Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
උතුරු කළුතර වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් මළසිරුරු දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මවකගේ සහ දියණියකගේ බවට හදුනාගෙන තිබේ. ඊයේ (27) පස්වරුවේ උතුරු කළුතර වෙරළ තීරයේ තිබී දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබූ අතර, එම වෙරළ තීරයටම ගොඩගසා තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අද පෙරවරුවේ සොයාගෙන තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මියගිය දැරිය සහ කාන්තාව දොඩංගොඩ හල්කදවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි මවක් සහ ඇයගේ අවුරුදු 02ක් වූ දියණිය බවට හදුනාගත් බව පොලීසිය වාර්තා කරයි. ඔවුන් දෙදෙනා මීට දින දෙකකට පෙර නිවසින් බැහැරව ගොස් ඇති බවටද පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධියට අදාළව මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට…
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අද (28) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ප්‍රංශ ජනාධිපතිවරයා අද පස්වරුව වනවිට මෙරටට ළඟාවීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. සිය පැපුවා නිව්ගිනියා සංචාරය අතරතුර එමානුවෙල් මැක්‍රෝන් ජනාධිපතිවරයා මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබුණි. මෙම සංචාරය තුළදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී කලාපීය හා ගෝලීය අභියෝග පිළිබඳව අවධානය යොමුවනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකා සංචාරයක නිරත වන ඉතිහාසයේ පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි. මේ අතර ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂී මහතා ඇතුළු ජපාන රජයේ දූත පිරිසක් ද…
දන්ත වෛද්‍ය සේවය තුළ හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. ප්‍රතිකාර අවශ්‍ය ඖෂධ හා උපකරණ නොමැතිවීම හේතුවෙන් ජාතික දන්ත රෝහල ඇතුළු සමස්ත රෝහල් පද්ධතියේම දන්ත සායනවල ප්‍රතිකාර බිඳ වැටෙමින් පවතින බවට රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම්දී තිබුණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේ දන්ත වෛද්‍ය සේවය පවත්වාගෙන යාමට අවශ්‍ය ඖෂධ 270ක පමණ ලැයිස්තුවක් ඉදිරිපත්වී ඇති අතර ඒවා කඩිනමින් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවය. ඇතැම් පිරිස් හුවා දක්වන ආකාරයේ බරපතළ ඖෂධ හිඟයක් රට තුළ නොමැති…
මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී ව නිවාස අඩස්සියේ තැබීමට තීරණය කර තිබේ. 2021 පෙබරවාරි මාසයේදී මියන්මාර හමුදා නායකයින් සුකී ව බලයෙන් ඉවත්කර එරට පාලනය අල්ලා ගත්තේය. ඉන් අනතුරුව ඇයව රඳවාගෙන සිටි අතර ඉන් පසුව මෙලෙස නිවාස අඩස්සියට පත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික සමුළුව කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමට කරන වැඩපිළිවෙළක් මිස සැබෑ වුවමනාවෙන් ඉදිරිපත් කරනු ලබන සද්භාවයෙන් ක්‍රියාත්මක කරන්නක් නොවන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයාට මෙම ගැටළුවට විසඳුම් සෙවීමට අවංක අභිලාශයක් ඇත්නම් කළ යුත්තේ ආණ්ඩුව නියෝජනය කරන සියලු පාර්ශ්ව සමග එකඟ වූ යෝජනාවක් ඉදිරිපත් ඉදිරිපත් කිරීම බවත් රජයේ යෝජනා සහ ස්ථාවරය ප්‍රකාශ නොකොට විපක්ෂයේ අදහස් ඉල්ලා සිටීම නිරර්ථක වූවක් බවත් මහලේකම්වරයා සඳහන් කළේය. නිවේදනයක් නිකුත් කරමින් මහලේකම්වරයා මෙසේද සඳහන් කරයි. “මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා අත්‍යවශ්යර මූලික කරුණ වන්නේ මහජන ඡන්දයෙන් පත්වූ පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පළාත් සභා ප්‍රජාතන්ත්රේවාදීව…
ජනවාර්ගික ප්‍රශ්නයෙන් පීඩාවට පත් වූ සෑම ජන කොටසකටම සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමෙන් සත්‍ය සොයා යෑමට අවස්ථාව හිමි වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය. සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතු බවත් රජයේ වගකීම වන්නේ ඒ සඳහා පහසුකම් සැපයීම පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා පනත ස්ථාපිත කිරීමෙන් පසු කොමිසමට සම්පූර්ණයෙන් බලය පැවරෙන බවද සඳහන් කළේය. කොමිසමේ කටයුතු සාර්ථක කර ගැනීම අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර වශයෙන් දේශන මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, මේ වන විටත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අන්තර්කාලීන ලේකම් කාර්යාලය මගින් කොමිසමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමේ පදනම සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.…
විවිධ පාර්ශ්වයන්ට අවශ්‍ය පරිදි සමෘද්ධි සහනාධාරය විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. සමෘද්ධි වැඩසටහනේ ගැටලු ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමටත් විද්‍යාත්මකව දත්ත මත කේන්ද්‍රීයව මෙන්ම මනුෂ්‍යකම මූලික කර ගෙන එම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. ජුලි මාසයේ දි සමෘද්ධිය සහ අස්වැසුම ලබා දී නොමැති බවත් විපක්ෂ නායක කාර්යාලයේ දී පොදුජන සමෘද්ධි වෘත්තීය සංගමය සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය පත් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 අගෝස්තු 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම කර තිබේ. ඉදිරි තෙවසරක කාලයක් සඳහා මෙම පත් කිරීම කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2023/2024 වසර සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. වෙළෙඳපොළ වටිනාකම සහ කාර්ය සාධනය පදනම් කරගත් නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම, බුද්ධි ගලනය වැළැක්වීම සඳහා සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ගේ වැටුප් සංශෝධනය මෙන්ම වෛද්‍යවරුන්ට හිමි දීමනා සංශෝධනය පිළිබඳව මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත අදහස් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ වූ යෝජනාවලියක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතු කඩිනම් ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය. කෙටි කාලීන හා…
අවුරුදු තුනක් පමණ වයසැති දැරියකගේ මළසිරුරක් කළුතර උතුර වෙරළ තීරයට ගොඩගසා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි . මෙසේ ගොඩගසා ඇති මළසිරුරෙහි අනන්‍යතාවය මෙතෙක් තහවුරුව නොමැති බවද පොලිසිය කීය. කළුතර උතුර ප්‍රදේශයේ ධීවර කටයුතු වල යෙදී සිටී ධීවරයකු සිරුර දියමත පාවෙන සිරුර දැක ඇතත්, ටෙඩි බෙයා හෝ විශාල බෝනික්කකු යැයි සිතා ගොඩගෙන නොමැති බවද ප්‍රදේශවාසින් පැවසීය. කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයේ ගල්වැටිය ආසන්නයට සිරුර ගොඩගසා තිබූ අතර උඩුකයට රෝස පැහැති ඇදුමක් සහ යටකය නිරුවස්ත්‍රව තිබූ බවද සදහන් වේ.
