Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
එතිහාසික මිහින්තලේ පුදබිමට ලබාදුන් ආරක්ෂාව ඉවත් කිරීම ජනවරමක් නොමැති වත්මන් අණ්ඩුව සිදුකළ ද්‍රෝහී ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය. එමගින් රටේ උත්තරීතර ව්‍යවස්ථාවෙන් පවා සනාථ කර අැති සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ, ප්‍රවර්ධනය කිරීමේ සහ සුරක්ෂා කිරීමේ වගකීම පවා උල්ලංඝනය කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (3) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව පැවසීය. එතිහාසික මිහින්තලේ පුදබිමේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක අංශ පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබීම පිළිබඳ කනගාටුව පළ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන්…
සාමුහික වැඩපිළිවෙළක් ඔස්සේ පොදු ගැටලුවලට විසඳුම් සෙවීමට එක්වන ලෙස දුෂ්කරතාවලට මුහුණදී සිටින සියලු රටවලින් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අප්‍රිකා රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දීය. බොට්ස්වානා, ඇල්ජීරියා, ඊජිප්තුව, ඉතියෝපියාව, කොට් දි අයිවරි, කෙන්යාව, ගැම්බියාව, ලිබියාව, ලෙසෝතෝ රාජ්‍ය, ඝානා, මාලි, මොසැම්බික්, මලාවි, මොරොක්කෝ, නයිජීරියා, රුවන්ඩා, සෙනගල් ජනරජය, දකුණු අප්‍රියාව, සීෂෙල්ස්, සුඩානය, සැම්බියාව, ටැන්සානියාව, ටියුනීසියාව යන රටවල් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට චීනය සහ නැගෙනහිර ආසියාවේ බලය වර්ධනය වෙමින් පවතින අතර මෙම සියවසේ…
75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව හමුදාව බාරයේ තිබු පලාලි අධි ආරක්ෂිත කලාපය තුල පිහිටි රාජ්‍ය නොවන ඉඩම් අක්කර 80.14 ක භූමි ප්‍රමාණයක ඉඩම් ඊයේ (3) එහි නීත්‍යාණුකූල හිමිකරුවන් වෙත බෙදාදුන් බව යුද හමුදාව පවසයි. පලාලි උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් අක්කර 12.14 ක්, පලාලි අධිආරක්ෂිත කලාපයේ තෙලිප්පලෛ ග්‍රාම නිලධාරී වසමේ පර්චස් 0.72, කන්කසන්තුරේ මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 50.59ක් සහ මයිලඩි උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් අක්කර 16.55 ක ප්‍රමාණයකට අදාල නීත්‍යානුකූල ලිපිලේඛන අද යාපනය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සංකේතාත්මතව ප්‍රදානය කළ බව හමුදාව පවසයි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ…
ඉන්දියාවේ මෙවර අයවැය පිළිබඳව සතුටු වන බව ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනය පවසා තිබේ. ඒ අදාළ අයවැය මගින් ඇෆ්ගනිස්තානයට වෙන්කර ඇති ආධාර පිළිබඳව අවධානය යොමු කරමිනි. ඒ තුළින් දෙරට අතර සබඳතා සහ විශ්වාසය තවදුරටත් ඉහළ නැංවීමට සහය වනු ඇති බවද ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනයේ ස්ථාවරය වී තිබේ. තලෙබාන් සංවිධානය මේ බව ප්‍රකාශ කළේ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් මෙවර අයවැය හරහා ඇෆ්ගනිස්තානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 25 ක සහන පැකේජයක් යෝජනා කර ඇති පසුබිමක් තුළය. තලෙබාන් පාලනය අවස්ථා කීපයකදීම ඇෆ්ගනිස්තානයේ ආයෝජන සඳහා ඉන්දියාවට ආරාධනා කර තිබුණි.
රී ලංකාව ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම වසර දෙකක් සඳහා අත්හිටුවීමට චීනය තීරණය කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිංග් විසින් ඒ බව පවසා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව චීනය විසින් 2022 සහ 2023 වසරවලදී ගෙවිය යුතු ණය වෙනුවෙන් දිගුවක් ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර ඇත. ඒ යටතේ අදාළ කාලය තුළ ශ්‍රී ලංකාව විසින් බැංකු ණය සඳහා ගෙවිය යුතු මූලික හා පොලී ගෙවීම අවශ්‍ය නොවන බව වාර්තා වෙයි. මේ අතර ශ්‍රී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර හිමියන්ගේ එකමුතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඊයේ (03) ලිපියක් යොමුකර තිබේ. එය, ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුකළ ශ්‍රී ලංකාව පිළිබඳ සහතිකයට සමාන ලිපියකි. එමගින්…
මෙවර ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් රජය දරන වියදම් ඇතුළත් වාර්තාවක් ලබාදෙන ලෙස සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිපදෙනෙකු විසින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කටයුතු කරමිනි. ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා, “ඊයේ දිනයේ මෙන්ම මේ වියදම් වාර්තාව ලබා ගත්තා. නිදහස් උත්සවයට වැසිකිළි සඳහා ලක්ෂ 142කට ආසන්න මුදලක් වියදම් කරනවා. ඒ වගේම විද්‍යුත් සන්නායක, ජනතාවට දීලා තියෙන දුකට හෙණ වදිනවාට.. මෙන්ම මේ නිලධාරීන්ට සහ පාලකයින්ට හෙණ වදිනවාට ලක්ෂ ගාණක් වියදම් කරනවා.”
උතුරු, උතුරු- මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මි. 50ක ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදය කාලයේදී ද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව එහි සාමාජිකයින් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී ඇති බව සඳහන් ය.
75 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට විරෝධය පළ කරමින් හෙට (04) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවලට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව 75 වන ජාතික නිදහස් සැමරුමට බාධා වන අයුරින් හෙට දිනයේ කිසිදු විරෝධතාවයක් නොපැවැත්විය යුතු අතර එවැන්නක් සඳහා ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලමින් මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ අධිකරණ නියෝගය නිකුත් කර තිබේ.
අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයා ගත් පැලවත්ත කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් මේවනවිටත් තොරතුරු රැසක් අනාවරණ වෙමින් තිබෙනවා. පරීක්ෂණ කණ්ඩායම් විසින් ඔහුගේ බව කියන මෝටර් රථයක් මීගමුවේ නිවසක ගරාජයක සඟවා තිබී සොයා ගෙන ඇති නමුත්, එය රැගෙන ආ බව කියන යුවළ මේ වන විට විදේශ ගතව ඇති බවයි අනාවරණ වී ඇත්තේ. මෙම මරණය ඉකුත් 30 රාත්‍රියේ දී සිදු වන්නට ඇති බවත්, සැක කරන යුවළ 31 වෙනි දින විදේශගතව ඇති බවටත් පොලීසිය පවසනවා. අදාළ ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියේ තිබූ ක්‍රෙඩිට් කාඩ්පත් 4ක් අතුරුදන්ව ඇති බවටයි මේවනවිට තොරතුරු වාර්තා වී ඇත්තේ. ඒවා භාවිත කර ගුවන් ටිකට් පත් 5ක් වෙන්කරගෙන ඇති බවද සඳහන්.…