Author: LANKA24X7

සියලුම රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර ලෙස පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද (13) අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් පෙන්වා දුන්නේ පිළිකා ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝහල් තුළ නොමැති බවය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා, “සරල ම ඖෂධ වෙන පැරසිටමෝල් සිරප් එක, සැල්බුටමෝල් පෙත්තේ සිට ශල්‍යකර්ම සිදුකිරීම සඳහා අවශ්‍ය වන ඖෂධ දක්වා විශාල හිඟයක් පවතිනවා. පිළිකා සඳහා භාවිතයට ගන්නා ඖෂධ 22කින් තියෙන්නේ 3ක් විතරයි. උපකරණ වල විශාල හිඟයක් පවතිනවා. අක්ෂි ශෛල්‍යකර්ම කරන්න කාච හිඟයක් පවතිනවා. පසුගිය දවස්වල රුධිර පාරවිලයන ඖෂධවල විශාල හිඟයක් තිබුණා. රෝගීන් දිනෙන් දින මියගියා. සරල ඖෂධ නැති…

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) ලබාදුන් තීන්දුව රටේ යුක්තිය, සාධාරණය අගයකරන සියලුදෙනාට වැදගත් ඓතිහාසික තීන්දුවක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (13) පැවසූහ. විධායක බලතල ඇති ජනාධිපතිවරයකු ලෙස හෝ කොතරම් ඉහළ නිලයක සිටියත් වරදක් කළහොත් නීතියෙන් බේරී සිටීමට ඉඩක් නොමැති බවට මෙම තීන්දුව මගින් පණිවුඩයක් ලබාදී ඇති බවත්, එය වත්මන් මෙන්ම, අනාගත පාලකයන් හා නිලධාරීන් මතක තබාගත යුතු බවත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ. එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස තිබූ සත්‍ය හා කුමන්ත්‍රණය හෙළිවන තුරු තම ව්‍යායාමය අත් නොහරින බව ද කාදිනල්තුමෝ…

Read More

කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් පමණ සඳුදා (16) සිට අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ වියදම අඩුකිරීම සඳහා එම පියවර ගන්නා බවය. එලෙස අවලංගු කෙරෙන දුම්රිය ගමන්වාර පහතින්, ප්‍රධාන මාර්ගය -18 කැලණිවැලි මාර්ගය – 2 මුහුදුබඩ මාර්ගය – 8 පුත්තලම මාර්ගය – 2 මේ අතර, අද (13) අලුයම 5ට පමණ හබරන ගල්ඔය ප්‍රධාන දුම්රිය මාර්ගයේදී මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ පුලතිසි සීඝ්‍රගාමි දුම්රියේ ගැටි වනඅලියෙකු මියගොස් තිබේ. වනඅලියා ගැටීම හේතුවෙන් දුම්රියේ එන්ජීම පිලීපැන තිබුණි.එසේම මෙම අනතුර නිසා නැගෙනහිර පළාතේ දුම්රිය ගමනාගමනය නැවතී තිබේ. මෙම දුම්රියේ ගැටුණු වනඅලියා දුම්රිය මාර්ගයේ මීටර් 15ක් පමණ ඇදී ගොස් තිබුණි.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර මේ දක්වා ගෙන තිබෙන බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර් විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදුකළේය . මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරෛ රාජා සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව…

Read More

2022 වසරේ ජුලි 9 අරගල විරෝධතාව අතරතුර කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහස ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද නියෝග කළේය. අදාළ මුදල් තොගය අරගලකරුවන් විසින් එදිනම පොලිසිය වෙත භාරදුන් අතර පොලිසිය ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබාගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි අවසන් කර නිකුත් කළ බව විදුලි සහ බලශක්ති අමාත්‍යවරයා පවසයි. කංචන විජේසේකර මහතා පවසන්නේ ඒ සමග ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ කොටස් 900ක පමණ ප්‍රමාණයක ඇති ඛනිජ සම්පත් ගවේෂණයට ආයෝජකයින්ට පැවරීමට කටයුතු කිරීමට ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය මගින් කටයුතු ආරම්භ කරන බවය.

Read More

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුවද 2024 වනවිට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. එසේම එම සංඛ්‍යාව 2030 වනවිට 100,000 දක්වා වූ ප්‍රමාණයක පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Read More

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන්ට හෙට දින ත්‍රස්ත මර්දන කාර්යාංශයට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාර සිරිධම්ම හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙන බව දන්වා සිටියේය.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත්ගේ වැඩ තහනමට ලක්කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව පසුගිය 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතාගේ වැඩ තහනම ක්‍රියාත්මක වනු ඇති. අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් සොයාගත් බව පොලීසිය පැවසීය. මේ අතර සිදුකළ විමර්ශනවලට අදාළව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාවද අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර…

Read More