Author: LANKA24X7

වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14, 15 වයස් සීමාවේ පසුවන දරුවන් තිදෙනෙකු අලුත් අවුරුදු දා (14) සිට අතුරුදහන්ව තිබෙනවා. මේ වන විටත් මොවුන් සොයා වෙන්නප්පුව පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විමර්ශන වලින් අණාවරණය වී ඇත්තේ, මෙම දරුවන් වෙන්නප්පුවේ ඩිපෝ පාර, දුම්මලගෙදර සහ ජයවීදී මාවත යන ප්‍රදේශවල පදිංචි මිතුරන් තිදෙනෙක් බවයි. මොවුන් තිදෙනා එම ප්‍රදේශයේ පිහිටි කනිෂ්ඨ විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටි අය බව පොලීසිය පවසනවා. මෙයින් 15 හැවිරිදි වියේ පසුවන දරුවන් දෙදෙනා 10 ශ්‍රේණියේ ද, 14 හැවිරිදි දරුවා 09 ශ්‍රේණියේ ද අධ්‍යාපනය ලබමින් සිට ඇත. මෙයින් 15 හැවිරිදි දරුවෙකුගේ මවක් එම දරුවාගේ යම් වැරැද්දක් සම්බන්ධයෙන් කළ තරවටුවක් මුල් කරගෙන තිදෙනාම මෙලෙස…

Read More

2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23න් එකක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත වී තිබෙනවා. ෆෝබ්ස් ලැයිස්තුවේ මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහන් කරන්නේ. සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ ලොව පුරා වික්‍රමාන්විත හා විනෝදජනක දේවල් ප්‍රදර්ශනය කරන මෙන්ම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සාමාජිකාවක් වන Juliana Broste විසින් ද ශ්‍රී ලංකාව මෙම වසරේ දී සංචාරය කිරීමට වඩාත් සුදුසු රාජ්‍යයක් බවටයි ප්‍රකාශ කර තිබෙන්නේ. ඇයගේ මගපෙන්වීම යටතේයි ශ්‍රී ලංකාව Forbes ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇත්තේ. මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ජාත්‍යන්තරයෙන් තැනක් හිමිවීමට හේතුව වූයේ SLTPB 2022 හි Visiting Blogger වැඩසටහන යටතේ එම වසරේ දී ජුලියානා ලංකාවේ…

Read More

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින අයර්ලන්ත කණ්ඩායම කඩුලු හතකට ලකුණු 117ක් රැස්කරගෙන සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ට ලකුණු 591ක් රැස්කර ඉනිම අත්හිටුවීය. ඒ අනුව අයර්ලන්තය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 474ක් පසුපසින් සිටියි.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිටි රැදවියන් 9 දෙනෙක් අද (17) අළුයම පළාගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි . ඔවුන් සොයා මේ වන විට බන්ධනාගාර නිලධාරින් විසින් සෝදිසි මෙහෙයුමුක් ක්‍රියාත්මක කර තිබෙන අතර පළාගිය රැදවියන්ගෙන් දෙදෙනේකු අද උදෑසන සොයා ගැනීමට ඔවුන් සමත්විය මෙම මධ්‍යස්ථානයේ මත්ද්‍රව්‍ය හා සුළු වැරැදි වලට ලක්වූ තරුණයන් පුනරුත්තාපනය කරන මධ්‍යස්ථානයකි .

