Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ අඹුසැමි යුවළක් රඹුක්කන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ රටවල රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින්ගෙන් මුදල් රුපියල් 820,000ක් වංචා කිරීම සම්බන්ධයෙන් රඹුක්කන පොලීසියට ලද පැමිණිලි 6කට අදාළව විමර්ශන සිදුකර ඇත. ඒ අනුව ඊයේ (13) රාත්‍රී කාලයේ කෑගල්ල පොලිස් වසමේ දී සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය හා සැකකරු අවුරුදු 27 හැවිරිදි රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සැකකරුවන් සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී මොවුන් විසින් මෙවැනි ආකාරයටම දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා මුදල් වංචා කර ඇති බවට අනාවරණය වී තිබේ. තවද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන්ට විරුද්ධව පැමිණිලි කිරීම සඳහා පුද්ගලයින් 46දෙනෙකු ඉදිරිපත්…
වයස අවුරුදු 35 නොඉක්මවූ උපාධිධාරී ගුරුවරු 5,500ක් නුදුරේ දීම ගුරුසේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. විද්‍යාව, ගණිතය, තාක්ෂණය, භාෂාව, භූගෝලය හා වාණිජ වැනි විෂයන්ට අදාළ ව භාෂා මාධ්‍ය තුනෙන් ම එම පිරිස බඳවා ගැනීමට නියමිතය. එමෙන්ම විද්‍යාපීඨ ගුරුවරු 7,500කට මේ මස 16 වනදා නව පත්වීම් ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති රැස්වීමට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කරයි භෞතික හා මානව සම්පත් සම්පූර්ණ කිරීමෙන් පමණක් අධ්‍යාපනය සංවර්ධනය කළ නොහැකි බවත් ඒ සඳහා සිසුන්ගේ විනයගරුකභාවය අත්‍යවශ්‍ය වන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ. එමෙන් ම සමාජය තුළ පවතින මත්ද්‍රව්‍ය වැනි වෙනත් විෂමාචාර හා අයෝග්‍ය හැසිරීම්, පාසල් තුළට ප්‍රවේශ…
විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ අඹුසැමි යුවළක් රඹුක්කන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ රටවල රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින්ගෙන් මුදල් රුපියල් 820,000ක් වංචා කිරීම සම්බන්ධයෙන් රඹුක්කන පොලීසියට ලද පැමිණිලි 6කට අදාළව විමර්ශන සිදුකර ඇත. ඒ අනුව ඊයේ (13) රාත්‍රී කාලයේ කෑගල්ල පොලිස් වසමේ දී සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය හා සැකකරු අවුරුදු 27 හැවිරිදි රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සැකකරුවන් සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී මොවුන් විසින් මෙවැනි ආකාරයටම දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා මුදල් වංචා කර ඇති බවට අනාවරණය වී තිබේ. තවද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන්ට විරුද්ධව පැමිණිලි කිරීම සඳහා පුද්ගලයින් 46දෙනෙකු ඉදිරිපත්…
බොරලැස්ගමුව – ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි මෙහෙකාරිය බිය ගන්වා විදේශීය මුදල් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් වාර්තා වනවා. පෙරේදා දහවල් පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ මෙලෙස රන් භාණ්ඩ සහ මුදල් සහිත සේප්පුව රැගෙන ගොස් ඇති බව සඳහන්. පොලිසිය සඳහන් කළේ, ඔවුන් සේප්පුව රැගෙන යන අයුරු සී.සී.