Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 355ක් රැස්කර ගැනීමට සමත්විය. ඊයේ තරගය නතර කරන විට ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 305ක් ලබා සිටියේය. ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න අර්ධ ශතක ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 46ක් ලබාගැනීමට සමත් වුණි. ටිම් සවුති ලකුණු 64කට කඩුළු 05ක් දවාගත් අතර මැට් හෙන්රි ලකුණු 80කට කඩුළු 4ක් ලබාගත්තේය.
ජර්මනියේ Hamburg හි සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලන් 07 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ අදාළ සිදුවීම වාර්තා වී ඇත්තේ ජර්මනියේ පල්ලියක් ආශ්‍රිතව මෙම වෙඩිප්‍රහාරය සිදුව ඇති බවය. නාඳුනන තුවක්කරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආරක්ෂක අංශ විසින් එල්ලකළ වෙඩි ප්‍රරහාරයකින් සැකකරු ද මියගොස් ඇති බවට සැකපළකරන බවය. වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම සිදුවීම වූ ස්ථානයේ සිට තුවාලකරුවන් රැසක් රෝහල්ගතකර ඇති බවය.
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට මැදිවූ බොරැල්ල ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණියක් සතු නිවසක් මුදල් විශුද්ධිකරණය යටතේ ඊයේ (09) රාජසන්තක කරනු ලැබීය. ඇයගේ ගිණුම්වල ඇති රුපියල් කෝටි 2කට ආසන්න මුදල් සහ ඇයගේ පෙම්වතාගේ ගිණුම්වල ඇති රුපියල් කෝටි 8කට ආසන්න මුදල් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරමින් පසුවෙයි. හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 225ක් හා රුපියල් 868,900ක් සමග 2021 වසරේ ජූලි 19 වනදා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනයේදී සුරූපී තරුණියක් සහ ඇයගේ පෙම්වතා පිළිබඳව මෙලෙස විමර්ශනයක් ආරම්භ කෙරුණි. මෙම විමර්ශනය ආරම්භ වූයේ, මිරිහාන රජමහා විහාර මාවතේ පදිංචි ඕමල්පගේ දිනේෂ් හර්ෂ රණසිංහ සහ ඔහුගේ…
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතු කරගනිමින් මෙරට රත්‍රං මිල ගණන් සීඝ්‍රයෙන් පහළ බැස තිබේ. රත්‍රං මිල තවදුරටත් පහළ බසිමින් ඊයේ (09) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 145,000ක් ලෙස සටහන්වූ අතර එය පැවති මිලට සාපේක්ෂව රුපියල් 40,000ක පමණ අඩුවීමකි. එසේම කැරට් 22 රන් පවුමක් රුපියල් 125,000ක් – 135,000ත් අතර මිලක් දක්වා පහත බැස තිබුණි. රත්‍රං මිල පහළ බැසීම සම්බන්ධයෙන් හෙට්ටිවීදියේ රන් අලෙවිකරුවන් පවසන්නේ, “රන් මිල පහළ ගියත් බිස්නස් අඩුයි. තවත් ඉදිරියට අඩුවීමක් සිදුවෙයි. මිනිස්සු බලාගෙන ඉන්නේ තවත් අඩුවෙයි කියලා. එතකොට බිස්නස් තියෙයි.” ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා සඳහන් කළේ,…
ප්‍රවාහන පහසුකම් ලබාදෙන මුවාවෙන් 18 හැවිරිදි තරුණියක් ලොරි රථයට නංවාගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා විය. සැකකරුවන් විසින් ඇයව වාද්දුව ප්‍රදේශයේ හුදකලා වත්තකට රැගෙන ගොස් වරින්වර දූෂණය කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ. පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවය. අතවරයට ලක්වූ 18 හැවිරිදි තරුණිය කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. පානදුර ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කරන අදාළ තරුණිය සේවය නිමවා රාත්‍රියේ නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක් ඇය අසල නවතා හැඳුනුම්කමක් පෙන්වා ඉතා සූක්ෂම ලෙස ඇයව ලොරියට නංවාගෙන තිබේ. ලොරි රථය පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය…
තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර මුදල් වංචා කිරිමේ චෝදනා මත අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් මගහරිමින් සිට ඇති ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් එම කාර්යාංශයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවය. තායිලන්තයේ සමාගමක රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත පුද්ගලයින් ලාඕසයට රැගෙන ගොස් අතරමං කිරීම පිළිබඳ පැමිණිලි ලැබීමෙන් පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැකකරු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ අනුව විමර්ශන නිළධාරීන් මගහරිමින් සිටි සැකකරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් පළවීමත් සමඟ ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් විමර්ශන…
මෙරට වකුගඩු රෝගීන්ගේ බරපතල ඉහළ යාමක් නිරික්ෂණය වී ඇති බව වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා පවසයි. ඊයේ (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා මෙම අදහස් පලකළේය. වෛද්‍යවරයා ප්‍රකාශ කළේ කෘෂිකාර්මික කලාප ආශ්‍රිතව වාර්තා වන වකුගඩු රෝගීන්ගේ කැපී පෙනන ඉහළ යාමක් මේ වන විට දක්නට ලැබෙන බවය.
පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ දි ව්‍යාජ මුදල් නොට්ටු තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු සමග මුදල් තොගය සොයාගෙන ඇත. පොලිස් මුලස්ථානය පැවසුවේ එහිදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 700ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. එහිදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා භාවිත කළ යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අද දිනයේ දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළුවලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (10) දිනට අදාළ කාලගුණ වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි. මේ අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. මේ අතර එම දෙපාර්තමේන්තුව පවසන්නේ ගාල්ල සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවය. එසේම දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පාස්කු වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය. කොළඹ දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා මෙම නඩු ගොනුකර තිබුණි. මෙම නඩු මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කරමින් තම සේවාදායකයා මේ වනවිට ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටින හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුකරයක් පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වා…