Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක නිවසේ නාන කාමරය තුළ ඇද වැටී බරපතල තුවාල මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක වූ මහනුවර හන්දෙස්ස ප්‍රදේශයේ පදිංචි එච්.එම්.එල්.ඩී. ජයතිලක නැමැති 24 හැවිරිදි තරුණියකි. ඇය එම විශ්ව විද්‍යාලයෙන් නිවාඩු ලබා දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත විභාගයක් සඳහා පාඩම් කරමින් සිටියදී එම අනතුරට මුහුණ දී තිබේ. නාන කාමරයේ ඇද වැටීමෙන් ඇයගේ හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මිය ගොස් ඇති අතර…
ශ්‍රී ලාංකීය ආර්ථික දුෂ්කරතා ඇති ජනතාවට බෙදාදීමට ඉන්දීය ව්‍යාපාරිකයෙක් නොමිලයේ යොමුකළ සහල් මෙටි්‍රක්ටොන් 130 ක් හෙවත් කිලෝග්‍රෑම් 130,000 ක කන්ටේනර් 5 ක් මාස තුනකට අධික කාලයක් කොළඹ වරායේ රඳවා ගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සභාපති රුවන් අසුරමුණි මහතා පැවසීය. කීරි පොන්නි සම්බා මෙම සහල් තොගය අදාල ව්‍යාපාරිකයා නැව් ගාස්තු ද දරා මෙරටට යොමු කළ බවත් එම සහල් කිලෝවකට රුපියල් 65 බැගින් තීරු බදු ගෙවිය යුතු යැයි වෙළෙඳ අමාත්‍යංශය දැනුම්දී ඇති බවත් ඒ මහතා කීය. කොළඹ වරායේ රදවාගෙන තිබෙන නොමිලයේ ලැබුණු මෙම සහල් කිලෝග්‍රෑම් 130,000 ක ප්‍රමාණය විනාශවීමේ අවදානමකට ලක්ව තිබියදී ආණ්ඩුව ජනතාවට සහන දෙන්නේ යැයි අයවැය හරහා…
සීනිගම ප්‍රදේශයේ ෙසිදු කළ වැටලීමකදී රුපියල් කෝටි දහයක් පමණ වටිනා මත් කුඩු තොගයක් සමග කාන්තාවෙ සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි. මේ වැටලීමේදී සැකකාරිය සන්තකයේ තිබී මත් කුඩු කිලෝග්රෑම් හයක් පමණ අත් අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි. මේ ආකාරයට පසුගිය (8) දවල් රුපියල් කෝටි පහක් පමණ වටිනා මත් කුඩු තොගයක් සමග ධීවරයන් තිදෙනකු සීනිගමදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගත් බවත් ඔවුන් සන්තකයේ තිබූ මත් කුඩු කිලෝග්රෑම් තුනක් අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි. මීටියාගොඩ පොලීසිය විසින් ඊයේ (9)අත් අඩංගුවට ගැනුනු මේ මත් කුඩු තොගය පසුගිය (8)පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි ඌව, දකුණු, සරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තවකාලිකා තද සුළං ද ඇති වේ.
සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියට ඉදිරි වසර තුන සදහා අධ්‍යක්ෂ (පාලක) මණ්ඩලය තෝරා පත්කර ගැනීමේ ප්‍රාදේශික කාරක සභා නිළවරණයේ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමගි ජනබල වේගය පුමුඛ ඒකාබද්ධ පොදු විපක්ෂය සමත්විය. කාරක සභා නිළවරණය ප්‍රාදේශීක 25 ක පැවැති අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මහා සභා නියෝජිතයෝ 85 දෙනෙක්ද ජාතික ජනබල වේගය නියෝජනය කරමින් මහා සභා නියෝජිතයෝ 15 දෙනෙක් ද තේරි පත්කර ගනු ලැබ සිටිති. සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියට ප්‍රාදේශීක කාරක සභා 31ක් ඇති අතර එයින් පුවක්ගහහේන,රොටුඹ උතුරු,දෙන්කන්දලිය,සේරුගහහේන,කොබෝමෑල්ල සහ ගල්බොක්ක යන ප්‍රාදේශික කාරක සභා ජාතික ජනබල වේගය නියෝජනය කළ කණ්ඩායමට නිතරගයෙන්ම හිමිව තිබුණි.
