Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අනාගත සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මාතලේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. සමගි ජන බලවේගයේ නව මැතිවරණ ප්‍රචාරක ලේකම් ලෙස පත්කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ද ප්‍රථම වරට මෙම ජන රැළියට එක් වුණි.
ජනතාව මත විශාල බදු බරක් පටවා ඇති රජය, මහා පරිමාණයෙන් බැංකු හරහා ණය ලබාගත් පුද්ගලයින්ගෙන් බොල් ණය ලෙස රුපියල් බිලියන 1,200ක් කපා හැරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (02) අනාවරණයක් සිදු කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආදායම් සඟවාගෙන විශාල වශයෙන් ඉපැයීම් සිදුකරන ක්ෂේත්‍ර කිහිපයක්ම තිබෙන බවය. “මූල්‍ය වෙළෙඳපොලේ නියාමනයට, බැංකු සේවා සහ මූල්‍ය සේවාවලට හසු නොවන 44%ක ගනුදෙනුවක් මේ රට ඇතුළේ වෙනවා. උපකාරක සේවා සුළු ගුරුවරු පිරිසක් ඉන්නවා. බිලියන ගණනින් හම්බකරන. ඒවා කොහෙවත් වාර්තා වෙන්නේ නැහැ.” “මේ රටේ වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු සුළු පිරිසක් ඉන්නවා අති විශාල විදියට උපයනවා. හැබැයි ඒ විදියට ගෙවන්නේ නැහැ.…
2023 පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසම පවසන්නේ පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙනු ඇති.
දිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත්ව දිවයිනෙන් ඉවතට ගමන්කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දිනයේ සිට දිවයිනේ කාලගුණයට ඉන් එල්ලවන බලපෑම අඩුවනු ඇති බවට අපේක්ෂා කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර අද දිනයේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර දකුණු පළාතේ උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්. එසේම බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ…
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද දිනය නිමාවන විට ඒකක 9000 ඉක්මවා ගොස් තිබේ. අද දිනය තුළදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 72.37කින් ඉහළගොස් දිනය නිමාවනවිට දැක්වුණේ 9022.38ක් ලෙසය. එය 2022 වසරේ ඔක්තෝබර් 14 වනදාට පසුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 9000 ඉක්මවූ පළමු අවස්ථාව ලෙස සඳහන් වෙයි.
ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ඉඩම් අක්කර 108ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි නිදහස් කිරීමට තීරණය කර තිබේ. 75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව හෙට (03) දින එම කටයුතු සිදුකෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව, එම ඉඩම් පවුල් 197ක් අතර බෙදාදීමට නියමිතය.
කුරුණෑගල මහ නගර සභාවේ නව නගරාධිපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ පක්ෂයේ සුමේද අරුණ ශාන්ත මහතා තේරීපත්ව තිබේ. නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැති ඡන්දයෙන් ඡන්ද10ක් ලබාගනිමින් සුමේධ අරුණ ශාන්ත මහතා එම ධුරය සඳහා තේරී පත්විය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විජයානන්ද වෙඩිසිංහ මහතා ද එම ධුරයට තරග වැදුණු අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව ඔහුට ලබාගත හැකිවුයේ ඡන්ද 6ක් පමණය.
ඕනෑම ආණ්ඩුවක් දණ ගස්වන බලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපවෙන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි. අද (02) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කළේය. “සැලසුම් කරලා තිබ්බේ මාව මේහෙම නිදහස් කරන්න නෙමෙයි. හැකිනම් ඝාතනය කරන්න. මර්දනය ඉදිරියේ ජනතාව හිස නොනැමීම හමුවේ අපිව නිදහස් කරන්න සිදු වුණා. මාව අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ පොලීසියෙන්. පෑලියගොඩ පොලීසියට අරගෙන ගිහින් හංගලා වගේ තියා ගත්තා. පහුවදා උදේ පාන්දර රෙදිවලින් ඔතලා එඩේරමුල්ල පොලීසියට අරන් ගියා. ඒ පොලීසිය හිස් කරලා තිබ්බේ. විජේවීරට වුණු දේ උඹට මතකද ඇහුවා. මරණවා කියලා තර්ජනය කරලා. දිගින් දිගටම රඳවගෙන වධ දුන්නා. මානසිකවත් වධ දුන්නා.” “ඊට පස්සේ වාහනයක…
රාජ්‍ය වියදම් කප්පාදු කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින්. ඒ අනුව 2023 වර්ෂය සඳහා අයවැයෙන් වෙන් කර ඇති පුනරාවර්තන වියදම් සියයට 6කින් කපාහරින ලෙසටයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. මේ වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ දළ ආදායම රැස්කිරීම සම්බන්ධයෙන් උද්ගත වී ඇති දැඩි දුෂ්කරතා හේතුවෙන් ඇති විය හැකි අහිතකර ප්‍රතිවිපාක අවම කිරීම මෙහි අරමුණයි. ඒ අනුව රජයේ වියදම් වඩාත් අරපිරිමැසුම්දායි ලෙස භාවිත කිරීම හා…
75 වන නිදහස් සමරු උළෙල නිමිත්තෙන් දිවයින පුරා මත්පැන් හල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අනිද්දා (04) දිනයේ දිවයින පුරා සියලුම මත්පැන් හල් වසා තැබෙනු ඇති. එසේම ඊට පසුදින එනම් පෙබරවාරි මස 05 වනදාට යෙදෙන පුර පසළොස්වක පොහොය දිනය හේතුවෙන් එදිනද දිවයින පුරා මත්පැන් හල් වසා තැබෙනු ඇති. සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ සිකුරාදා (03) මත්පැන් හල් වැසිය යුතු වේලාවට එම වෙළෙඳසැල් වසා දැමීමෙන් අනතුරුව නැවත ඒවා විවෘත කළ යුත්තේ පෙබරවාරි මස 06 වන සඳුදා දින මත්පැන් හල් විවෘත කළයුතු වේලාවට බවය. ඒ අනුව එළඹෙන 04 සහ 05 යන දින දෙක පුරා දිවයින පුරා සියලු මත්පැන් හල් වසා…