Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. පොලීසිය මත්ද්‍රව්‍ය පිළිබඳ නඩු පැවරීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටය සම්බන්ධයෙන් ජනතාව චෝදනා එල්ල කිරීම ඊට හේතුව බව ඊයේ (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසීය. අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, “ඉඳලා හිටලා එක සාම්පලයක් වැරදි වෙන්න පුළුවන්. සමහර පොලීසිවලින් සාම්පල 20 – 30 වැරදියට එවනවා. කුඩු නොවන දේවල් විෂ මත්ද්‍රව්‍ය කියලා එවලා තියෙනවා. මේ නීතිය අවභාවිතා වෙනවා. නීතියේ යම් ප්‍රතිසංස්කරණ විය යුතුයි. පැනඩෝල් කුඩු යොදලා සැකකරුවෙකු ඉදිරිපත් කලත් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවෙකු ලෙස රිමාන්ඩ් වෙනවා. මාස ගාණකින් රස පරීක්ෂක වාර්තා එනකොට ඒවායේ…
රට බංකොලොත්වීමට හේතුවූ ප්‍රධාන හේතු 02 පිළිබඳව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (16) අනාවරණය කළේය. ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ පැහැදිලි කිරීම වෙනුවෙන් ඊයේ පැවැති දේශනයකදී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය. මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “අලුත් පනත යටතේ ප්‍රධාන අරමුණක් වෙන්නේ මුදල් පාලනය.. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ ඒ වෙනුවෙන්. බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන, ඒජන්සි කළමනාකරණය සඳහා පාලක මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා.” “2020 වසරේ සිට මහ බැංකුවේ මත වෙනසක් තිබුණා. පොලී අනුපාතය සහ විනිමය අනුපාතය පාලනය නොකර එකම අගයක තියාගමු කියලා කිව්වා. ඒකෙන් වුණේ අත්දෙක ගැටගැහුවා වගේ දෙයක්.” “මේක තමයි…
නුවර සිට මාතර දක්වා ධාවනය වු දුම්රියේ, කොග්ගල ප්‍රදේශයේ දී මොටර් රථයක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කොග්ගල පොහොර ගබඩාව අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීමට උත්සාහ කළ මෝටර් රථයක් එලෙස අනතුරට ලක්ව තිබුණි. පසුව එම ස්ථානයේ සිට මීටර් 200ක් දුරින් පිහිටි කොග්ගල ගුවන් හමුදා කඳවුර අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය දක්වා මෝටර් රථය දුම්රියේ පැටලී ඇදි ගොස් ඇත. අනතුරට ලක්වු මෝටර් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙක් සිරවී සිටි අතර ඔවුන්ව බේරාගැනීමට ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දැරීය. කෙසේවෙතත් අප වාර්තාකරු පැවසුවේ ඔවුන් දෙදෙනා ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවය.
පවතින තත්ත්වය තුළ අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය පවසයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ අධිකරණ නියෝග පවා නොසලකමින් රජය කටයුතු කරමින් සිටින බවය. “මේ වනවිට පවතින තත්ත්වය අනුව පැහැදිලියි.. අප්‍රේල් මාසයේ 25 වනදා වනවිට පළාත් පාලන ඡන්දෙ පැවැත්වීමට ඉඩකඩක් පෙනෙන්නට නැහැ.” “පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණය විසින් ලබාදීපු තීන්දු විවේචනයට ලක්කරන තත්ත්වයකට රට පත්වෙලා තිබෙනවා. ඒ වගේම අධිකරණයේ නියෝග නොසලකන තත්ත්වයකට පාලකයන් පත්වෙලා.” “නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආණ්ඩුවක් පිළිගන්නවා ද? නැද්ද? කියන කාරණය තමයි තීරණාත්මකව වැදගත් වෙන්නේ.” “ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඉඩකඩ…
පසුගිය දින කිහිපය තුළදී වන්දනා ගමන්වල නිරත වූ බැතිමතුන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ ආහාර විෂවීමකින් බවට සැකකෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. අපකළ විමසීමකදී එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ ආහාර විෂවීම් සහ බැක්ටීරියා ආසාදන යැයි හඳුනාගත් තවත් රෝගීන් 10 දෙනෙකුද මේ වනවිට වාර්තා වී ඇති බවය. මේ අතර ශ්‍රී පාද වන්දනාවේ සහ අනෙකුත් වන්දනා ගමන්වලට නිරතවන සියලුම බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරමින් ඒ මහතා පවසා සිටියේ සෞඛ්‍ය ආරක්‍ෂිත ආහාර පිළිවෙත් අනුගමනය කරන ලෙසය. එසේම හැකිතාක් පානීය ජලය උණුකර නිවාගෙන තම නිවසින් රැගෙන යන ලෙසට ද ඔහු මහජනතාවගෙන් ඉල්ලීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල්…