Read More

බෙන්තොට දෙද්දුව ප්‍රෙදේශයේ පදිංචි හෙදියකගේ මසක් වයසැති සිගිති දියණියක් ඊයේ (17) උදෑසන නිදි යහනේදීම මියගොස් ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇති දියණියට තවම නමක්වත් දමා නැත් බවද පොලීසිය කියයි. බලපිටිය මූලික රෝහලේ සේවය කරන මෙම හෙදිය සමග නිදියහනේ සිටි ළදැරියගේ වෙනසක් දැක වහා බෙන්තොට රජයේ රෝහලට ගෙන එන විටත් ඇය මියගොස් සිටි බව පරීක්ෂණවලදී අනාවරණයවූ බ්වද පොලීසිය කියයි. බෙන්තොට රෝහලේදී මේ පිළිබඳව අවසන් නිගමනයකට පැමිනීමට නොහැකි වූ බැවින් බෙන්තොට පොලිසියේ සහ පහළගම්හය හදිසි මරණ පරීක්ෂක කේ.වී.ඩී.උපාලි කුමාරසිංහ මහතා විසින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මෘතදේහය බලපිටිය මූලික රෝහලට ගෙනගොස් අධිකරණයේ උපදෙස් පරිදි කටයුතු කිරීමට තීරණය විය. බෙන්තොට පොලිසිය මේ…

Read More

වැලිමඩ බෝබුරුඇල්ල මාර්ගයේ සංචාරකයින් පිරිසක් ගමන් කළ වෑන් රථයක් 17දින සවස මාර්ගය හරහා පෙරළීයෑමෙන් එහි ගමන් කළ හයදෙනෙකු බරපතල තුවාල ලබා සිටියදි රෝහල් ගතකළ බව පොලිසිය කියයි. මෙම අනතුරින් මොණරාගල පදිංචි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා සිටියදි වැලිමඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ. දිය ඇල්ල නැරඹීමට පැමිණි මෙම පිරිස ඇල්ල නරඹා නැවත වැලිමඩට ගමන් කරන අතරතුර කදු ප්‍ර දේශයකදී හදිසියේ වාහනයේ ඇතිවු කාර්මික දොෂයක් නිසා වාහනය බෝඹුරුඇල්ල පුදේශයේදීම පිටුපසට අධික වේගයෙන් ධාවනය වී මාර්ගය හරහා පෙරළී අනතුර සිදුව තිබේන බව පොලිසිය කියයි. අනතුරින් තුවාල ලැබු සංචාරකයින් හයදෙනාම බදුල්ල…

Read More

කොළඹ වරාය නගරයේ නවීන රෝහලක් ස්ථාපනය කිරීම සඳහා ගිවිසුම් ගතවී තිබේ. එම ගිවිසුම අත්සන් කර ඇත්තේ ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගම සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම අතරය. අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ ආයෝජනයකින් එම රෝහල් ස්ථාපනය කර පවත්වා ගෙන යාමට ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගමට ඒ අනුව අවස්ථාව හිමිවෙයි. එම රෝහලේ ඇඳන් 500ක් පමණ සමන්විත වෙතැයි වාර්තා විය.

Read More

ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ පෝස්ටරය අද (17) නිකුත්කර තිබේ. එම චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය රඟපානු ලබන්නේ ප්‍රකට ඉන්දීය නළුවෙක් වන මධුර් මිත්තාල් විසිනි. මෙම චිත්‍රපටය ද්‍රවිඩ භාෂාවෙන් නිපදවෙන අතර එය හින්දි සහ තෙළිඟු භාෂාවලින්ද නිකුත් කිරීමට සැලසුම්කර තිබේ.

Read More

දිවංගත අගමැතිනි සිරිමාවේ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රතිපත්ති පිළිගත්තේ නම් රට බංකොළොත් නොවනු ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නීය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 107 වන ජන්ම දිනය වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියාය. “ප්‍රතිපත්ති පිළිගත්තා නම් පළමු වතාවට රට බංකොළොත් වෙන්නේ නෑනේ. මොකද ආණ්ඩුවට හොරකන් කරන්න බෑ මැතිනිගේ ප්‍රතිපත්ති අනුව. ඒ නිසා තිබුණා නම් රට හැදෙනවා. හැදෙනවා කියන්නේ රට ඉස්සරහට යනවා. දැන් ආපස්සට ගිහින් නේ ගව් ගාණක්.”

Read More

ගතවූ පැය 48ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් ලද ආදායම රුපියල් කෝටි 7 ඉක්මවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම කාලය තුළ වාහන 256,225ක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බවද වාර්තා වෙයි.

Read More