Author: LANKA24X7

නුවරඑළිය, නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේදී ඊයේ (20) සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් එකම පවුලේ ඥාතීන් පස්දෙනාගේ අවසන් කටයුතු අද (21) සිදු කිරීමට නියමිත බව වාර්තාවේ. ඒ අනුව හැටන් දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේදී අද පස්වරුවේ ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත. අනතුර සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල්වල සුදු කොඩි ඔසවා තිබූ බවද අප වාර්තාකරු පැවසීය. මියගිය දරුවන් අතර අවුරුදු 15ක පිරිමි දරුවෙක් සහ ඊට බාල ගැහැණු දැරියන් දෙදෙනෙක් වෙයි.

Read More

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ රාත්‍රී 07.00න් පසු විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුව විදුලි බල මණ්ඩලයේ ද අවශ්‍යතා මත මෙම තීරණය ගත් බවය. මේ අතර, අද (21) සහ හෙට (22) දිනවලදී ද පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

Read More

දෛනික බිත්තර හිඟය ජූනි මාසය වන විට අවසන් වනු ඇති බව වෙළෙඳ වානිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් ප්‍රියංක අතපත්තු මහතා පවසයි. ඔහු සඳහන් කළේ දැනට රට තුළ දෛනිකව බිත්තර මිලියන 3ක පමණ හිඟයක් පවතින බවය. මේ අතර සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් ඊයේ (20) සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

ඊයේ (20) නුවරඑළිය, නානුඔය – රදැල්ල ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු රිය අනතුරෙන් ළමුන් තිදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඉන් තවත් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබුණි. බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණි. අනතුරට ලක්ව තිබුණේ අධ්‍යාපන චාරිකාවක් සඳහා ගොස් නුවරඑළිය දෙස සිට හැටන් දෙසට ධාවනය වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් බව පොලීසිය පැවසීය. අනතුරෙන් පසු බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ප්‍රපාතයකට ඇදී ගොස් ඇත. එහිදී පාසල් සිසුන් 41 දෙනෙකු ඇතුළු 53 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස්මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් නීතිඥ අධිකාරි නිහාල් තල්දූව මහතා…

Read More

ඉතා ප්‍රගතිශීලි පනතක් වන මැතිවරණ වියදම් පාලනය කිරීමේ පනත, පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ පනතක් බවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඉතාමත්ම ප්‍රතිශීලි පනතක් වන මැතිවරණ වියදම් නියාමන පනත හදිසියේම පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරගැනීම ඉතාමත් නරක පූර්වාදර්ශයක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. මැතිවරණවලදී අපේක්ෂකයින්ගේ වියදම් සඳහා උපරිම සීමාවක් පැනවීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීම වැදගත් පියවරක් වුවත්, එහි යටි අරමුණක් ලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය කල්දැමීමට රජය බලාපොරොත්තු වන්නේ නම් එය වරදක් බව මන්ත්‍රීවරයා කීවේය. මෙය මෙවර පළාත් පාලන මැතිවරණයට නොව ඉදිරි මැතිවරණ වලට වලංගු විය යුතු බවට…

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (20) සිදුවිය. එහිදී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරුණු බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඇතුළු දූත පිරිස සමග මෙම හමුව සිදු විය. ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉන්දීය රජයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය. දීර්ඝ කාලයක් තිස්සේ දෙරට අතර පවත්නා ද්වීපාර්ශ්වීය සබඳතා පිළිබඳව සහ මිත්‍රශීලී පැවැත්ම පිළිබඳව එහිදී සිහිපත් කළ විපක්ෂ නායකතවරයා එය…

Read More

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට හෙට පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ පෙරවරු 11 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ මෙම ජල සැපයුම අත්හිටුවන බවයි. එම කාලය තුළ දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ වලද ජල සැපයුම අත්හිටුවනවා. ඊට අමතරව මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශවල සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශවල මෙන්ම රත්මලාන හා කටුබැද්ද ප්‍රදේශවලද එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ. විදුලිබල මණ්ඩලය විසින් සිදු කරනු ලබන අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ…

Read More

G20 රාජ්‍ය නායක සමුළුවේදී ඉන්දියාවේ සභාපතිත්වයේ සාර්ථකත්වය වෙනුවෙන් දායකත්වය ලබාදෙන බව ඉතාලිය පවසයි. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය මෙම වසරේදී සැමරීමට ද නියමිතය. ඒ අනුව ඉන්දියාවේ ඉතාලි තානාපතිවරයා පවසා ඇත්තේ, ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සුභවාදී ආකල්ප මෙවර G20 සමුළුවේ සභාපතිත්වය ලබාගැනීම සඳහා ඉන්දියාවට මාර්ගය සැකසූ බවද ඉන්දියාවේ ඉතාලි තානාපතිවරයා පවසා තිබේ. එමෙන්ම කොරෝනා වසංගතය මධ්‍යයේ රෝමයේ පැවැති G20 සමුළුව සාර්ථක කරගැනීම සඳහා ඉන්දියාව දැක්වූ දායකත්වය ද මෙහිදී ඇගයීමට ලක්වී තිබේ.

Read More

චීන සංචාරකයින් සඳහා වසර තුනකට පසු චීනය විසින් නැවතත් ආරම්භ කර ඇති නියමු ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබේ. චීන තානාපති කාර්යාලය පවසන්නේ එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට උපකාර වන බවය. එසේම එය මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කිරීමට මහෝපකාරී වන බවද චීනය පවසයි.

Read More

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More