Author: LANKA24X7

පාර්ලිමේන්තු කල් දමා විකාර වැඩ කරන ආණ්ඩු තුන් ලෝකෙම නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව වෙන වෙන න්‍යාය පත්‍ර මත කටයුතු කරමින් රට ආගාධයට ගෙන යමින් සිටින බව පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුව දැන්වත් මේ විකාර වැඩ නතර කළ යුතු බවද සඳහන් කළේය. මැතිවරණය සඳහා අපි සූදානම් යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

Read More

නිදහසට කරුණු ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවූ ලිපියට පිලිතුරු ලිපියක් යැවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. සියලු දෙනාගේ අත්සනින් යුතුව එම ලිපියේ යැවූ බවද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය දැනටමත් තීරණය කර ඇත.

Read More

ජනතාවගේ බලාපොරොත්තු නැවත ඉහලට යන අවස්ථාවේදී පළාත් පාලන ආයතන සභිකයන් 8000කට වැටුප් ගෙවන තත්ත්වයක් විපක්ෂය අපේක්ෂා කරන්නේ නම්, එයින් රට නැවතත් ආර්ථික අගාධයකට ඇද වැටී සංචාරක කර්මාන්තයට ද හානියක් විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. එපමණක් නොව ඉදිරියේදී වාහන වල ලීසිං හා බැංකු ණය ගෙවාගන්න බැරිව ඉන්න අයටත් අපහසු කාල පරිච්ඡේදයක් ඇතිවිය හැකි බව කී අබෙිවර්ධන මහතා ඒ කිසි දෙයක් ගැන අවධානය යොමු නොකොට, මැතිවරණයක් වෙනුවෙන් පමණක් විපක්ෂය පෙනී සිටිනවානම්, මහජනතාව ඒ ගැන හොඳ අවධානයෙන් සිටිය යුතු බව පැවසීය. මැතිවරණය වෙනුවෙන් පමණක් බිලියන 20ක් පමණ වියදම් කරන්න වෙන අතර එයින් තේරී පත්වෙන සභිකයන්…

Read More

රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය මත නිකුත් කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරු සඳහා පමණක් ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ලබන මාර්තු මස 29 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. වයස අවුරුදු 60 දී තමන්ව විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනුකළ රිට් පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය ලබාදුන්නා. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා. පෙත්සම කැදවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළ…

Read More

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත් කැඳවීම අද සිට සිදු කෙරෙනවා. එය ලබන 28 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව සියලුම පාසැල් අයදුම්කරුවන් තම පාසැලේ විදුහල්පතිවරයා මඟින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eis මඟින්ද නිල ජංගම දුරකතන යෙදුමක් වන Exams SRILANKA වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරදි අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි. අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව…

Read More

ජර්මන් ජාතික සංචාරක නියෝජිතයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. මෙරට දින 07 ක අධ්‍යයන චාරිකාවක් සඳහා එම පිරිස අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තාවේ. ඔවුන් මෙම කාලසීමාව තුළ හබරණ, දඹුල්ල, මහනුවර, නුවරඑළිය, බෙන්තොට සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි. මෙම සංචාරක නියෝජිතයන් පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ඇතුලු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බව වාර්තාවේ.

Read More

තලංගම පොලීසියට ලද පැමිණිලි 03 ක් මත විමර්ශන ආරම්භ කර තිබෙන අතර ඊයේ (31) තලංගම පොලිස් ස්ථානය මඟින් විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා ජාතික හැඳුනුම්පත් හා ලිපිද්‍රව්‍ය ලබාගෙන මුදල් වංචාව සිදුකර ඇත. සැකකරු සන්තකයේ තිබී පැමිණිකරුවන් දෙදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ද සොයා ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 හා 65 යන වයස්වල මාලඹේ සහ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

Read More

බංග්ලාදේශ එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වල ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක චන්දික හතුරුසිංහ නැවතත් තේරී පත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. හතුරුසිංහ 2014 සිට 2017 දක්වා ද එරට ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළේය. පසුව හතුරුසිංහ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සහායක පුහුණුකරු ලෙස එක්විය. ඔහු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් බලධාරීන් පැවසුවේ හතුරුසිංහ එම තනතුරෙන් ඉවත්වූ බවය. බංග්ලාදේශ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ රසල් ඩොමින්ගෝ පසුගියදා ඉල්ලා අස්විය.

Read More

මානිප්පායි පොලිස් වසමේ උඩුවිල් ප්‍රදේශයේ ලොරි රථ රියදුරෙක් බියගන්වා ලොරි රථය පැහැරගෙන ගොස් තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ලොරිය නවතා දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිටිය දී යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙක් රියදුරුව බියගන්වා ඇති බවය. පසුව ලොරිය කොල්ල කා ඔවුන් පළා ගොස් ඇත. මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් මත මානිප්පායි පොලිස් ස්ථානය විසින් කොල්ලකන ලද ලොරිය සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අවුරුදු 33ක් වන ආනකෝට්ට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (01) මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කර ඊයේ (31) ට වසර 3ක් සැපිරුණි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසන්නේ කොවිඩ් වසංගතය සංක්‍රාන්ති සමයකට පැමිණ ඇති නමුත් තවමත් එහි අවදානම පහව ගොස් නොමැති බවය. කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බලපැවැත්වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ. මේ අනුව උපරිම සෞඛ්‍ය අවදානම් අනතුරු ඇඟවීම් තවදුරටත් පවත්වාගත යුතු බව එම සංවිධානය වැඩිදුරටත් දන්වා තිබුණි. ගෝලීය වසංගතය මේ වනවිට සංක්‍රාන්ති සමයකට එළඹ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණි. කෙසේ නමුත් ඉන් තවදුරටත් ඇතිවිය හැකි බලපෑම සීමාකිරීම සඳහා වසංගතය වඩාත් සැලකිල්ලෙන් කළමනාකරණය කරගත යුතු බවත් ඔවුන්…

Read More