Author: LANKA24X7

බොරලැස්ගමුව මාලනීබුලත් සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කළ වෙඩික්කරු නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. අත්අඩංගුවට ගන්නා විට සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් 20550 ක් සන්තකයේ තිබූ බව පොලිසිය කියයි. ඉකුත් 24 වෙනිදින සිදුකළ එම වෙඩි 25 හැවිරිදි තරුණයකු මරුමුවට පත් වී තවත් පුද්ගලයකු තුවාල ලැබීය. සැකකරු කොළඹ ගින්තුපිටිය වී ගිය ප්‍රදේශයේපදිංචි පුද්ගලයෙකි.

Read More

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ධාවනයෙන් ඉවත් කළ අබලි වාහන 60ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා රුපියල් දොලොස් කෝටි අටලක්ෂ හැත්තෑහත්දහසක මුදලක් (රු120,877,000) රජයේ අදායමට බැර කළ බව සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි. මෙම අබලි වාහන 60න් වාහන 53ක් සාමාන්‍ය වාහන ලෙසත්, වාහන 7ක් අබලි වාහන ලෙසත්, වෙන්දේසි කරන ලද බව අමාත්‍යාංශය පවසයි. වෙන්දේසි කළ වාහන අතර අබලි මෝටර් රථ, අබලි ත්‍රිරෝද රථ සහ අබලි යතුරුපැදි ද වූ බව සඳහන් වේ. ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයේ කොම්ප්ට්‍රොලර් ජනරාල්ගේ අනුමැතිය ලද වහාම ධාරිතාවය 1800 CC ට වැඩි පෙට්‍රල් වාහන සහ 2300 CC ට වැඩි ඩීසල් වාහන (ධාවන තත්වයේ) 18 ක්ද ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කිරීමට නියමිත…

Read More

ආර්ථික අගාධයේ අන්තයටම වැටී විසාලා මහනුවරක් වී තිබූ රට බාරගෙන මිනිසුන්ගේ ගින්දර නිවනු ලැබුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රඥා මහිමය බව අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥානතිලක නා හිමියෝ පැවැසූහ. ඥානතිලක නාහිමියන් මේ බව කීවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පැතීම වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමේ පැවති පුණ්‍ය කර්ම අවස්ථාවකට සහභාගී වෙමිනි. අනුරාධපුර ප්‍රදේශවාසීහූද ඊයේ (25) අළුයම මෙම පින්කමට සහභාගී වූ අතර රුවන්වැලි සෑ සුගන්ධ කුටියේ කුටියේදී පූජා පින්කමක් ද පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී හිමියෝ මෙසේද කීහ. රනිල් වික්‍රමසිංහ කියන්නේ ශාසනයටත් රටටත් මහ මෙහෙවරක් කරපු කෙනෙක්.අනාගත පරපුර වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් .ජාතියේ මිනිසුන්ට මෙවරක් කළ කෙනෙක්.ඒ…

Read More

ජනප්‍රිය රැප් ගායන ශිල්පියෙකු ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. එම සැකකරු සමඟ ව්‍යාජ පිස්තෝලයක් , අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 20 ක් හා හෑෂ් ගෑම් 35 ක් පොලිස් භාරයට ගෙන ඇත. හය දෙනෙකුගෙන් පිරිසක් කුඩා වීදුරු ටීපෝවක් මත මත්ද්‍රව්‍යය සහ පිස්තෝලයක්ද තබාගෙන රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය පානය කරමින් මත් ගතියෙන් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මුහුණු පොත ඔස්සේ සංසරණය විම සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ අවධානය යොමු වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී එම වීඩියෝවේ සැකකාර ගායකයාද රැඳී සිටින බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි. මේ අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ඔහු පදිංචි හෝමාගම මවුන්ට් ක්ලිෆඩ් නිවාස…

