Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නැගෙනහිර සහ ඌව පළාත්වල අද (01) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවලත් විටින්විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
විශේෂ පක්ෂනායක රැස්වීමක් අද (01) පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම පක්ෂනායක රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය. එම පක්ෂනායක රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී ඇති බවද සඳහන්ය. මෙහිදී එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සහ පළාත් පාලන මැතිවරණයට අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මේ අතර තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සඳහන් කළේ පක්ෂනායක රැස්වීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බවය.
ප්‍රහාරක ඩ්‍රෝනයානාවක් රුසියාවේ මොස්කව් ප්‍රදේශයේදී අනතුරට ලක්වී කඩා වැටී තිබේ. රුසියාව පවසන්නේ මොස්කව් හි යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම ඩ්‍රෝනයානාව යොමු කර ඇති බවය. මොස්කව් නගරයට කිලෝමීටර් 100 පමණ දුරින් එම ඩ්‍රෝනයානාව කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙමගින් කිසිවෙකුට අනතුරක් සිදුවී නොමැති අතර ප්‍රහාරය එල්ල කළ බවට නැගෙන චෝදන යුක්‍රේනය ප්‍රතික්ෂේප කර තිබේ. රුසියාව පවසන්නේ මෙසේ කඩා වැටී ඇත්තේ යූ. ජේ. 22 නැමති යුක්‍රේනයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානාවක් බවය.
පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට එම පාසලේ නර්තන ගුරුවරයා විසින් දිගින් දිගටම වට්ස්ඇප් පණිවුඩ යොමුකිරීමේ සිද්ධියක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව, ජාතික ළමාරක්ෂක අධිකාරිය කලාප අධ්‍යාපන කාර්යාලයට දැනුම්දී ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයේ නර්තන ගුරුවරයෙකු විසින් එම පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට සිදුකර ඇති මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකර වාර්තාවක් ලබාගන්නා ලෙසය. ශිෂ්‍යාව කිසියම් වැරදි ක්‍රියාවකට පොළඹවා ගැනීමේ අරමුණින් එම ගුරුවරයා මෙලෙස දිගින් දිගටම වට්ස්ඇප් පණිවුඩ යොමුකර ඇද්දැයි යන්න සැකකරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක පැවසුවාය. ගුරුවරයා විසින් එවන ලද එම පණිවුඩවල තිර ඡායාරූප සිසුවිය විසින් සිය මිතුරන්ට යවා තිබෙන බවට තොරතුරු හෙළිවී ඇත. ඒ පිළිබඳව…
ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (01) දිනයේ දී විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වෙයි. ඔවුන් පවසන්නේ අසාධාරණ බදු අයකිරීම් ඇතුළු රජයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව එම ක්‍රියාමාර්ග ගන්නා බවය. වෘත්තීය සමිති 40ක පමණ නියෝජිතයින් මෙම ක්‍රියාමාර්ග සඳහා එක්වී සිටින බව වෘත්තීය සමිති නායකයින් පවසයි. වරාය, තෙල්, විදුලි, ජල, බැංකු, දුම්රිය, විශ්වවිද්‍යාල, ටෙලිකොම් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති මෙම විරෝධතා ක්‍රියාමාර්ග හා එක්වන බව ප්‍රකාශයට පත් කර තිබේ. වෛද්‍ය, ගුරු, විදුහල්පති සහ තැපැල් සේවකයින් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළකරමින් විරෝධතාවල නිරත වූවත් වැඩවර්ජනයක නිරත නොවන බව ප්‍රකාශ කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද විරෝධතාවක් පමණක් සිදුකරන බව එහි මාධ්‍ය…
හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ අද (01) සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවරගන්නා බවය. “බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට තියෙන හයිලෙවල් මාර්ගයෙන් බස් රථ නැවැත්වීම, මඟීන් බැස්සවීම, මඟීන් පැටවීම යන ආදිය කිරීම නිසා මාර්ග අනතුරු හා මගීන්ගේ ජීවිත පිළිබඳව අවදානමක් මතුවෙලා තියෙනවා. අපි තීන්දුවකට ඇවිල්ලා තියෙනවා.. කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ මඟීන් පැටවීම හෝ මගීන්ට බැස යාම සඳහා බස් නැවැත්වීම සපුරා තහනම් වෙන අතර මේ මාර්ගයේ ගමන් කරන මඟීන් ප්‍රවානය කරන සියලුම බස් රථ මාර්තු…
ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව පෙනීයයි. ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසයේදී 50.6%ක් දක්වා අඩුවී තිබේ. පසුගිය මාසයේදී එම අගය සඳහන් වූයේ 54.2%ක් ලෙසය. මේ අතර ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවී තිබේ. 2023 ජනවාරි මාසයේදී එය සටහන් වූ යේ 60%ක් ලෙසය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී සාකච්ඡාවක නිරතවී තිබේ. එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කරගැනීම ඇතුළු විශේෂ කරුණු තුනක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. මේ අතර 2023 අයවැයෙන් මැතිවරණ පැවැත්වීම සදහා වෙන්කර ඇති මුදල් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නිදහස් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට මෙහිදී යෝජනා වී ඇති අතර කථානායකවරයා ඊට සිය එකඟතාවය පළකර තිබේ. එහිදී විපක්ෂනායකවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මැතිවරණය උදෙසා මුදල් නිදහස් නොකිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය ලේකම් ගෙන්වා ප්‍රශ්න කළ යුතු බවත් , පවත්නා බරපතළ තත්ත්වයමහපාරට පැමිණ ඇති බවත් මැතිවරණයක් ඉල්ලා දිගින් දිගටම සිදුවන…
වෛද්‍ය පර්යේෂණ පිළිබඳ නවීන රසායනාගාරයක් පිහිටුවීමේ හැකියාව අධ්‍යයනය කර මාස දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත මේ බව දැනුම්දී ඇත. මේ අතර පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත රෝහල් සහ සුදුසු ස්ථානයක විශේෂිත නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ. යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සුදුසු ස්ථානයක මෙම රෝහල් ස්ථාපිත කිරීමට නියමිතය. මීට අදාළව ද ජනාධිපති ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ. මේ අතර මෙරට අක්ෂි සෞඛ්‍ය…
ශ්‍රී ලංකාව අද මුහුණදෙන ආර්ථික අභියෝග ජයගැනීම උදෙසා සශ්‍රීක ඉන්දු – ශාන්තිකර කලාපයක් ගොඩනැගීම අද වෙන කවරදාවකටත් වඩා තීරණාත්මක වන බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසන්නීය. කොළඹ පැවැති ඉන්දු -ශාන්තිකර කලාපයට පොදු දැක්මක් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද “ඉන්දු -ශාන්තිකර කලාපයට පොදු දැක්මක්: දකුණු ආසියාවට ඇති බලපෑම්” යන මැයෙන් වන කෘතියක් එළිදැක්වීම සිදුකෙරුණේ මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. මෙහිදි කලාපීය විශ්ලේෂකයින් සහ එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් විසින් ඉන්දු ශාන්තිකර ක්‍රමෝපාය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විවිධාකාර දෘෂ්ටිකෝණවල අදහස් සහිත ලිපි එම ප්‍රකාශනයට ඇතුළත් කර තිබුණි.…