Author: LANKA24X7

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 පාසල් වර්ෂයේ තෙවන වාරයේ අවසන් අදියර අද (20) ආරම්භ වේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය හේතුවෙන් ජනවාරි මස 23 වන දින සිට පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබීය. ඒ අනුව 2022 පාසල් වර්ෂයේ තෙවන වාරය මාර්තු මස 24 වනදායින් අවසන් වීමට නියමිතව තිබේ. 2023 පාසල් වර්ෂය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ මාර්තු මස 27 වනදාය. මේ අතර මාර්තු මස 27 වන දිනට පෙර 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් බෙදාහැර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ්‍ය පැවසුවේය.

Read More

පානදුර දකුණ පොලිස් වසමේ දුම්රිය පොළ පාර අසලදී නඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඊයේ (19) සවස් කාලයේදී 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවුඩයක් මත එම සිරුර සොයාගෙන ඇත. මරණකරු උස අඩි 05යි අඟල් 02ක් පමණ කෙට්ටු සිරුරකින් හෙබි වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙක් බව පොලීසිය පවසයි. කොණ්ඩය පැසුනු ස්භාවයකින් යුක්ත වන අතර උඩුකයට සුදු පැහැති දික් ඉරි සහිත අත්කොට කමිසයක්ද යටි කයට දුඹුරු පැහැති හරස් ඉරි සහිත සරමක්ද හැඳ සිටින බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

උඩුදුම්බර නකල්ස් රක්ෂිතයට අයත් ගැරඩිගල කන්ද තරණ කිරීමට ගොස් අතමංව සිටි තරුණ තරුණියන් 33 දෙනෙකු නිරුපද්‍රිතව මුදාගෙන තිබේ. අදාළ කන්ද තරණය කිරීමට ගොස් සිටි පිරිසක් අධික වර්ෂාව සහ මීදුම හේතුවෙන් නැවත පැමිණීමට නොහැකි වී අතරමංව ඇති බවට උඩුදුම්බර පොලීසිය තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව පොලිස් නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව, එම පිරිස සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබුණි. එහිදි අතරමංව සිටි තරුණයන් 31 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට හැකිව ඇති අතර ඔවුන් මහනුවර, හෝමාගම, කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

Read More

ශ්‍රී පාද වන්දනාවේ ගිය බස් රථයක් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් තරුණියන් දෙදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලැබීය. අදාළ බස් රථය ඊයේ (19) රාත්‍රී 9.15ට පමණ නොර්ටන් බ්‍රිජ් පොලීසිය ආසන්න ප්‍රදේශයක දී අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව වාර්තා වුණි. අනතුරින් 26 හැවිරිදි 30 හැවිරිදි තරුණියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබු තවත් 25 දෙනෙකු ප්‍රතිකාර සඳහා වටවල, ගිනිගත්හේන සහ නොර්ටන් යන රෝහල්වලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබුවන් අතර බස් රථයේ රියදුරු සහ සහයක ඇතුළුව කාන්තාවන් 14දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11දෙනෙකු වන බව පොලීසිය පැවසුවේය. අනතුරින් මියගොස් ඇත්තේ තෙලිජ්ජවිල සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශවල පදිංචි තරුණියන් දෙදෙනෙකු බව සඳහන්ය. මොවුන්…

Read More

ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස රජය විසින් උපදෙස් ලබාදී තිබේ. තෙල් සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට නව අයක්‍රම යටතේ ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බැවින් යෝජිත ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී ඇත. එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මීට පෙර සිදුකරන ලෙස උපදෙස් ලබාදී තිබුණ ද අයක්‍රම සකස් කිරීමට ප්‍රමාද වී හේතුවෙන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ද ප්‍රමාද වුණි. එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව කොටස් කිහිපයකට වෙන්කර පවත්වාගෙන යාමට සැලසුම් කර තිබේ. එම ක්‍රියාවලිය හරහා…

Read More

රට තුළ ආර්ථික අර්බුදයක් මතුව ඇති බැවින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ. විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා විසින් පෙත්සම, පසුගිය 10 වනදා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී එය වැඩිදුර සලකා බැලීම ලබන 23 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. කෙසේවෙතත් අදාළ පෙත්සම ලබන 23 වනදා ට පෙර කැඳවන ලෙස ඉල්ලමින් පෙත්සම්කරු විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් පසුගියදා මෝසමක් ගොනුකර තිබුණි. එවන් පසුබිමක අදාළ පෙත්සම අද එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත…

Read More

වීරකැටිය – හකුරුවෙල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබේ. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. වෙඩිතැබිමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ, 53 හැවිරිදි පුද්ගලයෙකි.

Read More

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (19) පසවරු 1.30 සිට අද පස්වරු 11.30 තෙක් එම නිවේනදය වලංගු වන බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

විදුලිබිල වැඩි කිරීමට එරෙහිව හෙට (20) රාත්‍රී 7 ට සියලු විදුලි පහන් නිමා දමන ලෙසට මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා සිටී. මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අනුරුද්ධ සෝමතුංග මහතා ඒ සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවන් අදහසකි. “හෙට දවස තුළ දී පස්වරු 7ට ඔබේ නිවසේ විදුලි පද්ධතිය ටිප් ස්විච්චයෙන්ම නිමා දමන්න. විදුලි පහන්, උපකරණ භාවිතය අත්හරින්න. පද්ධතියෙන් ඉවත් වෙන්න. ඔබේ විදුලි පහන් නිවා දමන්න. ඒ බලපෑම සංකේතවත්ව අපි ජනගත කරමු.” මේ අතර වැඩිවූ විදුලි බිල සංශෝධනය කරන්නැයි ඉල්ලමින් ඊයේත් ප්‍රදේශ කිහිපයකදි විරෝධතා පැවැත්වුණි. විදුලි බිල වැඩිකිරීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් සංවිධානය කළ විරෝධතාවක් පුත්තලම වාන…

Read More