Read More

සාමාජ ක්‍රියාකාරියකු වන සුදත්ත තිලකසිරි නැමැත්තාගේ ආරක්ෂාව සදහා ලබාදී තිබූ ආරක්ෂක නිලධාරින් දෙදෙනා ඉවත් කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. එම පුද්ගලයා විසින් තමාට විවිධ පුද්ගලයන්ගෙන් තර්ජන තිබෙන බවත් ඒ අනුව පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස කර තිබූ ඉල්ලීමට අනුව ආරක්ෂාව සපයා තිබූණි. කෙසේ වෙතත් බුද්ධි අංශ වාර්තාවලට අනුව ඔහුට මේවන විට කිසිදු තර්ජනයක් නොමැතිබවට තහවුරු කිරීම හේතුවෙන් මෙසේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව එම උසස් නිලධාරියා පැවැසීය.

Read More

දූෂණ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම වී සිටින උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අය විසින් ගොනුකර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ඇප ඇයැදුම්පත සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම ඇප ඉල්ලීම අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. මෙහිදී විත්තියේ නීතිඥවරු විසින් වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත ලේඛන කිහිපයක් විවෘත අධිකරණයේ භාර දී ඇත. ඉන් අනතුරුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස…

Read More

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත වියයුතු බවටත් තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද (25) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ. ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය. රජය වෙනුවෙන් සොලිසිටර් ජෙනරාල් විරාජ්…

Read More

2022 දී ජාතිය ආර්ථික හා දේශපාලන ව්‍යසනයක අගාධයට ළඟා වූ විට ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා රනිල් බව එල්.ටී.ටී. යුද සමයේ ජිනීවා සාම නියෝජිත ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එරික් සෝල්හයිම් මහතාගේ එක්ස් පණිවිඩයේ මෙසේද සඳහන් වේ. “කරුණාකර රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන්න! ශ්‍රී ලංකාව, දකුණු ආසියාව සහ ලොව පුරා සිටින බොහෝ නායකයින් සමඟ මමද එක් වෙමි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමි. රඳවා තබා ගැනීමේදී ඔහුගේ සෞඛ්‍යය ගැන අපි සැවොම සැලකිලිමත් වෙමු. 2022 දී ජාතිය ආර්ථික හා දේශපාලන ව්‍යසනයක අගාධයට ළඟා වූ විට ශ්‍රී ලංකාව බේරා…

Read More

ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය හා සංගීත ප්‍රසංග මාර්ග බාධක රාජකාරියේ බීමතින් රාජකාරි කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව කොටුව පොලිසිය පවසයි. මෙම කොස්තාපල්වරයා ඊයේ (24) සවස 6.00 සිට අලුයම 6.00 දක්වා එම සැණකෙළිය රාජකාරි සඳහා යොදවා සිටි බව පොලිසියය කියයි. එහිදී එම නිලධාරියා බීමතින් රාජකාවේ කරන බවට ලද තොරතුරක් මත එම නිලධාරියා අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බීමතින් සිට ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇති බව පොලිසිය කියයි. ඒ අනුව එම නිලධාරියා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව කොටුව පොලිසිය පවසයි.

Read More

රාජ්‍ය සතු මුදල් හෝ සම්පත් කිසිම කෙනෙකුට අවභාවිතා කළ නොහැකිය යන නීතිය රටේ ජනාධිපතිවරයා, මැති ඇමතිවරු සිවිල් ජනතාව යන සියලු දෙනාටම එකම ආකාරයෙන් බල පවත්වන බව ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (24)පැවසීය. නීතිය කියන මකුළු දැලේ පොඩි සත්තු පැටලුණත් ලොකු සත්තු ඒක කඩාගෙන යන බවට මතයක් පැවැති බව කී කුමරප්පෙරුම මහතා අද වන විට සෑම කෙනකුටම නීතිය එක හා සමාන ලෙස ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය. ජාතික ජන බලවේගයේ නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැලවත්ත ජවිපෙ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් කුමරප්පෙරුම මහතා මෙසේද කීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ධුරය දැරූ කාලය තුළ විදේශ සංචාර 23ක්…

Read More