Author: LANKA24X7

දරුවන්ගේ කුසගිනි නිවීමට ගෙවත්තේ කොස් ගසකින් ගෙඩියක් කැඩීමට උත්සාහ කළ සිව් දරු මවක් ගසෙන් වැටී මියයෑමේ ශෝචනීය පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා විය. එසේ මියගොස් ඇත්තේ ගම්පොළ, නාරංවිට බණ්ඩාරවත්ත පදිංචි බෝපාවිට ගෙදර ශාන්ති කුමාරී නමැති 50 හැවිරිදි සිව් දරු මවකි. ඇයට ගැහැනු දරුවන්ම සිව් දෙනකු සිටින අතර ඉන් තිදෙනකුම පාසල් යන වයසේ සිටින අය ය. ශාන්තිගේ සැමියා පිරිසිඳු කරන පුද්ගලික ආයතනයක කම්කරුවකු ලෙස සේවය කරන අයෙකි. මියගිය තැනැත්තියට රැකියාවක් නොමැති බවද අනාවරණය වී තිබේ. සැමියා උපයන සුළු ආදායම පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවීම නිසා පාසල් ළමුන්ගේ උපකරණ සැපයීම, ආහාර සපයා ගැනීම, බෙහෙත් ගැනීම ආදී කාර්යයන් ඉටු කර ගැනීමේදී අසීරු තත්ත්වයක ඔවුන් සිට…

Read More

නෝටන්බ්‍රිජ් දියගල මාර්ගයේ සිදු වු බස් රථ අනතුරෙන් පසු බස් රථයට යට වී සිටි තරුණයෙකුගේ සිරුරක් අද (20) උදැසන ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් සහ නෝටන්බ්‍රිජ් පොලීසියේ නිලධාරින් විසින් සොයාගෙන තිබේ. මෙසේ සොයාගෙන ඇත්තේ, හික්කඩුව කලුපේ ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිලාන් කෞෂල්‍ය නැමති 33 හැවිරිදි පුද්ගලයෙකි. බස් රථ අනතුරෙන් 26දෙනෙකු තුවාල ලබා තරුණියන් දෙදෙනෙකු ඊයේ (19) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව සිටි අතර, එම බස් රථයේ පැමිණි එක් අයෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වුණි. ඒ අනුව අද උදෑසන යුද හමුදා භට පිරිස් සහ පොලීසිය එක්ව බස් රථය පරීක්ෂා කිරීමේ දී අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර හමුව තිබේ.

Read More

කිඹුලාවල STREET FOOD ජංගම වෙළෙඳසැල් හැමෝම දන්න කියන ප්‍රසිද්ධ තැනක්. නමුත් පෙබරවාරි 24 වැනිදා වනවිට මේ ජංගම වෙළෙඳසැල් එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබේ. එම ස්ථානයේ වෙළෙඳසැල් 33ක් පමණ ඇති අතර ඒ හරහා පවුල් 150කට වැඩි පිරිසක් සිය ජීවනෝපාය සරිකර ගනී. කොවිඩ් වසංගතය හේතුවෙන් සිය රැකියා අහිමිවීම හේතුවෙන් කිඹුලාවල එම ස්ථානයේ සිය ව්‍යාපාර ආරම්භ කළ බව වෙළෙඳසැල් හිමියෝ පවසති. නාගරික සංවර්ධන අධිකාරිය මඟින් එම ස්ථානයේ වෙළෙඳාම් කිරීමට නීත්‍යානුකුල ක්‍රමවේදයක් යටතේ සැලසුම් කර තිබියදී මාර්ග සංවර්ධන අධිකාරිය මෙලෙස ක්‍රියාකිරීම අසාධාරණ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි. “එකපාරට අපිව අයින් කරාම අපි මොකද්ද කරන්නේ කියලා අපිට හිතාගන්න…

Read More

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 23 වනදාට පෙර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් ගොනු කළ මෝසම සලකා බැලීමට අනවශ්‍ය බව ඔහුගේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව දාළ පෙත්සම සලකා බැලීම සඳහා කලින් නියම කළ පරිදි ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

