් ගොඩනඟන බවටද සහතික වී තිබේ. එමෙන්ම රටේ ආර්ථික ගැටලු විසඳා ගැනීමත් සමග තවදුරටත් ජනතාවට පීඩාවට පත්වීමට ඉඩ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රජය සියලු තීන්දු තීරණ ගන්නේ ඒ වෙනුවෙන් බවද කියා සිටියේය. තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, නමුත්…
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ තමා බලයේ සිටියේ නම් වෙනස් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. කොමිසමේ නිර්දේශ ලබා දෙන විට තමා බලයේ නොසිටි හෙයින් එය තමාට අවාසි සහගත ලෙස ලැබුණු බවද ඒ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) කළුතර පැවති ජන හමුවකට එක්වෙමිනි. “මේ රටේ මැති ඇමතිකම් දරපු විශාල පිරිසක් පහුගිය අවුරුදු තුනේ නිදොස් කොට නිදහස් කළා. හැබැයි ඒ නිදොස් කොට නිදහස් කිරීම මට බලපෑවේ නෑ. පාස්කු ප්‍රහාරය කළේ කවුරුවත්, බෝම්බ ගැහුවේ සහරාන්, ඒ අපරාධය කළේ ISIS ජාත්‍යාන්තර සංවිධානය, ලෝකේ බලවත් රටවල් පැමිණ පර්යේෂණ කරලා ඒ ඔක්කෝම සොයා ගත්තා. මම…
මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවී තිබේ. ඊයේ (17) පෙරවරුවේ සිසුන් පිරිසක් මුහුදේ දියනාමින් සිටියදී ඉන් තිදෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්වී තිබුණි. එලෙස අතුරුදන්වී තිබුණේ 17 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙකි. ඔවුන් උපකාරක පන්ති යන බව පවසා මුහුදේ දියනෑමට ගොස් ඇති බවට ද පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යාංශය මගින් ලබානොදීම ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට ඇති බාධා පිළිබඳව එහිදී ඉදිරි දින කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් මගින් දැනුවත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය. එසේම මුද්‍රණාලය මගින් මුද්‍රණ කටයුතු ප්‍රමාද කිරීම, ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්ධන ප්‍රමාණවත්ව ලබානොදීම, පොලීසිය මුද්‍රණාලයට ආරක්ෂාව ලබානොදීම ඇතුළු කරුණු ද අදාළ මෝසම මගින් දැනුවත් කරන බව නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබුණ ද එම…
මේ වන විට ගල්අඟරු නෞකා 13ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කර ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, 12 වන නෞකාවේ ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර 13 වන නෞකාවේ ගොඩබෑම් කටයුතු හෙට (19) දිනයේ ආරම්භ කරන බවය. ගල්අඟුරු නෞකා 36ක් මෙරටට ගෙන් වීම සඳහා සැලසුම් සකස් කර ඇති බවද නාමල් හේවගේ මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ලබන සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් සිදුකිරීම සඳහා අවශ්‍ය ගල්අඟුරු සමාගම සතුව පවතින බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තම විහාරස්ථානයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුනොවන බව අම්පිටියේ සුමනරතන හිමි පවසති. උන්වහන්සේ පවසන්නේ, වෙඩිතැබූ පුද්ගලයා සෙවීමට පොලීසිය පියවර ගත යුතු බවය. තමන්ට පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මේ වන තෙක් එම ඉල්ලීම ඉටුකර නොමැති බව අම්පිටියේ සුමනරතන හිමි වැඩිදුරටත් සඳහන් කළහ. මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්, අම්පාර මංගලගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ කුටියක සැතපී සිටියදී පසුගිය දිනක රාත්‍රියේ එම කුටිය ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ එම කුටියේ ජනේලයකටය.
එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (17) අනුමැතිය ලබා දුන්නේය. එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ හවස කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය. පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ තිලක් මාරපන, ජනාධිපති නීතීඥවරුන් වන දයා පැල්පොල, රොනල්ඩ් පෙරේරා සහ නිශ්ශංක නානායක්කාර මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරිණි.
ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහය පිළිබඳ විධිමත් සහතිකයක් නොමැතිව වුවද ශ්‍රී ලංකාව සඳහා ණය අනුමත කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. නිල හිඟ මුදල් වලට ණය දීම සම්බන්ධයෙන් කලාතුරකින් භාවිතා වන ප්‍රතිපත්තිය යටතේ චීනයේ ණය සහතිකය නොමැතිව වුවද ශ්‍රී ලංකාවට ණය අනුමත කිරීම සලකා බැලීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර ඇති බව සඳහන්. මෙම ප්‍රතිපාදනය දැඩි මූල්‍ය අවශ්‍යතාවයක් ඇති රටකට ණයහිමියා විසින් ආධාර අවහිර කිරීම වැලැක්වීම ඉලක්ක කර ඇති අතර ණය කොන්දේසි සපුරාලීමට කැපවීම පෙන්නුම් කර ඇත. දිළිඳු රටවල ණය බර ලිහිල් කිරීමට G-20 රටවල් සහ අනෙකුත්…