Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මේ වනවිට භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම දැඩි ගැටලුකාරි තත්ත්වයක් මතුකර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා සමෘද්ධි දීමනාව ලබාදීමට සති දෙකක් පමණ ප්‍රමාද විය හැකි බව ද පැවසීය. කෙසේවෙතත් මෙයට පිළියමක් ලෙස සියලුම අමාත්‍යාංශවලට අයවැය ලේඛනයෙන් වෙන්කර ඇති මුදලින් 5%ක් කපාහැරීමට යෝජනා වී තිබේ. “ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා ලැබුවා වු 2023 වසරේ දී අපි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණදි සිටින බව.…
නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාග ගාස්තු ඇතුළු නීති විද්‍යාලයට ඇතුළත්වීමේ ගාස්තු ඉහළ නංවා තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති අතර එමගින් නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාග ගාස්තුව රුපියල් 15,000 දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වේ. පොදු ප්‍රවේශ විභාගයෙන් සෘජුවම ඇතුළත් වන පළමු වසර ශිෂ්‍යයන් සඳහා ඇතුළත්වීමේ ගාස්තු රුපියල් 25,000ක් ඇතුළුව එම වර්ෂය සඳහා රුපියල් 67,500ක් අය කිරීමට නියමිතය. විදේශීය නීතීවේදී උපාධිය සහිතව පළමු වසරට ඇතුල් වන ශිෂ්‍යයින් සඳහා රුපියල් 75,000ක ඇතුළත්වීමේ ගාස්තුවක් සහිතව එම වසර සඳහා රුපියල් 117,500ක් ගෙවිය යුතු වේ. දෙවන වසර ශිෂ්‍යයන් සඳහා සමස්ත ගාස්තුව රුපියල් 40,500ක් ද තෙවන වසර ශිෂ්‍යයන් සඳහා රුපියල්…
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කර ඇත්තේ, ඒ අනුව අද (10) සිට ජනවාරි මස 12 වනදා දක්වා එහි සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවය. ඒ අනුව සේවා ලබාගැනීම සඳහා වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය වෙත පැමිණීමෙන් වළකින ලෙස සේවාලාභීන්ට දැනුම් දී ඇත. එම කාර්යාලයේ මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යන සේවාවන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බව ද වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය නිවේදනය කරයි. වෙළෙඳ නාවික ලේකම් කාර්යාල හදිසි අවශ්‍යතාවයක් මත දැනට පිහිටි ගොඩනැගිල්ලෙන් වෙනත් ගොඩනැගිල්ලක් වෙත රැගෙන යෑමට නියමිත බැවින් එම තීරණය ගෙන තිබේ.
වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදුකර තිබේ. පසුව අදාළ පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් වාද්දූව පොලීසිය විසින් අත්අඩංගුවට ඇත. කඩු කිනිසි, පොලු මුගුරු රැගෙන පැමිණි පිරිසක් එම නිවසේ විසූ 14 හැවිරිදි දැරියකට අමානුෂික අන්දමින් දත් කැඩෙන සේ පහරදී ඇයගේ මුඛයේ දුම්වැටියක් ද ඔබා පැනගොස් තිබුණේ පසුගිය ජනවාරි 1 වනදා රාත්‍රියේය. ඔවුන් යතුරුපැදිය, ත්‍රිරෝද රථ සහ මෝටර් රථවලින් පැමිණ ඇති අතර, මේ වනවිට එම පිරිසෙන් පුද්ගලයින් සිව්දෙනෙක් යතුරුපැදියක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ. සෙසු සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන මේ වනවිට පැවැත්වේ. ජනවාරි 1 වනදා කළුතර හෝටලයක…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (10) ගුවහති හීදි පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතය. ගුවහතිහී බර්සපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත එක්දින තරගය හේතුවෙන් ඇසෑම් රජය අද දිනය කම්රුප් දිස්ත්‍රික්කයේ අර්ධ දින දේශීය නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීම නිත්‍ය නායක රෝහිත් ශර්මා සිදුකරන අතර විරාත් කෝලි, ලෝකේෂ් රාහුල්, ශ්‍රෙයාස් අයියර් සහ මොහොමඩ් ශාමී වැනි 20 – 20 තරගාවලියට සහභාගී නොවු අත්දැකීම් බහුල ක්‍රීඩකයන් එක්දින තරගාවලියට ඇතුළත් කර ඇත. කෙසේවෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ, මීට පෙර ඉන්දීය සංචිතයට නම්කර…
රුපියල් කෝටි 100ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ නිධානයකින් ගත් මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යයක් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබුණි. ඒ සමග සැකකරුවන් දෙදෙනෙකු ද විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ නිධානයකින් ගත් මැණික් ගල් ඔබ්බවන ලද එම වෛත්‍යය සොයාගෙන තිබුණි. කෝන්ගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් සහ 34 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වේයන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව විශේෂ කාර්ය බළකාය පැවසීය.