Read More

පුත්තලම 58 වැනි බල සේනා මූලස්ථානයේ තිබූ ටී 56 ස්වයංක්‍රිය ගිනි අවියක් උන්ඩ 30 සහිත මැගසිනය සොරාගත් බව කියන එම කඳවුරේ රාජකාරි කරන සෙබළුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය පවසයි. මෙම ගිනි අවිය ජීව උන්ඩ සහිත මැගසිනය සන්තකයේ තබාගෙන සිටි බව කියන අනුරාධපුර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු ද මේ සමඟම සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. ටී 56 ස්වයංක්‍රීය ගිණි අවිය උණ්ඩ සහිත මැගසිනය ද මෙම සැකකාර ව්‍යාපාරිකයාගේ නිවසේ සඟවා ගෙන තිබියදී රහස් පොලිස් බාරයට ගනු ලැබීය. සැකපිට අත්අඩංගුවට ගත් යුධ හමුදා සෙබලුන් දෙදෙනා ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම ධනවත් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගන්නා…

Read More

ගණේමුල්ල අමුණුගොඩ නිවසක පැවති උපන්දින සාදයක දී අතිවූ ගැටුමක් අතර ගැබිණි කාන්තාවගේ උදරයට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදාවේ සෙබළෙක් ගනේමුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. පා පහර කෑ සිවු මස් ගැබිනියක බොරැල්ල ද සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ කලලය පා පහරවැදීමෙන් විනාශයට පත්ව ඇති බවට එම රෝහලෙන් දැනුම් දී ඇති බවත් පොලිස් නිලධාරියෙක් මාධ්‍යට පැවැසීය. සැකකාර නාවික හමුදා සෙබළාගේ සහෝදරියකගේ නිවසේ උපන්දින සාදයක් පවත්වා ඇති අතර එයට මෙම නාවික සෙබළා ද සහභාගි වී තිබේ. මෙම නාවික සෙබළාගේ සහෝදරියගේ සැමියගේ සහෝදරයකු සහ නාවික සෙබළ අතර බහින්බස් වීමක් සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන්…

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව සමගි ජනබලවේගය සංවිධාන කරන විරෝධතාවයක් කොළඹදී අද පස්වරුවේ පැවැත්වෙනවා. එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ඡන්ද කල් දැමීමට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කිරීමට සිය පක්‍ෂය සැලසුම් කර ඇති බවයි.

Read More

චීනයේ කොවිඩ් සම්බන්ධ රජයේ ප්‍රතිපත්තියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූ විරෝධතාකරුවන් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය නොවැම්බර් මාසයේ සිට පැවති විරෝධතාවලට සහභාගී වූ පිරිස්වලට එරෙහිව රජය විසින් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති තිබූ බව වාර්තා වෙයි. එම විරෝධතා සඳහා දහස් ගණනක පිරිස් එක්ව සිටි අතර ඔවුන් විසින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් ගේ පාලනය දැඩිලෙස විවේචනයට ලක්කර තිබුණි. විරෝධතාවලට සහභාගී වූ පුද්ගලයින් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ බවට බලධාරීන් ප්‍රකාශ කර තිබුණ ද මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වාදෙන්නේ 100 ඉක්මවූ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය. ‍ රට තුළ කොවිඩ් වසංගතය පාලනය කිරීමට සමත්වූ බවට ද චීන රජය මේ…

Read More

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති තරගය ලකුණු 102කින් ජයගැනීමට නවසීලන්තය සමත්විය. එම තගරයේ කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත්වූ අතර ඔවුන්ගේ තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 162ක් රැස් කළාය. තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 163කි. ඒ අනුව ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 60ක් පමණි.

Read More

වයස අවුරුදු හතක සහ වයස අවුරුද්දක් වන දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු රත්නපුර වතුයායක තිබියදී ඊයේ (19) සොයාගැනුණි. දරුවන් දෙදෙනාගේ මළ සිරුරු එලෙස සොයාගැනුණේ, රත්නපුර කරපිංච ප්‍රදේශයේ ශාන්ත ජෝකිම් වතු යායෙනි. එසේ මියගොස් තිබුණේ ශාන්ත ජෝකිම් වත්තේ අංක 4 නිවාස පෙළෙහි පදිංචිව සිටි එකම පවුලේ දරුවන් දෙදෙනෙකි. දරුවන්ගේ මව පැරසිටමෝල් පෙති අධි මාත්‍රාවෙන් බී දිවි නසාගැනීමට තැත් කර ඇති අතර ඇය ද අසාධ්‍ය තත්ත්වයෙන් රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඒ අනුව, පොලීසිය සැක කරන්නේ මව දරු දෙදෙනා ඝාතනය කර ඇය දිවි හානි කරගැනීමට තැත් කර ඇති බවටය. දරුවන් දෙදෙනා ළිඳට වැටී සිටියදී තමා ඔවුන් ගොඩට ගෙන අසල ලඳු කැලෑවෙන් තැබූ බව…

Read More