ටීවී දර්ශන වන සටහන්ව ඇති අතර ඒ අනුව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විටත් ඩෙංගු වැලඳුණු ළමුන් 35ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා සඳහන් කළේය. “ඩෙංගු තවමත් දිවයින පුරාම පැතිරෙමින් පවතිනවා. මේක අඩුවීමක් අපට දක්නට ලැබෙන්නේ නෑ. රිජ්වේ ආර්යා ළමා රෝහල ගත්තත් මේ වනවිටත් රෝගීන් 35ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. දිනකට රෝගීන් 3 – 4ක් වගේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණෙනවා. රක්තපාතය තියෙන රෝගීන් ගත්තහම 7දෙනෙක් පමණ ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙසේවෙතත් මේ රෝගී තත්ත්වය තවදුරටත් ඉක්මනින්ම අඩුවෙයි කියන දේ විශ්වාස කරන්න අපහසුයි. මොකද වැසි කාලගුණය තවදුරටත් පැතිරෙමින් පවතින නිසා. එනිසා ජනතාව දැඩි අවධානයක් යොමුකරන්න ඕන අවට සහ නිවෙස්වල පරිසරය ඒ වගේම…
රඹුක්කන පොලිස් බලප්‍රදේශයට අයත් බෝලගම, කොටගම හන්දියේ දී රඹුක්කන පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් විසින් යොදා තිබූ මාර්ග බාධකය අසල දී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලීසියෙන් වෙඩි තබා තිබේ. පොලීසිය සඳහන් කළේ, වෙඩිතැබීමෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයාගේ වම් අතට සහ වම් පාදයට තුවාල සිදුව ඇති බවය. එලෙස තුවාල ලබා ඇත්තේ හිරිවඩුන්න, රඹුක්කන ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි. අද (14) අලුයම 3.15ට පමණ අදාළ සිද්ධිය සිදුව තිබූ අතර තුවාලකරු ප්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර තිබේ.
ගල්කිස්ස ප්‍රදේශයේ පසුගිය 01 දින වෙළෙඳසලක් කොල්ලකෑමේ සිද්ධියක සොරබඩු සන්තකයේ තබා ගැනීම හා අලෙවි කිරීමට සම්බන්ධ සැකකරුවකු ඊයේ (13) මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 500ක් ද, රන් පෙන්ඩන්ට් 02ක්, උණු කරන ලද රන් කැබැලි 03ක් ද තිබූ බව පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි මෝදර, ඉබ්බගෙවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තාවට ඇතුළත් වේ
ලොව විශාලතම සහ බරම වකුගඩු ගල් (කලනය) ප්‍රධාන ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම බ්‍රහස්පතින්දා (ජුනි 1) කොළඹ යුද හමුදා රෝහලේ දී ගිනස් ලෝක වාර්තා අතරට එක් වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කොළඹ යුද හමුදා රෝහලේ ලිංගේන්ද්‍ර මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුදර්ෂන්, කපිතාන් ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තාමෂා ප්‍රේමතිලක සමඟ එක්ව ශල්‍යකර්මයේ මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. ශල්‍යකර්මයේදී නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කර්නල් යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් සී.එස්. අබේසිංහ ද දායක වූ බව සඳහන්. යුද හමුදා වෛද්‍යවරුන් විසින් බ්‍රහස්පතින්දා (1) කොළඹ යුද හමුදා රෝහලේ දී ඉවත් කරන ලද ගල සෙන්ටිමීටර 13.372…
තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ. පොලිසිය සඳහන් කෙළ්, වෛද්‍යවරියක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වෛද්‍යවරයාගේ සිරුර ඔහුගේ නිල නිවසේ කාමරයක ඇඳක් මත තිබියදී සොයා ගත් බවයි. මියගොස් ඇත්තේ 35 හැවිරිදි නාරම්මල වෙන්ඩෝරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය සැක පළ කරන්නේ, මීට දින දෙකකට පමණ පෙරදී වෛද්‍යවරයා මියගොස් ඇති බවටයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය හේතුවෙන් විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීම් කටයුතු සිදුකිරීම දුෂ්කරවී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සාමාන්‍යයන් 11,293කට ආසන්න ආචාර්යවරු පිරිසක් ඉගැන්වීම් කටයුතු සඳහා අවශ්‍ය වුවද මේ වනවිට එම කාර්යයේ නිරතවනුයේ 6,677ක පමණ පිරිසක් බව එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්‍ය ඉලංගසිංහ මහතා පැවසීය.