රට ගොඩ ගැනීමට නම් රටට වැඩ කළ හැකි, ලෝකය සමඟ සබඳතා ඇති, ජාත්‍යන්තරය සමඟ බද්ධ වූ දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය බවත් එවැනි කණ්ඩායමක් තමන් සමඟ සිටින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදි පැවසිය. විපක්ෂයේ සිට පවා ජනතාව වෙනුවෙන් වැඩ කර ඇති එම කන්ඩායම සම්බන්ධයෙන් විශ්වාසය තබන ලෙස විපක්ෂ නායකවරයා සඳහන් කළේය. 67 වැනි සක්වල වැඩසටහන යටතේ රත්මලාන ලලිත් ඇතුලත්මුදලි පාසලට රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස් රථයක් ලබාදීමේ අවස්තාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එයට විරුද්ධව අනිවාර්යෙන්ම ඡන්දය ප්‍රකාශ කරන බවත් පෝය දිනයේ පස්වරුවේ විදුලිය කප්පාදු කිරීම හොඳ තීරණයක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය. අත්‍යවශ්‍ය ආහාරවල සහ සේවාවල මිල අඛණ්ඩව ඉහළ යන තත්වයක් යටතේ පොදුජන පෙරමුණේ අපේක්‍ෂයන්ට ජනතාව අතරට යෑමට නොහැකි බව කී ජගත් කුමාර මහතා ඡන්දයකට යෑමට නම් අනිවාර්යෙන්ම ජනතාව මත ඇති පීඩනය අඩුකළ යුතු බව ද සඳහන් කළේය. විදුලි ගාස්තු, අත්‍යවශ්‍ය භාණ්ඩ වන බිත්තර සහ දරුවන්ගේ පාසල් පොත්පත්වල මිල ඉහළ යෑම ආදිය පාලන කිරීම අනිවාර්යෙන් කළ යුතු බවත් ඇමතිවරයා මැදිහත් වී ආනයනික බිත්තරයක් රුපියල් 25…
අලුත් පක්ෂයක් ලෙස අලුත් ලකුණකින් තරඟ කිරීමට නිදහස ජනතා සභාව සූදානම් වෙනවා. ඉදිරි පැය 48 තුලදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය. පළාත් පාලන මැතිවරණය විපක්ෂය අරගල කර ලබා ගත් එකක්.මැතිවරණය තියන්න අවශ්‍ය බවට බල කළේ විපක්ෂයයි. ඒ සදහා විපක්ෂයේ පක්ෂ 23 ක් ඒකරාශී කරගෙන එකමුතුව හැදුවේ නිදහස ජනතා සභාවයි. නාමයෝජනා භාරදීමෙන් පසුවත් මේ මැතිවරණය කල්දැමීමට උත්සාහ කරාවිදැයි අපි සිතනවා. නාමයෝජනා බාරදීමට දින කැදවා තිබෙනවා. ඒ නිසා මැතිවරණ කොමසාරිස් ජනරාල්තුමාටවත් කොමිසමටවත් පළාත් පාලන මැතිවරණය නොතබා යලි හැරෙන්න බැරි වේවි යැයි අපි සිතනවා. නිදහස ජනතා සභාව ලෙස අපි සියලු ප්‍රගතිශීලී බලවේග හා පක්ෂ සමග…
හසලක ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයකු නිවසට අළුයම් කාලයේ ඇතුළු වූ සොරකු මදුරු දැලේ කොටසක් කපා ඇඳමත නිදා සිටි පොලිස් සැරයන්වරයාගේ බිරිය පැළඳ සිටි රන් මාලය කඩාගෙන පලාගොස් ඇතැයි හසලක පොලිසිය පවසයි. සැරයන්වරයාගේ බිරිඳ සමග ඇගේ දරු දෙදෙනා ද නිදාගෙන සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි. කාමරේ ග්‍රිල් ගලවා ගෙට ඇතුළුව ඉතාම සූක්ෂම ආකාරයට ඇයට නොදැනෙන ආකාරයට ගෙල බැඳි රන් මාලය කඩාගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසීය. මෙම රන් මාලය කඩාගෙන යෑම සිදු කරන කාලයේ පොලිස් සැරයන්වරයා රාජකාරිය සඳහා පිටව ගොස් සිට ඇතැයිද පොලිසිය කීය.