Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බෘෘනෝ දිවාකර නැමැත්තාගේ “SL VLOG” යූ ටියුබ් නාළිකාවට මුදල් යෙදවූ බවට නම කියවුණු ගෝලීය ශ්‍රී ලාංකේය කොන්ග්‍රසයේ නායක මංජු නිශ්ශංක අද (13) පෙරවරුවේ පොල්හේන්ගොඩ නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය වෙත කැඳවා තිබුණි. ඒ ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහාය. එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ ගෝලීය ශ්‍රී ලාංකේය කොන්ග්‍රසයේ නායක මංජු නිශ්ශංක මහතා, “අපිට දැනුම්දුන්නා මෙතනට ඇවිල්ලා අපේ වත්කම්වල ප්‍රකාශයක් ලබා දීලා. තියෙන සියලුම තොරතුරු පොලීසියට ලබාදෙන්න කියලා. ඉතාමත්ම හොඳ දෙයක් අපි විශ්වාස කරනවා ලංකාවේ දේශපාලනයට එන්න සහ එන්න බලාපොරොත්තු වෙන පුද්ගලයන්ගේ ආදායම් මාර්ග පිළිබඳ පාදෘශ්‍යභාවය තිබිය යුතුයි. මෙතනදී සිද්ධ වෙන්නේ දේශපාලන පළිගැනීමක්. අපි දේශපාලනයට එන්න සූදානම් වෙනකොට එක එක දේවල් කරලා…
තමාට හිමි වූ බලතල පාවිච්චි කර සබරගමු පළාතට විශාල සේවයක් කිරීමට බලාපොරොත්තු වන බව සබරගමුව පළාත් නව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පැවසීය. සිය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවු අවස්ථාවේ දී ඒ මහතා මේ බව කියා සිටියේය. ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි තමාට එම තනතුර ලබාදුන් බවත් එය කැබිනට් අමාත්‍ය ධුරයක් හා සමාන බලතල ඇති බවත් නවීන් දිසානායක මහතා පැවසීය. “ජනාධිපති තුමාගෙන්ම තමා අපි අභියෝගවලට මුහුණදෙන්න ඉගෙනගත්තේ. යම් තැනකට ගිහින් ඒ අභියෝගය භාරගන්න අවශ්‍යයි. විශේෂයෙන් මුල්‍ය අර්බුදයක් තිබෙන අවස්ථාවක රජයේ වියදම් කපාහරින අවස්ථාවක මම බලාපොරොත්තු වනවා මගේ හැකියාවෙන් විශේෂයෙන්ම පෞද්ගලික අංශයෙන් මුදල් ලබාගෙන සබරගමුවේ අධ්‍යාපන කේෂ්ත්‍රයට විශාල සේවයක් කරන්න. මට ඒක කරන්න…
නවීන් දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපතිවරයා ඉදිරියේ එම දිවුරුම්දීම සිදුකර ඇත. සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ආණ්ඩුකාර ධුරය නවීන් දිසානායක මහතාට ලබා දී තිබේ.
ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය මධ්‍යම පළාතේ කිරි නිෂ්පාදනයට බලපෑම් සිදුකර ඇති බව මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.කේ.පී රජනායක මහත්මිය සඳහන් කළේ, ගව ගැටිති රෝගය මධ්‍යම පළාතේ ද ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වී ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරින් කඩිනමින් ක්‍රියාකළ යුතු බවය. මෙම රෝගය පාලනයකට ලක් කරන තෙක් ගව මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසට සෞඛ්‍ය අංශවලින් ජනතාවට දැනුම්දී තිබුණි. “මේ ගව ගැටති රෝගය මධ්‍යම පළාතේ පොඩි බලපෑමක් කරලා තියෙනවා කිරි නිෂ්පාදනයට. නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාගල, කොත්මලේ වගේ කොට්ඨාසවලත් මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, උඩුනුවර, පුජාපිටිය කියන කොට්ඨාසවලත් මාතලේ දඹුල්ල, විල්ගමුව, ගලේවල කියන…
76 හැවිරිදි අදාළ කාන්තාව හෘදයාබාධයක් හේතුවෙන් රෝහලකට ඇතුළත් කර ඇති අතර පසුව ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඇයගේ පුත්‍රයා විසින් ඇයගේ අවමංගල්‍ය කටයුතු සූදානම් කර භූමදානයට පෙර ඇඳුම් මාරුකිරීමට සූදානම් වන අවස්ථාවේ අදාළ කාන්තාව ගැඹුරින් හුස්ම හෙළන ශබ්දය ඇසී තිබේ. ඒ අනුව ඥාතීන් විසින් සිදුකළ පරීක්ෂාවේදී අදාළ කාන්තාව මියගොස් නොමැති බව අනාවරණය වී ඇත. මේ වන විට එම කාන්තාව කලින් ප්‍රතිකාර ලබාසිටි රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. එම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන ඇත.
නව මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත සකස් කිරීමට අවශ්‍ය කෙටුම්පත සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එහිදී 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් පාලන ඡන්ද විමසීම් අඥාපනත, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත යන පනත් 5ක සංශෝධනයක් ඇතුළත්ව මෙම මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතය. මැතිවරණයක් සඳහා තරගවදින දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් චර්යාධර්ම පද්ධති (Code of Condutc) උල්ලංඝනය කළ විට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහාත්, මැතිවරණ දින නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිතා කළ නොහැකි වන විශේෂයෙන් හඳුනාගත් ඡන්දදායකයින් සඳහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන ඇති කිරීම සඳහාත්…
මාතර, දෙමටපිටිය, දික්වැල්ල ප්‍රදේශයේදී අද (13) වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අය මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. අද (13) උදෑසන මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කළ බව වාර්තා වෙනවා.
දෙහිවල, ඕබන් ප්‍රදේශයේදී පසුගිය 10වැනි දින පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කළ සකකරු පොලිසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිර්‍රිමට නියමිතයි.
රුසියානු හමුදාව භාරයේ පැවැති තවත් ගම්මාන 04 ක් යුක්රේන හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව රුසියානු හමුදාවේ පාලනය යටතේ පැවැති ගිනිකොන දිග යුක්රේනයේ ගම්මාන 07 ක් යුක්රේනය යළි අල්ලා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්රේනය කියා සිටියේ බක්මුට් නගරය ආසන්නයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා සිය හමුදාව බොහෝ කාලයක් බලා සිටි බවයි. එමෙන්ම යුක්රේන හමුදාව එලෙස රුසියානු ඉලක්ක වෙත පහර දීමට යුරෝපානු හා බටහිර රටවලින් ලද අවි භාවිත කර බව ද විදෙස් මාධ්‍ය පවසනවා. රුසියාවට එරෙහි දැවැත්න ප්‍රති ප්‍රහාරයක් ආරම්භ කළ බව යුක්රේනය නිවේදනය කළේ ඉකුත් සෙනසුරාදායි. කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ හදිසි සංචාරයක් සඳහා යුක්රේනයට පැමිණි අවස්ථාවේදී යුක්රේන…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධූර භාරගත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ඇතුළු 6 දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බව දන්වමින් එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ලිපියක් නිකුත් කර තිබෙනවා.