2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට සෘණ 7.8ක අගයක් ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඇස්තමේන්තු ගත කර තිබේ. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2022 වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ සියයට 12.4 ක අගයක් වාර්තා කර ඇති බවය. 2021 වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 3.7ක ධනාත්මක අගයක් ගෙන තිබූ අතර එම වසරේ සිව්වන කාර්තුවේ වර්ධන වේගය සියයට 1.4ක් ලෙස දැක්වූණි. 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්මාන්තය, කර්මාන්ත කටයුතු හා සේවා ආර්ථික කටයුතු යන අංශ තුනේම සෘණ වර්ධන වේගයන් වාර්තා කර තිබේ. කෘෂිකාර්මික කටයුතුවල සියයට දශම 9ක වර්ධනයක් 2021 වර්ෂයේදී පෙන්නුම් කර තිබූ අතර එය…
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම් දෙකක් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ, මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදුන්නේය. අනතුරුව පෙත්සම මේ මස 22 වනදා කැඳවීමට ද අධිකරණය නියම කළේය. එමෙන්ම විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අදාළ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ද එදින දක්වා දීර්ඝ කරන ලෙසත් විනිසුරු මඬුල්ල නියම කළේය. ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරින්ගේ සංගමය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
පහරදීමකින් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයෙක් පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (15) අදාළ මරණය සිදුව ඇති බවය. පසුගිය 14 වනදා රාත්‍රියේ අදාළ පුද්ගලයා බීමතින් නිවසට පැමිණ බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන තිබේ. පසුව ඔහු විසින් බිරිඳට යකඩ පොල්ලකින් පහරදීමට උත්සාහ කර ඇත. පහරදීමෙන් මවව බේරාගැනීමට මියගිය පුද්ගලයාගේ පුතා සහ දියණිය මැදිහත් වී ඇති අතර, එම අවස්ථාවේ දී පුතා විසින් යකඩ පොල්ල උදුරාගෙන පියාගේ හිසට පහරදී ඇත. එහිදී තුවාල ලැබු පියා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඝාතනය සිදුකළ අවුරුදු 16ක් තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර අද තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.…
පනාගොඩ යුද හමුදා කඳවුරේ ආරක්ෂක කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබළෙකු හට නිකුත් කරන ලද ටී – 56 වර්ගයේ ගිනිඅවියක්, පතරොම් 90ක් අඩංගු පතරොම් ගැබ් 3ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාශය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනිඅවිය සහ උණ්ඩ සොරකම් කරන ලද හිටපු යුද හමුදා සෙබළෙකු හා අදාළ සෙබළාට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් තවත් යුද හමුදා සැරයන්වරයෙකු බව සඳහන්ය. අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළා මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර යුද හමුදා සැරයන්වරයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය…
වගා කන්න 03කට පසු පළමු වතාවට මෙරට ගොවිජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර රැගත් MV INCE PACIFIC නෞකාව අද (16) අලුයම කොළඹ වරායට පැමිණ තිබේ. එම නෞකාව මඟින් මඩ පොහොර මෙ.ටො 36,000ක් මෙරටට රැගෙන විත් ඇති අතර, ඉදිරියේදී තවත් එවැනිම මඩ පොහොර නෞකාවක් පැමිණීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ USAID ආයතනවල දායකත්වයෙන් එම මඩ පොහොර ලබා දී තිබේ. 2022/23 මහ කන්නයේ වී වගා කළ එහෙත් 2023 යල කන්නයේ වී වගා කළත් නොකළත්, මෙරට ලක්ෂ 12ක් වන සියලුම වී ගොවීන්ට මෙම මඩ පොහොර තොගය නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා…