Author: LANKA24X7

ඉන්ධන මිල අඩුවීමත් සමග පාසල් වෑන් රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ප්‍රතිශතයක් ලෙස මිල අඩුකිරීම අපහසු වන බැවින් කතා කරගෙන මිල ගණන් තීරණය කළ යුතු බවය. “වැඩි වීමේ දී වැඩි වූ ආකාරයටම දෙමව්පියෝ සහ හිමිකරු සහ රියදුරු සමග ඇති කරගත් එකඟතාවය මතම මිල අඩුවීමේ දී ත් එතුමන්ලා සමග කරලා අඩු කිරීමට කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද අපිට ප්‍රතිශතයක් ලෙස අඩු කිරීමක් කරන්න අපහසුතාවයක් තියෙනවා. මොකද අපි දුවන ප්‍රමාණ එකිනෙකාට වෙනස් වෙනවා. ඒ නිසා…

Read More

විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය පෙබරවාරි 15 වන දින නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වී නවකවධය ලබාදීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය වෙත අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත. මාර්තු 28 වනදා බලංගොඩ ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23, 24 හා 25 යන වයස්වල පසුවන දෙහිවල, මොරටුව, අම්බලන්ගොඩ හා වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සැකකරුවන් ඊයේ (29) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදාහැර තිබේ.

Read More

කොස්ගම දී සහ ගම්පහ දී අමානුෂික ඝාතන දෙකක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. ගම්පහ පොලිස් වසමේ මාකෙවිට ප්‍රදේශයේ දී නිවසක් තුළ දී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබුණි. බරපතළ තුවාල ලැබු කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකාරියෙකි. කලක සිට පවතින ඉඩම් ආරවුලක් දුරදිග හේතුවෙන් සැකකරු මරණකාරියගේ නිවසට ගොස් ආරවුලක් ඇති කරගෙන තිබේ. එහිදී තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පැවසීය. ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර, කොස්ගම පොලිස් වසමේ මුණමලේවත්ත ප්‍රදේශයේ දී ද ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.…

Read More

මාතර මිදිගම ප්‍රදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් අවන්හලක් ඉදිරිපිට දී එහි හිමිකරුට වෙඩි තබා ඇති බව පොලීසිය පැවසුවේය. වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කළ අතර ප්‍රතිකාර ලබමින් සිටිය දී අද උදෑසන මියගොස් තිබේ. 32 හැවිරිදි අදාළ පුද්ගලයා අවන්හල ඉදිරිපිට යතුරුපැදියක වාඩි වී සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිස ටී -56 ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන්ය. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර වෙඩි තැබීම සඳහා යොදාගත් වෑන් රථය අහංගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Read More

රුසියාව මහා පරිමාණ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියාව සතු අති නවීන බැලැස්ටික් මිසයිල පද්ධතියක් ද මේ සඳහා එක් කර ඇති බවයි. සිය න්‍යෂ්ටික ශක්තිය ලොවට පෙන්වීම සඳහා රුසියාව මෙම යුද අභ්‍යාසය දියත් කර ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ. යුද අභ්‍යාසය සඳහා එක්ව සිටින රුසියානු හමුදා බල ඇණිය 3000 කට අධික බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. යුද උපකරණ 300 කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා එක් කර ඇති බවද සඳහන්. රුසියාව මෙම මහා පරිමාණ යුද අභ්‍යාසය ආරම්භ කර ඇත්තේ මතභේදයට තුදු දුන් ලෙපර්ඩ් ටූ වර්ගයේ අතිනවීන යුද ටැංකි 18 ක් ජර්මනිය යුක්රේනය වෙත ලබා දී ඇති පසුබිමක්…

Read More

නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට නැවතත් පැමිණීමට ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සමත්ව තිබේ. පාකිස්තානය සමග පැවති පන්දුවාර 20 තරගාවලියේදී දැක්වූ දක්ෂතා මත රෂීඩ් ඛාන් එම සටහනේ පෙරමුණ හිමිකරගෙන ඇත. ඒ අනුව එහි පෙරමුණ ගෙන සිටි වනිඳු හසරංග දෙවන ස්ථානයට පත්ව තිබේ. 20-20 පන්දුයැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණේ පසුවන රෂීඩ් ඛාන් ප්‍රසාද ලකුණු 710ක් ලබා ඇති අතර වනිඳු හසරංග ප්‍රසාද ලකුණු 695ක් ලබා සිටී. එම සටහනේ තුන්වන ස්ථානයේ Fazalhaq Farooqi ප්‍රසාද ලකුණු 692ක් ලබාගනිමින් රැඳී සිටින අතර Mujeeb Ur Rahman එහි 08 වන ස්ථානයේ රැඳී සිටින්නේ ප්‍රසාද ලකුණු 668ක් ලබාගනිමිනි.

Read More

පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා පිළිබඳව නියෝගය මැයි මස 17 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියම කළේය. ඒ, රජයේ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණයක් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් සම්බන්ධයෙනි. රජයේ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් දැනටමත් පනවා තිබෙන තහනම් නියෝගය ද එදින තෙක් දීර්ඝ කරන බවත් විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුනි.…

Read More

ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා සිදුකරන ලද වෘත්තීය සමිති නායකයින් සහ ඊට සහාය ලබාදුන් සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පියවර ගෙන තිබුණි. ඒ අනුව එම පිරිස්වලට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට සහ තොග ගබඩා පර්යන්ත පරිශ්‍රයට ඇතුළුවීමද තහනම් වනු ඇති. මෙලෙස අනිවාර්ය නිවාඩු යැවූ පිරිස අතරට ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති, විශ්‍රාමික ඛනිජ තෙල් සංස්ථා සේවකයෙකු වන අශෝක රන්වල සහ පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න සහ එහි ලේකම් ජයන්ත පරේගම යන මහත්වරුන්ද අයත්ය. මෙලෙස යම් සේවකයෙකු අනිවාර්ය නිවාඩු…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් එම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටියි. මහ බැංකුව පෙන්වා දෙන්නේ ක්‍රිප්ටෝ මුදල් යනු රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයක් බවය. මෙම ක්‍රිප්ටෝ මුදල්, ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) හෝ ඒ හා සමාන තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාවට නංවන, වටිනාකම් පිළිබඳ ඩිජිටල් නිරූපණයක් ලෙස හැඳින්විය…

Read More

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් අනුරාධපුරය, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

Read More