Author: LANKA24X7

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුුරක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් ඊයේ (11) උදෑසන හමුවී තිබුණි. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි විවාහක තරුණියක් බව පොලීසිය සඳහන් කරයි. එම තරුණිය නිවසේ නොමැති බවට සැමියා විසින් ඇයගේ මවට සිදුකළ දැනුම්දීමක් අනුව කළ සොයාබැලීමකදී සිරුර හමුවී තිබුණි. මෙලෙස මියගිය තරුණිය 26 හැවිරිදි දනූකා මධුවන්ති නම් විවාහක තරුණියකි. පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සැමියා හා එක්ව ඇය වෙළෙඳසැළක් පවත්වාගෙන ගොස් ඇති බවය. පෙරේදා රාත්‍රී 9.50ට පමණ සැමියා වෙළඳසැළ වසා දමා අවමගුල් උත්සවයකට සහභාගී වන බව පවසා පිටව ගොස් තිබේ. පසුව ඔහු අලුයම 2 ට පමණ නැවත නිවසට…

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ල සිටී.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඊයේ (11) පෙරවරුවේ වායු දූෂණ තත්ත්වය තරමක් ඉහළ මට්ටමක පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි පාරිසරික අධ්‍යයන හා සේවා අංශය සඳහන් කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කය හැරුණු කොට අනෙකුත් ප්‍රදේශවල සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑමක් එල්ල විය හැකි කාලගුණික තත්වයක් ඊයේ පෙරවරුවේ පැවති බවය. අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව 83ක අගයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබුණද සෙසු සැම දිස්ත්‍රික්කයකම එම අගය සියය ඉක්මවා ගොස් තිබුණි. පුත්තලම නගරය තුළ එම අගය 149ක් ලෙසත් ගාල්ල, කරාපිටිය සහ පොළොන්නරුව නගරය තුළ අගය 143ක් ලෙසත් සටහන්වී ඇත. කොළඹ නගරයේද එම අගය 149ක් ව ලෙස සටහන්ව තිබු අතර පසුගිය දින කිහිපයට සාපේක්ෂව…

Read More

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නතරකර තිබූ දුම්රියක වැසිකිළියක් තුළ දමා ගිය බිළිඳාගේ මව්පියන් සොයාගෙන තිබේ. 26 හැවිරිදි අවිවාහක යුවළක් වන ඔවුන් දෙදෙනාව බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඊයේ (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ දමා ගොස් සිටි මෙම බිළිඳා, මගීන් සහ දුම්රිය බලධාරීන් විසින් සොයාගෙන තිබුණි. පසුව බිළිදාගේ මව්පියන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව ලැබුණු තොරතුරක් අනුව මොවුන් සොයාගෙන ඇත. සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචිවීමෙන් පසු ඇයව ද ගෙන්වාගෙන කොළඹ ප්‍රදේශයේ නතර කරගැනීමට ඔහු…

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. අද දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවි ලකුණු 83ක් රැස්කරගෙන සිටියේය. තරගයේ තුන්වන දිනය වූ අද දිනය ආරම්භ කරන විට නවසීලන්තය සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 162කි. ඩැරල් මිචෙල් සහ මැට් හෙන්රි ඇතුළු මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් අද දිනයේ නවසීලන්ත ඉනිමට තවත් ලකුණු 211ක් එක්කළේ බිඳවැටී තිබූ නවසීලන්ත ඉනිම ශක්තිමත් කරමිනි. එහිදී ඩැරල් මිචෙල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පස්වන ටෙස්ට් ශතකය අද වාර්තා කළේය. ඩැරල් මිචෙල් ලකුණු 102කි.…

Read More

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරු යායක මඩ වගුරක ඔබා තිබූ තරුණියකගේ මළසිරුරක් අද (11) පෙරවරුවේ සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් තිබුණේ 26 හැවිරිදි තරුණියකි. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය තරුණියගේ මව, “දොර අරිනකොට දුව හිටියේ නැහැ. පොඩි දුව පෙන්නුවා සපත්තු දෙකේ පස් කියලා. මං ගිහින් අහල පහල අයට කිව්වා. පොලීසියටත් ගියා. හොයලා බලනකොට එක්කෙනෙක් කිව්වා මෙන්න ඉන්නවා කියලා. මං හිතුවේ ඉන්නවා කියලා. මඩ වගුරක දාලා.”

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන සිවිල් සමාජයේ පුද්ගලයකු පත්කිරීමට එම පක්ෂයේ ඉහළ අවධානය යොමුවී ඇත. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි පුද්ගලයකු පත් කිරීමට වැඩි ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බවයි. මෙයට අමතරව සභාපතිධුරය සඳහා තවත් නාමයෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇතැයි ඔහු සඳහන් කළේය. සභාපති ධූරය තව නොබෝ දිනකින් පිරවෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ අතර මහාචාර්ය ජී එල් පීරිස් මහතා පක්ෂය හැර ගිය සෙසු කිසිවකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු තනතුරක් නොදැරූ බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

Read More

පේරාදෙණිය ගන්නෝරුව කන්ද ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි චීවරධාරීන් දෙදෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලෙීසිය පැවසුවේ ඔවුන් සතුව තිබී කැනීම් සඳහා යොදාගත් උපකරණද සිය භාරයට ගත් බවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 සහ 58 හැවිරිදි ගන්නෝරුව ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරදාරීන් දෙදෙනෙකි. සැකකරුවන් මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ෂණ ආරම්භ කර තිබේ.

Read More

කොරෝනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරකයන් පිරිස දිවයිනට පැමිණ තිබේ. 181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකයන් පිරිස දින 07 ක කාලයක් මෙරට සංචාරය කිරීමට නියමිතය. චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. 231 දරණ ගුවන්යානයෙන් ඊයේ (10) පස්වරු 06.51 ට කටුනායක ගුවන්තොටුපොළට එම පිරිස පැමිණි බව අප වාර්තාකරු පැවසීය. ඔවුන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. සෑම සතියකම චීනයේ ෂැංහයි සහ කුංමිං ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සිට චීන සංචාරකයන් රැගත් ගුවන් ගමන් වාර 06 ක් චයිනා ඊස්ටන් ගුවන් සේවයේ…

Read More

ඉන්දීය ජාතිකයෙකු ඇතුළු පස්දෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා මුම්බායි වෙත රත්‍රං කිලෝග්‍රෑම් 10.5ක් රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ දී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවය.

Read More