Author: LANKA24X7

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරියන් විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්‍යාලය ඉදිරිපිටදී උදෑසන විරෝධතාවක් දක්වනු ලැබීය .” සමරිසි අපට එපා.” “මන්ත්‍රි දීමනා ගන්නෑ කියා ඇල්පිටිය ජනතාව මුලා කළේ ඇයි .” පාසල් පද්ධතිය වලපල්ලට දානවද?කොණ්ඩම් දරුවන් හට ” යනුවෙන් ලියූ පුවරු ඔවුන් ප්‍රදර්ශනය කළාය. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද පෙරවරුවේ ආරම්භවූ අතර ඊට පෙර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරියන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් සභාව ඉදිපිට සිට විරෝධතා දැක්වූ අතර පසුව එම පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සභාවට ඇතුළු වූහ . සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි සභාපති වරයා විසින් කරගෙන යනු ලැබීය .

Read More

බස් රියැදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් නොවැම්බර් අවසානයේ බඳවා ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. අමාත්‍යවරයා මේ බව කීවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පරිපුරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා වන විවාදය අරඹමිනි. කාන්තා රියැදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් නොවැම්බර් අවසානය වන විට බඳවා ගන්නවා. ඒ වගේම මෙට්රෝ බස් සේවය අප පටන් ගන්නවා.බස් ටිකට් එකෙන් මාටියා ගැසීම ප්‍රසිද්ධ දෙයක්.ඒ නිසා කාඩ් ගෙවීම් ක්‍රමයක් හැදීමේ ඉල්ලීම තිබුනා.නොවැම්බර් 30 වන විට දැනට තිබෙන බස් ටිකට් මැෂින් වලින් බැංකු කාඩ් මගින් ගෙවීම් කරන්නට පහසුකම් ලබා දෙනවා.තවමත් පොදු මගී ප්‍රවාහනය තියෙන්නේ නරක තත්ත්වයේ.එය විසඳන්න සැමගේ උදව්ව…

Read More

පොලිස් ස්ථානාධිපතිවරුන් තිස් දෙනෙකු කිසිදු හේතුවක් නැතුව මාරු කර යවා ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද කිසිදු වැඩපිළිවෙලක් නැතුව මාරු කර ඇතැයි ඔහු කීවේය. පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීමේ තීරණය ගැනීමේ බලය තිබෙන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවට බව කී මන්ත්‍රීවරයා මොකක්ද මේ අද කරන්නේ යයිද විමසා සිටියේය. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාවට යොමු කරමු. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා: පොලිසියේ මාරුවීම් එක් අතකට අද පැවරිලා. පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් කරගන්න බැහැ. පඹේක් කරගන්න බැහැ. පොලිස් කොමිසම සතු බලතල පොලිස්පතිවරයාට පැවරීම ගැන විපක්ෂයේ…

Read More

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන් වේ. සියලු පළාත් ආවරණය වන පරිදි පසුගිය සැප්තැම්බර් 18 වෙනිදා සිට මහජන අදහස් ලබාගැනීම ආරම්භ වු අතර අද අවසන් සැසිය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මඟින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ. මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, සියලු අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් අවසන් තීරණය මේ මස දෙවන සතියේ දී ප්‍රකාශය කිරීමට නියමිත බවය.

Read More

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආචාර්ය ධර්ම ඉහල නැංවීම සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි. එහි එක් පුහුණු වැඩසටහනක් කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනයේදී අද (8) දවස පුරා පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය කියයි.

Read More

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි. වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 39401 ක් වාර්තාවී ඇතැයි ද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මිය ලංකාදිපයට පැවසුවාය. ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මේ වසර තුළ මියගොස් ඇතැයිද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය. ඔක්තෝම්බර් මාසයේ මේ දක්වා ඩෙංගු රෝගින් 431 ක් වාර්තා වී තිබේ. සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පලාතෙන් වාර්ථා වී ඇතැයිද ඇය පැවසුවාය.

Read More

කොළඹ වරායෙන් බහාලුම් 323 ක් පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි සඳහන් යෝජනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තු කාර්යාලයේදී ඊයේ (7) බාර දෙනු ලැබීය. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මදුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කවින්ද ජයවර්ධන හර්ෂණ රාජකරුණා ජේ.සි අලවතුවල සහ ඩී.වී චානක යන මහත්වරු සහභාගි වූහ. ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ සංගමය බහාලුම් නිදහස් කිරීමේ අක්‍රමික ස්වරූපය සැලකිල්ලට ගනිමින් මෙම බහාලුම්වල අන්තර්ගතය පිළිබඳව තමන් හට වගකීම බාරගත නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බැවින්ද එම බහාලුම්වලින් මත්ද්‍රව්‍ය ආයුධ හෝ වෙනත්…

Read More

ක්‍රීඩා වල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (07) සිය සහතිකය සටහන් කළේය. ඊයේ පෙ .ව 11.30 සිට ප.ව. 5.00 දක්වා ක්‍රීඩාවල යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණු අතර, ඡන්ද විමසීමකින් තොරව එම පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025.09.12 දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම පනත ශ්‍රී ලංකාවේ උත්තේජක මර්දන නීතිය, අන්තර්ජාතික නීතිය සමඟ යාවත්කාලීන කිරීම සඳහා 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති…

Read More

කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දුන්නේය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන නව රජය යටතේ ලබාගත් ලාභාංශ වලින් කොටසක් මෙලෙස භාණ්ඩාගාරයට භාරදී ඇත. කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට නිල වශයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම භාරදීම සිදුකර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබා දෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank – AIIB)සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය. ආසියානු යටිතල පහසුකම් අයෝජන බැංකුවේ සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (7)හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය මුදල් යටතේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතින්හි ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරමින් රටේ ඉදිරි ගමනට සහාය ලබා දෙන බව…

Read More