Author: LANKA24X7

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයට එළැඹි වහාම ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව, එය සම්මත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා යම් පාර්ශ්වයක් එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බවද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (21) පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති “2023 බදු සමුළුව” ආරම්භක දේශනය සිදු කරමිනි. තවද මෙරට ප්‍රධාන ණයහිමියන් වන පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය සමග වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් තම මූල්‍ය…

Read More

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව අද (22) පෙරවරු 11.45 ට පමණ භූ චලනයක් සිදුවී තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ රික්ටර් මාපාංක 3.2ක අගයකින් යුත් භූ චලනයක් බුත්තල හා වැල්ලවාය අතර ප්‍රදේශවලින් වාර්තා වූ බවය.

Read More

මෙරට බුද්ධි අංශවල සියලු තොරතුරු අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවය යටතට පත්කිරීමේ උත්සායක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, පසුගිය දා මෙරටට පැමිණ ඇති අමෙරිකානු ආරක්ෂක නිලධාරීන් සම්බන්ධයෙන් රජය පැහැදිලි තොරතුරක් ජනතාවට ලබාදිය යුතු බවය. ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා පැවසීය. අමෙරිකාවේ ඉහළ රාජතාන්ත්‍රක නිලධාරීවරයෙක් ඇතුළු කණ්ඩායමක් පසුගිය පෙබරවාරි 14 වනදා අමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බවට වාර්තා වුණි. මේ පිළිබඳ තොරතුරු විමසීමේ දී ගුවන්තොටුපොළ නිලධාරීන් එය “Top secret…

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තීන්දුව මාර්තු මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (22) නියෝග කළේය. පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණි. මෙම තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. එහෙත් එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම මාර්තු මස 01 වනදා දක්වා කල්තබන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරයා නියෝගය කළේය. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු…

Read More

කළුතර දකුණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක්, උණ්ඩ ගැබක් සහ මිලිමිටර් 09 වර්ගයේ උණ්ඩ 09ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය. සැකකරු නවාතැන් ගෙන සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී මදන මෝදක ගුලි 187ක් ද සොයා ගෙන තිබේ. සැකකරු 30 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දකුණු කළුතර පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් ඖෂධ නියාමන අධිකාරීයට බලපෑම් කරන ඇතැම් විශේෂඥයින් ඉන්දියන් ඖෂධ විරෝධයක් නිර්මාණය කිරීම සහ සෞඛ්‍ය ඇමතිවරයා අනවශ්‍ය ඉන්දීය පක්ෂපාතීත්වයක් පෙන්වීම බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය. ඖෂධවල තත්වය පිළිඳව වගකීම කිසිසේත්ම සෞඛ්‍ය ඇමතිවරයාට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරගත නොහැකි අතර එය සම්පූර්ණයෙන්ම ඖෂධ නියාමන අධිකාරීයේ වගකීමක් බව කී කුමුදේෂ් මහතා අධිකාරියේ තාක්ෂණික මතය හසුරවන ඇතැම් විශේෂඥයින්, තාක්ෂණික තීරණවලට වඩා පෞද්ගලික තීරණ මත කටයුතු කිරීමෙන් අඩු මිලට ගත හැකි ඖෂධ හා ප්‍රතික්‍රීයක ලබා ගැනීමට බාධාවක් නිර්මාණය වී ඇති බව ද සඟන් කළේය. ලියාපදිංචිය නොකල ඖෂධයක වගකීම සෞඛ්‍ය ඇමතිවරයාට, අමාත්‍යාංශයට හෝ මොනම ආකාරයක…

Read More

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්රතන නාහිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ’ල්ලක් කර තිබේ. තමන්ට සහ ගෝල හිමිවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරමින් තර්ජන එල්ල වන බවත්, දිගින් දිගයම සිදුවන මෙම තර්ජන උණ්වහන්සේ මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ’ලි කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය වලවාහැංගුනවැවේ ධම්රතන හිමියන්ගෙන් කළ විමසුමකදී උණ්වහන්සේ පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම මිහින්තලේ පොලිසියට පැමි’ණ’ලි දෙකක් ඉදිරිපත් කළ බවත්, දිගින් දිගටම එම තත්ත්වය පැවැතීම හෙතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ’ලි කළ බවයි. 13 වැනි ආණ්ඩුක්රපම ව්යනවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව හා එය හකුලා ගන්නා ලෙස බලකරමින් තමන් වහනසේ ඇතුලු මහා සංඝරත්නය…

Read More

වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. රටේ ආර්ථික තත්වය යහපත් වූ පසු ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් දීමේ හැකියාව ලැබෙන බව කී අමාත්‍යවරයා ඉන් පසුව මීට පෙර පැවති ආකාරයට සාමාන්‍ය පරිදි පිරවුම්හලට ඕනෑම අවස්ථාවක ගොස් ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව ලැබෙන බව ද සඳහන් කළේය.

Read More

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට පත්වීමේ ඉඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, තහනම් කරන ලද විදේශ අරමුදල් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවරා ඇති නඩුවකට අදාළව බවද එම වාර්තා පවසයි. මේ අතර පාකිස්තාන මැතිවරණ කොමිසම ආසන්නයේ විරෝධතාවයක නිරතවීමට අදාළ නඩුවක් වෙනුවන් ද ඉම්රාන් ඛාන් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන සාමාජිකයින් 1,137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ගත් ඒකමතික තීරණයකට අනුවය. අදාළ සාමාජිකයින් වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ සිද්ධි හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

Read More