Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසීය අලුත් විමර්ශන අංශයක් ආරම්භ කරන බව කොළඹ බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා පවසයි. පාර්ලිමෙන්තුවේ දී සම්මත වූ, අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද පනතට අනුව මෙම විමර්ශන අංශය ආරම්භ කිරීමට නියමිත බව ඔහු පැවසුවේය. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (23) පැවති විශේෂ පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමිනි. PCID හෙවත් අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද විමර්ශන කොට්ට්ථාශය ලෙස මෙම අංශය නම් කර ඇත. මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආරම්භ කිටීමට නියමිත මෙම නව විමර්ශන අංශය පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් දිනයට සමගාමීව ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇති…
නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු අයදුම්පත් 36ක් ප්‍රතික්ෂේප කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ මූලික සුදුසුකම් සපුරා නොමැතිවීම හේතුවෙන් එම අයැදුම්පත් ප්‍රතික්ෂේප කළ බවයි. නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් 80 ක් පමණ ලැබී ඇතැයිද සභාපතිවරයා පැවසුවේ ය.
37 වන පොලිස්පතිවරයා වශයෙන් පත් වූ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස්පති ධුරයට පත්වීමෙන් පසුව අග්‍රාමාත්‍යවරිය සමග පැවති ප්‍රථම නිල හමුව මෙයයි. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාද එක්විය.
සමාජ මාධ්‍ය තුළ එක් පුද්ගලයෙකු නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අනාවැකි පලකිරීම තුළ අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (23) උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට නව මැගසින් බන්ධනාගාරය වෙත ගොස් පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන මොහොතක නීතියේ සඳහන් නොවන තුන්වන පාර්ශවයකට නීතියේ අවසන් ක්‍රියාවලිය පුරෝකථනය කළ නොහැකි බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එය බොහෝම භයානක තත්ත්වයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වීමට නම් රටේ ජනතාව නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය නිවැරදි බවට විශ්වාස කළ යුතු බව ද…
මහරගම නාවින්න සුපිරි ප්‍රදර්ශනාගාරයක් ඉදිරිපිට දී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි එම සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් 20450 ක් පොලිස් භාරයට ගෙන ඇත මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ දෙහිවල කළුබෝවිල විමල පාරේ පදිංචි හිටපු හමුදා නිලධාරියෙකි සැකකරු කහතුඩුවෙහි කිරොත්තුඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකාය 29 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව සාමාන්‍යෙන් ගල් අඟුරු ටෙන්ඩරයක් කැඳවීමේදී ඒ ටෙන්ඩරයට ඉල්ලුම් කිරීම සඳහා සති හයක කාලයක් ලබාදිය යුතු වුවත් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට මේ දිනවල සමාජයේ විශාල කතා බහක් නිර්මාණය වී ඇති ටෙන්ඩරයට ලබාදී ඇත්තේ සති තුනක කාලයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ (22) ප්‍රකාශ කළේය. හදිසි අවස්ථාවක් නිසා එම ටෙන්ඩරය සඳහා වන කාල සීමාව සති තුනට අඩු කිරීමට සිදුවූ බව ආණ්ඩුව පැවැසුවත් එම හදිසි අවස්ථාව කුමක්දැයි තවමත් රජය ප්‍රසිද්ධ කර නැතැයි ජයගොඩ මහතා පැවැසුවේය. ටෙන්ඩරයක් සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාල සීමාවක් ලබා නොදුන්විට ඒ සඳහා උනන්දු පාර්ශ්වයන්ට ලංසු ඉදිරිපත් කිරීමට තිබෙන අවස්ථා මග…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (23) සහ හෙට (24) දුම්රිය අවලංගු කිරීම පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරී රවින්ද්‍ර පත්මප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එලෙස අවලංගු කෙරෙන සහ ප්‍රමාද වී ධාවනය කෙරෙන දුම්රිය මෙසේය.
මහ බැංකු අධිපතිවරයාව සිටියදී සිය බෑනාගේ සමාගමට ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් කළේ යැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට සැප්තැම්බර් මස 26 දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඊයේ (22) යළි නොතීසි නිකුත් කළාය. අල්ලස් කොමිසම විසින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව හා අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ පැවරු පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව අදාල නොතීසිය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමටද නියෝග කළාය. සිංගප්පූරුවේ වාසය කරනවා යැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට 2024 වසරේදී…
යාපනය පොලිස් වසමට අයත් කොට්ටඩි ප්‍රදේශයේ තිබී ගිනි අවි 30ක් හා පතුරම් තොගයක් ඊයේ (22)දා සොයා ගත බව පොලිසිය සදහන් කරයි. පුද්ගලික ඉඩමක් තුල තිබී මෙම ගිනි අවි හා පතුරම් තොගය සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ. අදාළ ඉඩමේ වැසිකිලි වැලක් කැපීම සදහා යාමේදී මෙම ගිනි අවි හා උන්ඩ තොගය නිවැසියන්ට හමුව ඇති අතර පසුව නිවැසියන් විසින් ඒ පිළිබද යාපනය පොලිසිය දැනුවත් කර තිබේ. පසුව පොලිසිය යාපනය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිඅකරන නියෝග මත එම ප්‍රදේශයේ අවි යුධ සොයා පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී ටි . 56 වර්ගයේ ගිනි අවි 30 ක් උන්ඩ 5000 ක් පමණ සොයා ගැනීමට පොලිසිය…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි විට ඔහු අත්අඩංගුවට ගෙන දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන බවට සුදත්ත තිලකසිරි නැමැති පුද්ගලයකු යූටියුබ් හරහා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. හිටපු ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශය ලබා ගැනීමටත් පෙර මෙම පුද්ගලයා තීන්දුව හරියටම ප්‍රකාශ කරන්නේ කෙසේදැයි විමර්ශනය කරන ලෙස එජාප නීතිඥයන් කළ පැමිණිල්ලේ සඳහන්ය. අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නීති අංශයේ නීතිඥ නලින් පතිරණ මහතා පැවසූයේ අධිකරණයෙන් දීමට නියමිතව තිබෙන තීන්දුවක් අදාළ ප්‍රකාශය කළ තැනැත්තා විසින් කලින් ප්‍රකාශ…
