Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ඇතුලු දෙදෙනකු ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසිය කියයි. 2022 පෙබරවාරි මස 27 දින උසස් අධ්‍යාපනය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත් වු විරෝධතාවක සම්බන්ධ නඩුවක අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේත.ුවෙන් නිකුත් කර තිබු වරෙන්තුවකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. එම වෙරෙන්තුවට අනුව කුරුදුවත්ත පොලිස්බල ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙම වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍රයට විදුහල්පතිවරයා සහ පන්තිභාර ගුරුවරිය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිත් තැවුලට පත්වූ පාසල් සිසුවියක් ඖෂධ අධිමාත්‍රාවක් පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබෙනවා. මහනුවර – පන්විල නාරම්පනාව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකුයි මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ. ඇය මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍රය අත්සන් කර ගැනීමට අවස්ථා කිහිපයකදී විදුහල්පතිවරයා සහ පන්තිභාර ගුරුවරිය හමුවීමට උත්සාහ කර ඇති අතර එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි ඇය සිත්තැවුලට පත්ව ඇත්තේ. පසුව සිසුවිය නිවස තුලදී ඖෂධ අධිමාත්‍රාවක් පානය කර ඇති අතර, ඒ වනවිට ඇගේ දෙමව්පියන් ද නිවසෙහි සිට ඇති බවටයි…
වේයන්ගොඩ මාරපොළ ප්‍රදේශයේ විශාල ගසක අඩි 100කට වඩා උසින් සාදන ලද අට්ටාලයක සිට ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය කුඩු ජාවාරමක් වටලා තිබේ. එහිදී හෙරොයින්, ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර හා ජංගම දුරකථන සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වේයන්ගොඩ මාරපොළ ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි. අට්ටාලය තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලි ග්‍රෑම් 400ක්, ජාතික හැඳුනුම්පත් 6ක්, විදෙස් ගමන් බලපත්ර 5ක් සහ ජංගම දුරකතන 8ක් ද පොලිස් භාරයට ගෙන ඇත. සැකකාරිය ඇයගේ නිවෙසට යාබඳව පිහිටි කැලෑබද ප්‍රදේශයක ඇති විශාල ගසක් උඩ, කිසිවකුටත් නොපෙනෙන අයුරින්, ලී කොටන් සහ ලෑලි යොදා සාදා ඇති අට්ටාලයක සිට කුඩු ජාවාරම පවත්වාගෙන ගොස් ඇති…
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි. ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරය කරනු ලබන්නේ ඉතිහාසයේ පළමු වරටය.
කැලෑ ප්‍රදේශවල සහ මාර්ග දෙපස සැරිසරන වන අලියන්ට ආහාර ලබා නොදෙන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ, එසේ ආහාර ලබා දෙන පුද්ගලයින්ට එරෙහිව වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. වන අලියන්ට ආහාර ලබාදීම හේතුවෙන්, එම සතුන් මාර්ගයට පැමිණීමට පුරුදු වී සිටීන අතර මාර්ගවල ගමන්ගන්නා වාහනවලට බාධා කරමින් වන අලින් ආහාර ලබාගැනීමේ සිදුවිම් පසුගිය කාලය තුළ වාර්තා වී තිබෙනවා
ප්‍රදේශ දෙකක සිදුවු මනුෂ්‍ය ඝාතනවලින් පිරිමි පුද්ගලයෙක් හා වයෝවෘධ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ, ඊයේ (26) අලුයම දේවාලේගම පොලිස් වසමේ බෝකොළමුල්ල ප්‍රදේශයේ දී පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. පහරදීමෙන් තුවාල ලැබු පුද්ගලයා කෑගල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 27ක් වු දේවාලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම ඝාතනය කලක පටන් පැවති ආරවුලක් හේතුවෙන් සිදුව ඇති අතර, මියගිය පුද්ගලයා ඊයේ අලුයම 3ට පමණ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත නිවසට එමින් සිටිය දී පහරදීම සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 41ක් වු බෝකොළමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර…
මේ වන විට රට තුළ පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහටන පවසයි. එහි අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ ඉෂානී ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ, ශ්‍රී ලංකාවේ දෙවැනියට වැඩියෙන් මරණ සිදුවන්නේ පිළිකා රෝගයෙන් බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ඉෂානී ප්‍රනාන්දු මහත්මිය එම අදහස් පළ කළාය. “ලංකාවේ පිළිකාව තමා දෙවැනියටම වැඩියෙන් මරණ සිදුවන රෝගය. රෙජිස්ටර් ජනරල් දෙපාර්තමේන්තුවට අනුව 2019 වර්ෂයේ 15,599ක් පුද්ගලයින් පිළිකාව නිසා මරණයට පත්වෙලා තියෙනවා. 2020 වර්ෂයේ අලුතින් 37,649ක් හඳුනාගෙන තියෙනවා. ඒ එක්කම කාලයත් එක්ක අපිට පේනවා පිළිකාවේ අති විශාල වර්ධනයක්. පිරිමින් අතර තියෙන ප්‍රධානම පිළිකාව තමා මුඛ පිළිකා. මගේ දැනුම හැටියට…
වැලිකන්ද සදුන්පිටිය ප්‍රදේශයේදී, කාන්තාවක් ඩී ඇලට වැටී දියේ ගිලී තිබෙනවා අදාළ කාන්තාව වැලිකන්ද රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ මිය ගිය තැනැත්තියගේ වයස අවුරුදු 35ක් වන අතර ඇය සදුන්පිටිය වැලිකන්ද ප්‍රදේශයේ පදංච්කාරියක්. පොලිසිය සදහන් කළේ මෘත ශරීරය වැලිකන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි. වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි. වැඩිහිටි, ආබාධිත, වකුගඩු යන නිර්ණායකයන් සඳහා ඒ ආකාරයෙන්ම ගෙවීම් ක්‍රියාත්මක කිරීමට සහ මතුව ඇති අනිකුත් ගැටලු වහා නිරාකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝවශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන ලේකම් රංජිත් අශෝක, අස්වැසුම සභාපති බී. විජේරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
