Author: LANKA24X7

ගවයින් ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයක් නැවැත්වීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා උඩුගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. ත්‍රීරෝද රථයකින් ගවයින් ප්‍රවාහනය කරන බවට යක්කලමුල්ල පොලිසියට ලද තොරතුරක් මත ගාල්ල උඩුගම මාර්ගයේ 13 කන්ද අසල මාර්ග බාධකයක් යොදා තිබෙන්නේ ඊයේ සවස ය.පොලිසියට ලද තොරතුරට අනුව මාර්ග බාධකය පසු කිරීමට පැමිණි ත්‍රීරෝද රථය නැවැත්වීමට උත්සාහ කිරීමේදී මෙලෙස එම ත්‍රීරෝද රථ රියදුරු විසින් උප පොලිස් පරීක්ෂකවරයා අනතුරට ලක් කර පලා ගොස් තිබෙනවා. යක්කලමුල්ල පොලිසිය විසින් විමර්ශන සිදුකර ත්‍රිරෝද රථය සහ සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී සැකකරු සතුව තිබී අත්බෝම්බයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාව තුළ දැනට සිටින හීලෑ ඇතුන් අතුරින් දිගම දළ යුගලය හිමි මුතු රාජා හස්තියා මෙරටදී රැක බලාගැනීම සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙන් යළි තායිලන්තය වෙත රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන ජූලි 01 වැනිදා ගුවන් යානයකින් නැවතත් තායිලන්තයට රැගෙන යාමට පෙර එම ගුවන් ගමන සඳහා හස්තියා පුහුණු කරවීම මේ දිනවල සිදුවන අතර මුතුරාජා වෙනුවෙන්ම තනන ලද ආරක්ෂිත කූඩුවක් ඒ සඳහා භාවිත කෙරෙනවා.

Read More

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණ සහ නියාමනය කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ විශේෂ ඒකකයක් පිහිටුවීමට අධ්‍යාපන කටයුතු පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යෝජනා වී තිබෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ආංශික අධීක්ෂණ කාරක සභා සාකච්ඡාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල් පිළිබදවත්, එම පාසල් පද්ධතිය මගින් සිසු දරුවන්ට ලබාදෙන අධ්‍යාපන හා එහි ගුණාත්මකභාවය ඉහළ නැවීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. එසේම, ජාත්‍යන්තර පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නොපවතින අනෙකුත් පාසල් නියාමනය කිරීම සදහා අවශ්‍ය නිර්නායක ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරමින් පවතින බව මෙහිදී අනාවරණ වුණා. ගුරු මාරුවීම් මෙන්ම ගුරු උපදේශක සේවයේ…

Read More

මෙරට හදවත් රෝගීන් වැඩිවීමේ ඉහළ අවදානමක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘදරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ ප්‍රකාශ කරනවා. ඔහු පෙන්වා දෙන්නේ වායු දූෂණය ඉහළ යාම නිසා මීට ප්‍රධානතම හේතුවක් බවයි. ශ්‍රී ලංකාවේද වායු දූෂණය කෙමෙන් ඉහළ යමින් ඇති හෙයින් එම අවදානම හටගෙන ඇතැයි ද ජනතාව ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ද වෛද්‍යවරයා සඳහන් කර සිටිනවා. මෙම අවදානම අඩුකර ගැනීමට එළිමහනේ ගමන් කරන විට හැකි හැම අවස්ථාවකම මුව ආවරණ පැළඳීය යුතු බවයි වෛද්‍ය පතිරණ පෙන්වා දෙන්නේ. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වායු දූෂණය සහ හෘද රෝග පිළිබඳ විධිමත් පරේශ්ෂණයක් අවශ්‍ය බවයි.

