Author: LANKA24X7

ලබන සඳුදා සිට නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 02ක් තෙක් දීර්ඝ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට සකස් කරමින් පවතින බව වාර්තා විය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ මීට පෙර පැවැති කාඩ් හිඟය හේතුවෙන් දැනට ගොඩගැසී ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල තොගය අවසන් කිරීම සඳහා මෙම පියවර ගත් බවය.

Read More

වයස අවුරුදු 12යි මාස 8ක ගැහැනු දරුවෙක් දුෂණය කළ බවට සැක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ අදාළ ගැහැනු දරුවා පාලනය කරගැනීමට නොහැකි බව පවසමින් ඇයගේ දෙමාපියන් විසින් වැලිමඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු බවය. ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව අදාළ ගැහැනු දරුවා පරිවාස භාරයට පත්කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය. එසේ තිබිය දී දැරියගේ පියා විසින් පරිවාසයෙන් ලබාගත් නියෝගයක් මත නැවත වතාවක් ඇයව නිවස වෙත රැගෙන විත් තිබු බව ද නිහාල් තල්දූව මහතා කියා සිටියේය. එසේ තිබිය දී අදාළ දැරිය ජූනි මස 11 වනදා වැලිමඩ නගරයේ සිටින බවට…

Read More

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් වෙළෙඳ අමාත්‍යවරයා ජුනි 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කළේ. එවන් පසුබිමක විෂයභාර අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේදී කිසිසේත් පිටි මිල වැඩිනොවන බවයි. පිට මිල වැඩිනොවුනද අනෙකුත් අමුද්‍රව්‍යවල මිල පහළ නොයෑම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් සංගමයේ ප්‍රකාශත්…

Read More

ඩෙංගු මර්දන ව්‍යපාරය සඳහා බඳවා ගත් පිරිසගේ රැකියා ස්ථිර කිරීම සඳහා තමා පුද්ගලිකව හෝ මැදිහත් වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “2016 බඳවා ගත් කණ්ඩායමක් හැබැයි මේ අයගේ ප්‍රශ්නය තියෙන්නේ මේ අයට මූලික සුදුසුකම් කිසිවක් තිබුණේ නැති අය. ඒ අය බඳවාගෙන මේ වන කොට අවුරුදු 8ක් වැඩකරලා තියෙනවා. දැන් ආයේ සුදුසුකම් බලන්න…. ශ්‍රම බලකායට රැකියා දෙනවා නම් ඒ එක්කම මේකත් ලබාදිය යුතුයි. ස්ථිර කළ යුතුයි කියලා කැබිනට් පත්‍රිකා 3ක් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඒ කැබිනට් පත්‍රිකා තුන ගැන…

Read More

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් සංශෝධනය කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව කෘතිම ලෙස වර්ණ ගැන්වු හෝ වර්ණ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා පනවා තිබූ රුපියල් 3ක සෙස් බද්ධ රුපියල් 5 දක්වා ඉහළ දමා තිබේ. ඊට අමතරව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමේන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා වූ රුපියල් 5ක සෙස් බද්ධ රුපියල් 8 දක්වා ඉහළ දමා ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය. කිලෝග්‍රෑම් 50 සහ ඊට වැඩි ඇසුරැම්වලින් තොග…

Read More

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් සමග අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ. අත්ලාන්තික් සාගරය තුළ අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එහි සබඳතා ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු සංචාරක සමාගමකට අයත් සබ්මැරිනයකින් පුද්ගලයින් 5දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව සිට ඇති බව සඳහන්ය. අදාළ යාත්‍රාව තුළ දින 4කට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් පවතින බැවින් එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය සඳහන් කළේය.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී වෛද්‍යවරයෙකුට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. එම රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය රන්ජන් ගනේගම මහතා සඳහන් කළේ, අදාළ පහරදීම සම්බන්ධයෙන් පොලීසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය. රාජකාරී කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල්කර ගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර වචන හුවමාරුවක් දුරදිග යාමෙන් එක් වෛද්‍යවරයෙකු විසින් අනෙක් වෛද්‍යවරයාට පහරදීමක් සිදුකර තිබේ. එහිදී තුවාල ලැබූ වෛද්‍යවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය රන්ජන් ගනේගම මහතා…

Read More

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් රඹුක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (19) දහවල් කාලයේදී රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි දික්පිටිය, අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු රඹුක්කන නගරයේ වෙළෙඳසැලක් වෙත ගොස් රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීයා ලෙස පෙනී සිටිමින් එම වෙළෙඳ සැලෙන් මුදල් ඉල්ලා සිටින අවස්ථාවේදී වෙළෙඳසැල් සේවකයන් විසින් ඔහු අල්ලාගෙන පොලිස් නිලධාරීන් වෙත භාරදී ඇත. සැකකරු අද (20) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකහමාරක පමණ මුදලක් වංචා කළ කොරියානු ජාතිකයෙකු නීතියේ රැහනට හසුකරදීමට හැකිවුණි. කොරියාවේ රැකියා සිහිනය ඉටු කරගැනීම සඳහා මෙරට තුළ තරුණයින් විශාල වශයෙන් උත්සාහ කරන්නේ ඉහළ වැටුපක් ලබාගැනීමේ අරමුණින්ය. එවන් පසුබිමක කොට්ටාවේ සිටින කොරියානු ජාතිකයෙකු විසින් මෙරට තරුණයින් රවටා මුදල් ගරන ජවාරමක් ක්‍රියාත්මක කරන බවට තොරතුරු අනාවරණ වුණි. ඔහු රුපියල් ලක්ෂ 5ක අත්තිකාරමක් පළමුව ලබාගන්නා බව වැඩිදුරටත් සිදුකළ සොයාබැලීමේදී හෙළිවුණි. ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සම්බන්ධ කරගනිමින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය මෙහෙයුමක් ආරම්භ කළේ සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහාය. ඒ අනුව අප සැකකාර කොරියානුවා පදිංචි කොට්ටාව ප්‍රදේශයේ ඔහුගේ නිවස වෙත පිවිසුණි. එහිදී…

Read More

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර තරගය අද (19) පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබෙනවා. එමෙන් ම අද තරඟාවලියේ දී ශ්‍රී ලංකා පිළේ වේගවත්ම පන්දු යවන්වා වන ශුෂ්මන්ත චමීර විවේක ගන්නා බවයි වාර්තා වන්නේ.ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා – එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබෙනවා.

Read More