Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වසරේ ගත වූ කාලය තුල ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 2307.02 ක් මෙරටට ලැබී ඇති බවයි. ගිය වසරට සාපේක්ෂව මේ වසරේදී විදේශ ශ්‍රමිකයන් එවනු ලබන මුදල් ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා.
එක් එක් මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් තෝරා පත් කිරීමට හිමිකම් ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් මැතිවරන කොමිෂන් සභාව ඊයේ (09) රැස්වූ අවස්ථාවේදී තීරණයක් ගෙන තිබෙනවා. එහිදී තීරණය කරගත් එම සංඛ්‍යාව සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,
ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා ඇතුළු නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පවත්වා තිබෙනවා. ඒ, කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දීයි. එහි දී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණ බව සඳහන්. මෙරට ගොඩ නැගීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම නියෝජිත පිරිසගෙන් ඉල්ලීමක් කළේ. ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂවරුන් වන චෙන් චෙන් සහ ටකෆුමි කඩොනෝ මෙම සාකච්ඡාවට එක්ව සිටින බව සඳහන්. මෙරට ආර්ථිකය තුළ බිඳ වැටී ඇති ක්ෂේත්‍ර පිළිබඳව විපක්ෂ නායකවරයා එකින් එක පැහැදිලි කළ බවයි එම කාර්යාලය නිවේදනය…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට…
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අද (10) අලුයම සිම්බාබ්වේ දේශය බලා පිටත්ව ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 649 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා ගමන් ඇරඹූ අතර, එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිම්බාබ්වේ බලා ගමන් ගන්නා බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරිවරයා සඳහන් කළේ. මෙම තරගාවලියට එක්වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත කිරීම ඊයේ (09) දහවල් සිදු කර තිබුණා.
කොච්චිකඩේ පල්ලියට මුස්ලිම් ඇඳුමෙන් යන්න හැදූ පුද්ගලයෙක් පෙරේදා (08) වෙරළබඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා මාතලේ අගලවත්ත ප්‍රදේශයේ ස්ථීර පදිංචියක් සහ කොළඹ – මට්ටකුලිය ප්‍රදේශයේ තාවකාලික පදිංචිව සිටින 46 හැවිරිදි පුද්ගලයෙක්. මෙම පුද්ගලයා සතුව හැදුනුම්පත් දෙකක් තිබී ඇති අතර එක් හැදුනුම්පතක නම ඇන්ටන් ලෙසත් අනෙක් හැදුනුපතේ ඉමිතියාස් ලෙසත් සඳහන්ව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සැකකරු පොලිසිය සමඟ බහින්බස් වීමක්ද ඇති කර ගත් බවයි. පියා කිතුනු භක්තියෙකු බවත් පියාගේ වියෝවෙන් පසු මව වෙනත් කසාදයක් කර ගත් බවයි සැකකාර පුද්ගලයා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.
භාණ්ඩ කිහිපයකට ආනයන සීමා ඉවත්කර ඇති බව ආනයන අපනයන පාලක ජනරාල්වරයා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමා ඉවත්වනු ඇති. ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය 300කට අධික ආනයන සීමා ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ලිංගික ශ්‍රමිකයන් වශයෙන් කටයුතු කරමින් සිටියදී වවුනියාව නගරයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් හන්දෙනෙකුට සමාජ රෝග වැළදී ඇති බව වවුනියාව රෝහල් ආරංචි මර්ග සදහන් කරනවා. ඒ, අනුව එම කාන්තාවන් සමඟ ලිංගික සබදතා පැවැත්වුවන් සිටිනවානම් වහාම වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු වන ලෙසයි වවුනියාව සෞඛ්‍ය නිලධරින් දැනුම් දී සිටින්නේ. මෙහිදී අදාළ කාන්තාවන්ට ගොනොරියාව හා හපිස් වැනි සමාජ රෝග පවතින බව වෛද්‍ය පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.
ලබන පාසල් වාරය 12 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කර සිටිනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ,ළමුන්ට බෙදා දීම සඳහා මේ වනවිට පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල් වලට ලබා දී ඇති බවයි. නමුත් ඇණවුම් කළ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි ලැබී නොමැති පාසල්වලට ඒ පිළිබඳ ලබන 12 වැනිදායින් පසු දැනුම් දිය හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.
කළුතර ලැගුම්හලකදී 16 හැවිදිරි පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියේ එක් සැකකරුවෙකුට අද (09) ඇප හිමිවී තිබෙනවා. සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුගේ රියදුරාට එලෙස ඇප හිමිවී ඇති අතර අනෙක් 03 දෙනා ජුනි 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වාර්තා වන්නේ.