රත්තොට වෙිරගම ඉකිරියගොල්ල විහාර මාවත වතුයායේ දි මිය යන්නට ඇතැයි සැලකෙන වන අලියකුගේ සිරුරක් හමුවූ බව රත්තොට පොලිසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක් පමණ වන අලියකු බවත් එම වන අලියා ප්‍රදේශයේ බව භෝග හා දේපලවලට හානි හානි කරමින් දින ගණනාවක් සැරිසරා ඇති බවට පොලිසියට කරුණු අනාවරණය වී ඇත. වන අලියකු මරණයට පත්ව ඇති බවට රත්තොට පොලිසියට ලද තොරතුරුකට අනුව වනජීවී කාර්යාලය වෙත දැනුම් දීමෙන් අනතුරුව වනජිවි නිලධාරින් හා ගිරිතලේ පශු වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් පැමිණ අලියාගේ මරණය පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.
අධිකරණ සේවයේ මහේස්ත්‍රාත් තනතුර සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් සංශෝධනය කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. අධිකරණ සේවයේ දෙවන පංතියේ පළමු ශ්‍රේණීයේ මහේස්ත්‍රාත් තනතුර සඳහා වන සුදුසුකම් මෙලෙස සංශෝධනය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ තනතුර සඳහා සපුරාලිය යුතු සුදුසුකම් 4ක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. වසර 03කට නොඅඩු කාලයක් ක්‍රියාකාරී වෘත්තියේ යෙදී සිටින හෝ යෙදී සිටි නීතීඥවරයෙකු වීම, නීතීඥවරයෙකු වශයෙන් දිවුරුම් දී වසර 3කට නොඅඩු සේවා කාලයක් ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ, නීති පර්යේෂණ නිලධරයෙකු ලෙස සේවය කර ඇති නීතීඥවරයෙකු වීම අදාළ සුදුසුකම් වේ. ඊට අමතරව යම් අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් රජයේ…
අම්බලන්ගොඩ පරණ පාරේ වෙළඳ සංකීර්ණයක අද(9)ඇතිවූ හදිසි ගින්නකින් කඩකාමර හතරක් මුලුමනින්ම විනාශවී ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. අම්බලන්ගොඩ නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණයක විදුලි උපාංග අලෙවිහලක ඇතුලු කඩ කාමර හතරක් මෙම ගින්නෙන් දැවී ගියේය. අම්බලන්ගොඩ නගර සභාව සහ ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කළේය.
මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාව සහ එහි ධීවරයින් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා මෙරට ආරක්ෂක අංශවල විශේෂ කණ්ඩායමක් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ නාවික හමුදාවට අයත් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ විසින් ලබාදුන් බුද්ධි තොරතුරුවලට අනුව මාලදිවයින් ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු ධීවර යාත්‍රාවක් සහ ධීවරයින් හය දෙනෙකු සිය භාරයට ගෙන තිබුණි. අදාළ යාත්‍රාව මේ වන විට මාලදිවයින වෙත රැගෙන එමින් ඇති බව සඳහන් වේ. ඒ අනුව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය…
කොළඹ ප්‍රධාන ඇළ මාර්ගවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය රඳවා ගැනීම සඳහා “Plastic Loop” යෙදීමේ වැඩසටහනක් අරඹා තිබේ. “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙයි. නාගරික ප්‍රදේශවල ජලාපවහන සහ ඇළ මාර්ග පද්ධති හරහා ගංගා වලට සහ පසුව සාගර වලට ප්ලාස්ටික් කාන්දු වීම ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති අතර කොළඹ කලාපයේ ප්‍රධාන ඇල්මාර්ග පද්ධති 14ක ජාලය සහ අන්තර් සම්බන්ධිත ජල මාර්ග, අධික වර්ෂාපතනය අතරතුර අවහිර වීමට ප්‍රධානතම හේතුව ප්ලාස්ටික් එම ඇළ මාර්ග වෙත මුදා හැරීම බව හඳුනාගෙන තිබේ. ඊට විසැඳුමක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම අවස්ථාට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය…
