Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් වින්දිතයින් බවට පත්වූ තමන්ට වන්දි අය කරදෙන ලෙස ඉල්ලා වින්දිතයින් විසින් ගොනුකර තිබෙන නඩු 108ක වගඋත්තරකරු වශයෙන් නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් ඉවත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය ලබන මාර්තු 01 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා අධිකරණය නිවේදනය කළේය. මෙම නඩු සියල්ල අද (18) කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටින බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිස් පස් වන වගන්තිය යටතේ ඒ මහතාට එරෙහිව නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට…
කොටහේන 6වන පටුමග ප්‍රදේශයේදී අද දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් තුවාළ ලැබූ අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන්කරමින් සිටි අයෙකුට මෙම වෙඩිප්‍රහාරය එල්ලකර ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධව විභාග වන නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය විසින් ඊයේ (17) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත යොමුකරනු ලැබීය. ඒ, සැකකාර පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට දේශීය ඖෂධ සහ පෝෂණ අතිරේක ලබාදීම සඳහා අතිරේක මහෙස්ත්‍රාත්වරිය මුදල් ලබාදීමේ සිද්ධියක් පිළිබඳව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි ඉදිරිපත් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කිරීමෙන් පසුවය. ඒ අතර වසන්ත මුදලිගේ ජනවාරි 31 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියම කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය…
කතමාට රුපියල් මිලියන 100ක වන්දි නියම වූයේ තමා විසින් පත් කරනු ලැබූ රාජ්‍ය නිලධාරීන් සිදුකළ වැරදි නිසා යැයි අධිකරණ තීන්දුවේ සඳහන් වන බැවින් අනාගත ජනාධිපතිවරුන්, අගමැතිවරුන් හා අමාත්‍යවරුන්ට ද එම නඩු තීන්දුව බලපානු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (17) පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. “නඩු තීන්දුව දෙස බලන විට මේ නඩු තීන්දුවේ සඳහන් ප්‍රධාන කරුණක් තමයි… ඒ තීන්දුවෙන් මට කෝටි 10ක මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. තීන්දුවේ පැහැදිලි ලෙසම තියෙනවා… ජනපතිවරයා විසින් පත්කළ නිලධාරීන් යමිකිසි වරදක් කළොත් ඒ වැරැද්ද සඳහා ජනාධිපතිවරයා වගකිව යුතුයි කියලා.” “විශේෂයෙන්ම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පත්කළේ…
බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දකුණු පළාතේ උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
කොටවෙහෙර, කැලේගම ප්‍රදේශයේ තරුණයෙකු ඔහුගේ සීයා එල්ල කළ පොලු පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ තරුණයා 16වනදා රාත්‍රීයේ නිදා සිටියදී ඔහුගේ සීයා එලෙස පහරදී ඇති අතර සැකකාර පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇත. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ නවෝද් දිල්ෂාන් නැමැති 18 හැවිරිදි තරුණයෙකි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොටවෙරෙ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අදින් (18) ආරම්භ වේ. අද සිට ලබන 21 වනදා දහවල් 12.00 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය 04 වනදා සිට ආරම්භ වූ අතර එය ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක වේ. මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී අවසන් වීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය. මේ අතර මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ගත වූ දිනය තුළ දේශපාලන පක්ෂ 29ක් සහ ස්වාධීන කණ්ඩායම් 52ක් ඇප මුදල්…
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි. උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භවීමට නියමිත අතර ඊට දින 05කට පෙර උපකාරක පංති පැවැත්වීම තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය. 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. විභාගය හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් ලබන 20 වනදා සිට වසා දැමෙන අතර තෙවන පාසල් වාරයේ තෙවන අදියර සඳහා එම පාසල් යළි පෙබරවාරි මස 20 වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය…
විනාශයට ගමන් කළ රටේ ආර්ථිකය පාලනය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මෙම මස දෙවන සතිය තුළ ඩෙංගු රෝගීන් 2,030 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. පසුගිය 09 සිට 15 වනදා දක්වා කාලය තුළ එම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේය. අදාළ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 452ක් වේ. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 417ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 257ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 123ක්, කල්මුනේ ප්‍රදේශයෙන් 107ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රොගීන් 103ක් වාර්තා වී ඇති බව සඳහන්ය. මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 4,172දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සඳහන් කළේය.