Read More

පියාගෙන් සිදුවන හිරිහැර ගැන පැමිණීමට 18 හැවිරිදි තරුණියක් රවටා නිවෙසට කැඳවාගෙන ගොස් ඇයට දරු ගැබැක් ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කොට තිබෙනවා. ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරනු ලැබුවේ අදාළ තරුණිය විසින් සිදුකළ පැමිණිල්ල මත මූලික පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුවයි. මෙම කොස්තාපල්වරයා පසුගිය පෙබරවාරි 09 වැනි දින රාජකාරියේ නිරතව සිටිය දී මෙම තරුණිය සහ ඇගේ මවගේ සහෝදරිය සමඟ පොලීසියට පැමිණ ඇත්තේ පියාගෙන් කරදර සිදුවන බව බවසමින් ය. ඒ මොහොතේ පොලිස් නිලධාරිණියක් නොමැති බව පවසා මොවුන් දෙදෙනා රැය පහන්වනතුරු පොලීසියේ රඳවා ගැනීමට මෙම කොස්තාපල්වරයා කටයුතු කර ඇත. ඉන්පසු උදෑසන පොලිස් නිලධාරිනියක් පැමින එම පැමිණිල්ල සටහන් කොටගෙන ඔවුන්…

Read More

ජංගම දුරකථනයෙන් අසභ්‍ය ඡායාරූප ගෙන වට්ස් ඇප් මාරගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික පරිපාලන නිලධාරිනියකට යැවූ එම අමාත්‍යාංශයේම රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් 15 වැනිදා වේයන්ගොඩ පොලිසිය විසින් මෙම අත්අඩංගුවට කළ බවයි වාර්තා වී ඇත්තේ. අදාළ විශ්‍රාමික පරිපාලන නිලධාරිනිය 61 වියැති දිවුලපිටිය මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහක තැනැත්තියක්. අත්අඩංගුවට ගත් සැකකරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියැදුරෙකු වන අතර බදුල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තිදරු පියෙක් බවයි මුලික පොලිස් විමර්ශනවලදී දී අනාවරණය වී ඇත්තේ. පරිපාලන නිලධාරිනිය සම අමාත්‍යාංශයේ සේවයේ නිරතව සිටිය දී සැකකරු නිලධාරිනියගේ රියදුරෙකු වශයෙන් ද සේවය කර ඇති බවත්, ඇය විශ්‍රාම ගැනීමෙන් පසු ඇයගේ මුහුණු පොතේ මිතුරකු වශයෙන් සම්බන්ධ ව සිට ඇති බවත් පොලිසිය…

Read More

පස්සර – මීදුම්පිටිය ප්‍රදේශයේ වෙළදසැලක් පරීක්ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදීමක් සිදුවී තිබෙනවා. වෙළඳසැලක හිමිකරුගේ පුත්‍රයෙකු විසින් ඊයේ දහවල් මෙම පහරදීම සිදුකර ඇති අතර තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මේ වනවිට පස්සර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි පස්සර – මීදුම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

Read More

ගොඩකවෙල මාදම්පේ උතුරු ප්‍රදේශයේ පතලක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. මෙසේ කඩා වැටී ඇත්තේ නීති විරෝධි පතලක් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ‌ඊයේ (16) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසනවා. ඒ එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා බවයි වාර්තා වන්නේ.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයකදී සිසුවකු සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා වෙනවා. එම ශිෂ්‍ය නේවාසිකාගාරය මහරගම කටුවාවල ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර එහි බිම් මහලේ මෙම සිසුවා ලණුවක් ආධාරයෙන් ගෙල සිර කර ගෙන ඇති බවට සැක කෙරෙන බව පොලිසිය පවසනවා. එම නේවාසිකාගාරයේ තවත් සිසුන් 64ක් පමණ නේවාසිකව සිටින බවත් තවත් සිසුන් කිහිප දෙනෙකු මෙම සිසුවා ගෙල වැලලාගෙන සිට්න බව දැක ලණුව කපා දමා ඇති බවත් ඒ වන විටත් ඔහු මිය ගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක්. මෙම සිසුවාගේ මවුපියන් පවසන්නේ මෙම මරණය සැක…

Read More