Author: LANKA24X7

බස්නාහිර පළාතේ පාසල් 149ක් ආවරණය වන පරිදි සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලදී පොලීසිය විසින් සැකකරුවන් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) පස්වරු 1 සිට පස්වරු 3 දක්වා සිදුකළ මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය සහ මත්පෙති විකිණීමේ චෝදනා මත එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9යි මිලි ග්‍රෑම් 980ක්, හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 420ක්, ගංජා ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 833ක්, මත්පෙති 20ක් ඇතුළු මත්ද්‍රව්‍යද පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය වැටලීම් බස්නාහිර පළාතේ පාසල් ආවරණය වන පරිදි තවදුරටත් සිදුකරන බව බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

Read More

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මැතිවරණය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සිව්දෙනෙකු සමඟ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මැතිවරණය සම්බන්ධයෙන් මත හතරක් දැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදි ප්‍රතිචාර දක්වා තිබේ. ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ කොමිසමේ සාමාජිකයින් මැතිවරණය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණිය යුතු අතර ඊට අවශ්‍ය නිදහස කොමිසමට බාර දී ඇති බවය. එය ස්වාධීනව පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබේ. අවශ්‍ය නම් නීතිපතිවරයාගෙන්ද ලිඛිතව විමසීම් සිදු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එම සාමාජිකයින් පිරිස දැනුවත් කර ඇති අතර…

Read More

ශ්‍රී ලංකාවේ මතුව ඇති දැවැන්ත පාරිසරික අර්බුදයට රජය නොපමාව පිළියම් යෙදිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය පවසනවා. ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදයට අමතරව රටක් ලෙස අද බරපතල පාරිසරික අර්බුදයක් අභියසට පැමිණ සිටින බවයි. 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වන අවස්ථාවේ සියයට 29 ක් ව පැවැති රටේ වනගහනය, අදවන විට සියයට 16 දක්වා පහළට ඇද වැටී ඇති බවයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ. ඔහු පවසන්නේ අද වන විට සෑම දිනකම රට තුළ එක් වන අලියෙකු හෝ මියයමින් තිබෙන බවයි. ගෙවුණ 2022…

Read More

ලොව ප්‍රමුඛ සමාගමක් වන ඇමසන් සමාගම සේවකයින් 18,000ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. ඒ එම සමාගම සිය ඉතිහාසයේ එකවර වැඩිම සේවකයින් පිරිසක් ඉවත්කරන පළමු අවස්ථාව ලෙස දැක්වෙයි. ඇමසන් සමාගම පවසන්නේ වියදම් අඩු කරගැනීම සඳහා එම තීරණය ගත් බවය. අන්තර්ජාලය භාවිතයෙන් වෙළෙඳාමේ යෙදෙන ලොව ප්‍රමුඛතම සමාගම වන එයට ලොව පුරා මිලියන 1.5ක් පමණ සේවක සංඛ්‍යාවක් හිමිය. නමුත් කුමන රටවල වැඩියෙන් සේවක කප්පාදුව සිදුකෙරෙන්නේද යන්න සම්බන්ධයෙන් ඔවුන් හෙළිකර නොමැත. බහුතර සේවක සංඛ්‍යාවක් ඉවත් කරනුයේ පාරිභෝගික භාණ්ඩ ව්‍යාපාර සහ මානව සම්පත් අංශවල බව සඳහන් ය.

Read More

මේ වනවිට රට තුළ පවතින තත්ත්වය අනුව පැය 8ක 10ක විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් තරම් ගල්අඟුරු සංචිත ලැබෙමින් පවතින බවය. “විදුලිබල මණ්ඩලයේ කළමනාකරණයේ වැරදිවලින් ඇතිවූ අලාභය පියවා ගන්නත් ගල්අඟුරු සහ තෙල් ලබාගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමටත් තමයි මේ විදුලි බිල වැඩිකරන්න යන්නේ.” “මේ අවස්ථාව වෙනකොට අපිට තිබෙනවා ගල්අඟුරු මෙට්‍රික්ටොන් 32,000ක්. ඊළඟ නැව හෙට ලංකාවට එනවා. හෙට දවල් වෙනකොට තව මෙට්‍රික්ටොන් 60,000ක් බාන්න පටන් ගන්නවා. තව නැව් 5ක් එන්න තිබෙනවා. දැන් තිබෙන ක්‍රමය අනුව නැව් 25ක් විතර එන තත්ත්වයක් තිබෙන්නේ.” “ගල්අඟුරු නැති නිසා නවත්වපු…

Read More

කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ ඉදිකෙරෙන ව්‍යාජ දළදා මාළිගාව සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. මහානායක හිමිවරුන කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් අදාළ උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

Read More

දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බෙල්ලංවිල ප්‍රදේශයේදී එලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු ඒ වන විට ඔහු 83 හැවිරිදි වියේ පසුවිය.

Read More

පළාත් පාලන ආයතන 20ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ. තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ද අදින් ආරම්භ විය. එම අයදුම්පත් භාර ගැනීම මේ මස 23 වනදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන්වීමට නියමිත අතර එම දිනය කිසිසේත්ම දීර්ඝ කිරීමක් සිදුනොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාර ගැනීම ආරම්භ වු ඊයේ දිනය තුළදීම බණ්ඩාරවෙල මහ නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් විසින් ඇප මුදල් තැන්පත් කර තිබුණි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (05) ආරම්භ කළේ කළුතර…

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊ (05) පැවති දෙවැනි විස්සයි 20 තරගයේ තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 දැවී ලකුණු 206ක් රැස් කළේය. ලකුණු 207ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 08ක් දැවී ලකුණු 190ක් පමණි. ඒ අනුව ලකුණු 16කින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජය වාර්තා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් සමත් විය. ඔවුන්…

Read More