Author: LANKA24X7

ඉන්දියාවේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් මේ වනවිට පැවැත්වෙයි. නව දිල්ලි නුවරදී එම හමුව සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

Read More

අල්ලස් ලබාගැනීමේ චෝදනා මත මරදාන පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. දඹදෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අදාළ උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. කුලියාපිටිය දිසා අධිකරණයේ රිය අනතුරක් සම්බන්ධයෙන් වන්දි ඉල්ලා පවරා ඇති නඩුවට සාක්ෂි ලබාදීම සඳහා ලබාගත හැකි ගමන් වියදම් මුදල වන රුපියල් 2000ක මුදලට අමතරව පැමිණිලිකරුට වාසි සහගත වන ආකාරයෙන් අධිකරණයේ දී සාක්ෂි ලබාදීම සඳහා එම පොලිස් නිලධාරියා විසින් රුපියල් 10,000ක මුදලක් ඉල්ලා තිබූ බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනුව එම අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට…

Read More

ලබන මාසයේදී ඉන්ධන කෝටාව ඉහළ දමන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත. ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ඉදිරි මාස 06 සඳහා ඉන්ධන ප්‍රවාහන සැලසුම, සැපයීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ඇගයීමක් සිදුකිරීමේ අනතුරුව ඉදිරි මාසයේදී ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දමනු ඇති.

Read More

මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ පැමිණීම සියයට 40ක් ලෙස සලකා බැලීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. රටේ පැවති වාතාවරණය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගත් බව ඔහු පවසයි. “2023/7/17 ලිපිය අනුව සියයට 80ක පැමිණීමේ ප්‍රතිශතයක් තියෙන්න ඕනේ පාසල් අයදුම්කරුවෙක් ලෙස පාසලෙන් අයදුම් කරන්න. නමුත් 2020 – 2021 වර්ෂ දෙකේදී බලපාපු කොවිඩ් -19 තත්ත්වය නිසා, ඉන්පසු පසුගිය වර්ෂයේ දී ඇති වු නොසන්සුන්තාවය නිසා සමහර පාසල් දරුවන්ට නියමිත ආකාරයෙන් පාසල් යන්න නොහැකි වුණා. ඒ නිසා මේ කරුණු සලකා බලා නැවත අපි ලිපියක් නිකුත් කළා සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ විදුහල්පතිවරුන්ට මෙවර අපොස උසස් පෙළ…

Read More

හෝමාගම අධිකරණ භූමියේරාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට මරණ තර්ජනය කල පුද්ගලයෙකු හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන දොරටුව අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා එහි පැමිණි පුද්ගලයෙකුට ජංගම දුරකථනය අධිකරණය තුළට රැගෙන යාමට නොහැකි බව පැවසීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන මරණ තර්ජන එල්ල කර ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුගේ මුදල් පසුම්බියේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් හතළිහක් ද සොයාගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු සමඟ තවත් එක් අයෙකු සිට ඇති අතර ඔහු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට හෝමාගම පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

Read More

කෑගල්ල රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 10 වැනිදා මෙම පුද්ගලයා කෑගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය. ඉන් අනතුරුව ඔහුට ප්‍රතිජීවක ඖෂධ 13ක් ලබා දී ඇති අතර 14 වන ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කළේය. දැනට මතභේදයට තුඩු දී ඇති ප්‍රතිජීවක ඖෂධය මොහුට ද ලබා දී ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කළේය. කෙසේවෙතත් එදින ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් 19 වන රෝගියා මොහු බව ද වාර්තා වේ. අදාළ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පැවතීම…

Read More

වසර ගණනාවක් පුරා වතුකම්කරුවන් ලෙස හඳුන්වන උඩරට වැඩ කරන ප්‍රජාව මෙරටට විදේශ විනිමය ගෙන ඒමට විශාල වැඩකොටසක් ඉටු කළත් ඔවුන් සිටින්නේ අඩු පහසුකම් යටතේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. නිසි පරිදි ප්‍රවාහන පහසුකම් නොමැති හෙයින් පාසල් වෙත ළඟා වීමට විශාල වෙහෙසක් දැරිමට සිදුවන බවත් ඊට අමතරව අඩු සෞඛ්‍ය පහසුකම් යටතේ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් ඔවුන් දුගී භාවයෙන් මුදා ගැනීමටත් රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය. වතු කම්කරුවන් එම නාමයෙන් හඳුන්වනවාට වඩා උඩරට වැඩ කරන ප්‍රජාව ලෙස හැඳින්වීම වඩාත් සුදුසු බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

Read More

“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. අඩු ආදායම්ලාභී ජනතාව නඟාසිටුවීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය තීන්දු ප්‍රමාදයකින් තොරව ගත යුතු බව පැවසූ රත්නායක මහතා එම ප්‍රතිපත්තිමය තීන්දු නිසි ලෙස නොගැනීම හේතුවෙන් පසුගිය කාලයේ ආර්ථික ගැටලු රැසකට රටට මුහුණ දීමට සිදු වු බව කීය. සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ මෙතෙක් ප්‍රගතිය මෙහිදී සමාලෝචනයට…

Read More

ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල ද අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 158,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 171,000 ක් දක්වා ද, මිල ඊ දිනයේ ඉහළ ගොස් තිබූ බවත් පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 155,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 168,000 ක පැවැති බවත් කොළඹ හෙට්ටිවීදියේ රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

Read More

ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් යළි රැකියාගත කිරීම සඳහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කර ඇත. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අදාල කමිටුව පත් කිරීමට පියවර ගැනිණි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ක්‍රියාකාරී කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායිතා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරු කටයුතු කරති.

Read More